fbpx
10.4 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ලතා! හෙළ ගී රැජිණ – සුධවල පෙණ කැටි-විසිරෙන්නේ ඇයි මැණිකේ..‍. | මනෝ වීරසේකර | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඒ ඔවුන්ගේ මධුසමයයි. 1958 අප්‍රේල් 7 වන දින දෙදෙනා නිහඬව ගලන දිය ඇල්ලක් ඇති උයනක් හරහා ගමන් කරති. ඔහු චිත්‍රපට පසුබිම් ගායකයෙකු ධර්මදාස වල්පොලය. ඔහු වයන මුදු සංගීතය වාතලය පුරවායයි. ඇය, තවමත් ඉගෙන ගනිමින් සිටි දක්ෂ ගායිකාවක් වන ලතාය. ඔහු හා එක්ව තබ්ලාව වාදනය කරන්නට ඇය උත්සාහ ගනියි. දිය ඇල්ලේ හඬ, කුරුලු කිචිබිචිය හා සැලෙන ගහ කොළවල සරසරයට එක්ව හින්දු රාගධාරී සංගීතට අනුව ගයන දෙදෙනාගේ කට අඬ එක්ව ඇසෙයි. ගීතය එතැන් සිට.

ළඟදී එළි දැක්වීමට නියමිත මනෝ වීරසේකරගේ ‘ලතා! හෙළ ගී රැජිණ’ චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීතය රචනය කළේ ප්‍රියානන්ද විජේසුන්දර ය. සංගීතය මිල්රෝයි ධර්මරත්නගෙන් ය. ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ අපූරු වචන සංකලනයට අසුවුණේ මේ අදහසය.

මේ දිය දහරේ සුදෝ සුදු පෙණ කැටි විසිරෙන්නේ ඇයි?
ඒවාට වඩා ලස්සන ඔබේ සිනහව මා ළඟ තියෙනවා.
මට හිරු කිරණේ උණුසුම කුමටද? ඔබගෙන් මට උණුසුම ලැබෙනවා.
මේ නීල නිම්නයේ තුරු මත විහඟුන්ගේ කිචිබිචිය ඇහෙනවා
කඳු මුදුන් සීතල වසා ගන්නට මිහිදුම් සළු පොරවාගෙන​.
හැදෑවේ සිතිජයේ මායිමේ අහස නේක වර්ණයෙන් ලස්සනවෙලා.
මට සිහිනයක් තියනවා. ඔබත් එක්ක ඔරුවක නැගිලා එතනට යන්න​.
අපේ ප්‍රේමචාරිකව යන්නට කුරුල්ලන්ගේ නාදය අපට පාර පෙන්වනවා.
අපි සතුටින් පියනගමු. දැන් මේ මුළු ලෝකයම අයිති අපි දෙන්නටයි.
අපගේ ආදර ලෝකයේ අපි කිරුළ දරා සිටිමු. අපි දෙදෙනා ඒ කිරුලේ දිස්නය දෙන නිල් මැණිකයි.

මනෝ වීරසේකර – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.