fbpx
14 C
New Zealand
Sunday, May 18, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

කුවේණි – නොපළ පුරාවත | සුරංග දසනායක | ඩනිඩීන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සත්වසක් සපිරුණු අත් පිටපත, කුවේණි නොපළ පුරාවත – බැලේ ඔපෙරාව  මෙලෙසින් පොතක් ලෙස එළිදුටු වගයි. මගේ පරිකල්පනයේ අන්තර්ගතය සැකෙවින් මෙසේය.

මීට වසර දෙදහස් පන්සීයකට පමණ ඉහත දඹදිව රජ කළ සිංහබාහු රජුගේ දෙටු පුත් විජය නම් විය. ඔහුගේ සල්ලාලකම් ඉවසාගත නොහැකිව ජනයා පැමිණිලි  කළ හෙයින් ඔහු සහ ඔහුගේ පිරිස අඩක් හිස මුඩුකොට රටින් පිටුවහල් කළ අතර ඔව්හු සිරිලක තම්බපන්නියට ගොඩබටහ. කපුකටිමින් සිටි කුවේණිය, අමනුෂ්‍ය යකිනිය විජයගේ පිරිස සඟවාගත් අතර විජය ඇය බියකොට තම පිරිස මුදාගෙන, එයින් නොනැවතී රාජ්‍ය බලය අල්ලා පසුව කුවේණිය දරුදෙදෙනෙකු ද සමග පන්නා දැමීය. රට ජාතිය පාවා දුන් හෙයින් කුවේණිය ඥාතීන් අතින් මැරුම් කෑ අතර ළමෝ වනගතව වැද්දන් වු බව ඉතිහාස වංශ කතාවල ඇති අප සැවොම අසා ඇති කතාවයි.

වසර පන්දහසකට ඉහත ලියවුණු රාමායනය ලෙසම ඉහත කතාව ද ස්වදේශික ජාතින් පහළට ඇද දමන, ගොතන ලද කතාවක් ලෙස විද්වතුන්  මත ඉදිරිපත් කළ අතර මෑතකාලීනව එම මත ප්‍රබලව ඉදිරිපත්වෙමින් පවතී. අප උගත් ඉතිහාසයට වඩා වෙනස් යමක් සිදුවී ඇත යන සැකය ඇතැමුන්ගේ සිත් සතන් තුළට කාවැද්දීමට එම මත සමත් වී ඇත.

මහා කුමන්ත්‍රණයකින් පසු රාවණ රජ යුගය අවසන් වු අතර ඒ ඉහත සඳහන් වු ලෙස, මින් වසර පන්දහසකට පමණ පෙරය. ඉන් පසු අපේ ඉතිහාසය ඇරඹෙනුයේ ඉහත  කතාවෙන් දැක්වෙන අයුරු විජය නම් රජකුගෙන් වන අතර තව දුරටත් දැක්වෙනුයේ  සිංහල ජාතිය එතැන් සිට පවත එන බවයි.

නමුදු විද්වතුන්ට අනුව එය වැරදි මතයක් වන අතර යක්ෂ/රාක්ෂ, දේව, නාග, ගන්ධබ්බ යන සිව් මහා ගෝත්‍ර වාසය කළ  භුමිය සිව් හෙළය වු බවත් පසුව එය සිංහලය වූ බවත් සඳහන්ය.

මෙම ගෝත්‍ර  අතුරින් සැමවිටම සිහසුන දරා රාජ්‍ය පාලනයේ යෙදී ඇත්තේ යක්ෂ ගෝත්‍රය වන අතර ඔවුන් අනෙක් බලවත් වූ ගෝත්‍ර වන දේව සහ නාග ගෝත්‍ර සමග ආවාහ විවාහ කටයුතුවලින් මිශ්‍රව, සුහදව වාසය කර ඇත.

