‘Toxic රැයක්’ යන තේමාව ඔස්සේ සාහිත්යය, ගීතය, සංගීතය සහ ජීවිත අත්දැකීම් එකම වේදිකාවක මුසුවුණු අපූරු සන්ධ්යාවන් දෙකක් පසුගිය මැයි මාසයේදී ඕක්ලන්ඩ් සහ වෙලිංටන් නගරවලදී ශ්රී ලංකන්ස් කණ්ඩායමට සංවිධානය කිරීමට හැකි විය. කලාත්මක රසවින්දනයකට පමණක් නොව, මිනිස් ජීවිතයේ ගැඹුරු අත්දැකීම් හුවමාරු වූ සංවාදශීලී හමුවක් බවට ද මෙම ප්රසංග පත්විය.
වෙලිංටන්හි මීට පෙරද සාහිත්යමය වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට අපට අවස්ථාව ලැබී තිබුණ ද ඕක්ලන්ඩ් ශ්රී ලංකන්ස් විසින් සංවිධානය කළ ප්රථම සාහිත්ය ප්රසංගය ලෙස ‘Toxic රැයක්’ සුවිශේෂීය. එම සන්ධ්යාවන් දෙකම අර්ථවත් හා රසවත් කිරීමට ප්රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතා, වර්තමානයේ පාඨක හදවත් දිනාගත් ලේඛක මොහාන් රාජ් මඩවල මහතා සහ ප්රවීණ රංගන ශිල්පී ශ්රීනාත් මද්දුමගේ මහතා සිය දායකත්වය ලබා දුන්හ. ඔවුන් සිය ජීවිතයේ අත්විඳීම්, නිර්මාණකරණයේ සතුට හා වේදනාව, කලාවේ සැඟවුණු මනුෂ්යත්වය ඉතා ආදරණීය ලෙස ප්රේක්ෂකාගාරය සමඟ බෙදාහදා ගත්හ.

මෙවරත් ප්රේක්ෂකාගාරය සහ සංවාද මණ්ඩපය යා කළේ පූරක වජිර ජයවර්ධනය. ඔහු සංවාද මෙහෙයවීම නිසා කලාකරුවන්ගේ මතක, අත්දැකීම් සහ නිර්මාණශීලී චින්තනය ප්රේක්ෂකයන් වෙත මනා ලෙස සමීප විය.
වෙලිංටන් ප්රසංගයේදී ලූෂන් බුලත්සිංහලයන්ගේ අතින් ලියැවුණු රමණීය ගීත කිහිපයකින් සන්ධ්යාව තවදුරටත් හැඩගැන්විණි. එම ගීත ගායනය සහ වාදනය දක්ෂයින් පිරිසක් එක්වූ අතර සංගීතය සංවාදයේම දිගුවක් බවට පත්වූයේ එහි සුන්දරත්වය තවත් ඉහළ නංවමිනි.
ඕක්ලන්ඩ් ප්රසංගය මොහාන් රාජ් මඩවල මහතාගේ කෘති පාදක කරගනිමින් දිගහැරුණු සාහිත්ය සංවාදයකින් අලංකාර විය. ඔහුගේ ලේඛන ලෝකය, චරිත හා ජීවිතය පිළිබඳ අදහස් ප්රේක්ෂකයන්ගේ උනන්දුව දිනාගත් අතර ඒ අතරට එක් කළ ගීත කිහිපයක් සන්ධ්යාවේ රසය තව තවත් ඔපවත් කළේය. ඒ සඳහා ද දක්ෂතා සපිරි පිරිසක් අප සමඟ එකතු විය.

ශබ්ද පරිපාලනය, ආලෝකකරණය, වේදිකා සැකසුම
මෙම ප්රසංගය සදහා ප්රධාන අනුග්රාහකත්වය Smart Advisor ආයතනය විසින් ලබාදුන් අතර, Harcourts සහ Sithari Car ද නිල අනුග්රාහකත්වය ලබා දුන්හ.
ඡායාරූපකරණය, ශබ්ද පරිපාලනය, ආලෝකකරණය, වේදිකා සැකසුම ආදී කටයුතුවලට සම්බන්ධ වුණු අපේ සහෘද පිරිසටද ශ්රී ලංකන්ස් අපේ ස්තුතිය.


මෙම ප්රසංගය සාර්ථක කරගන්නට ඕක්ලන්ඩ් සහ වෙලිංටන්හි වෙසෙන, ශ්රී ලංකන්ස් සමඟ ආදරණීය බැඳීමක් ඇති බොහෝ දෙනාගේ දායකත්ව ලැබුණි. කෙනෙකුගේ කාලය, තවත් කෙනෙකුගේ ශ්රමය, තවත් අයෙකුගේ අනුග්රහය සහ සියල්ලන්ගේම හදවතින් ලැබුණු සහයෝගය එකට එක්වූ ආදරණීය සැන්දෑවක් ලෙසින්, ‘Toxic රැයක්’ නිම විය.
දිමුතු විජේසූරිය- වෙලින්ටන්