එකල ලෝකයේ භූ ගෝලීය සිතියම දැනට බොහෝසෙයින් සමාන වූ අතර දේශපාලන සිතියම අදට හාත්පසින්ම වෙනස්ව තිබී ඇත. සිව් හෙළය ලෝකයේ බලවත් පාලන කේන්ද්‍රස්ථානයක් ව පැවතී ඇති අතර හෙළයෝ පෘතුවියෙන් පිටත සක්වල සමග සබඳකම් පැවැත් වූ ශුර, බලවත්, මනා දේහධාරී, මනරම් මනුෂ්‍ය කොට්ඨාසයක් වූහ. ඔව්න් අතරින් විශේෂිත වුවන් කාලය සහ අවකාශය ජයගෙන තිබුණා යයි ද සිතිය හැක.

විද්වතුන්ට අනුව රාවණ අධිරාජ්‍යයා සහ විජය අතර වසර දෙදහසකට අධික කාලයේ විභීෂණ, රාවණ, දැඩිමුණ්ඩ, වීරමුණ්ඩ, මුරුන්ඩ, දේශ, වර්ධන, ශක, සේකර , තිලක, නාථ, සිංහ, සූර්ය,වර්ණ සහ බම්බා ලෙස රජ පරපුර ගණනාවක් (15ක් පමණ) ලංකාව පාලනය කර ඇති අතර එහි රජවරුන් සංක්‍යාව 145 ක් පමණ ලෙස දැක්වෙයි. විද්වතුන්ට අනුව කුවේණිය බම්බා රජ පරපුරේ කුමරියකි. ඇය එම පරපුරේ තෙවන සහ අවසන් රජුගේ නැගෙණිය බව ද විජය ඇයගේ කුලී හමුදාවක නායකයෙකු බවට ද මත පළව ඇත.

බලය පිණිස දේශීයව මෙන්ම ජාත්‍යන්තරව අද මෙන්ම එදා ද  මහත් බල අරගල සිදුව ඇත. පරපුර කෙතරම් බලවත් වුවද දුර්වල රජුන් සමයේ සහ රජු කොතරම් බලවත් වුවද ඔහුගෙ ක්ෂණික දුර්වලතා හේතුවෙන් ද යුද්ධ සහ කුමන්ත්‍රණ මගින් විවිධ අයවලුන් අතර බලය හුවමාරු වී ඇත. හෙළ ඉතිහාසයේ ගත වුණු අවුරුදු පන්දහසක කාලය තුළ  මහා කුමන්ත්‍ර‍ණ තුනක් සිදුවී ඇති යයි නිගමනය කළ හැක. ඉන් පළමු කුමන්ත්‍රණය විභීෂණ මාර්ගයෙන් රාවණ රජ පරදවා රාජ්‍ය බලය අල්ලා ගැනීමයි. දෙවැන්න කුවේණිය මාර්ගයෙන් විජය රාජ්‍ය බලය අල්ලා ගැනීමයි. තෙවැන්න මෙයට වසර දෙසිය පනහකට පමණ පෙර සිදුවූ ඉංග්‍රිසීහු රාජ්‍ය බලය අල්ලා ගැනීමයි. මෙහි කුමන්ත්‍රණ දෙකක් අතර කාලය දළ වශයෙන් අවරුදු දෙදහස් පන්සීයක් පමණ වෙයි. තවද මෙම සිද්ධීන් තුන සඳහාම ස්ත්‍රියකගේ සම්බන්දයක් ද ඇති බව පෙනේ. මෙම සිද්ධීන් තුනෙන්ම පසු හෙළයේ  දිශානතිය  සම්පුර්ණයෙන් ම වෙනස් මගක් ගෙන ඇති අතර අවසන, එය අප අද වාසය කරන තැනට පැමිණ ඇත.

අප කුඩා කළ අසා ඇති කුවේණියගේ කතා පුවතට මා මනසින් අභියෝග කිරීමට පටන් ගත්තේ ඉහත සඳහන් කළ  විද්වත් මත කියවූ දිනවල පටන්මය. එයිනුත් වඩාත්ම බලපෑමක් සිදුවුයේ  ‘විජය කුවේනියගේ කුලී හමුදා නායකයෙකි, ඔහු කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තේය,’ යන්නයි.

ඉතිහාසය මෙසේ සිදුවන්නට ඇතිය යන්න  මා මනසේ මැවෙන්නට විය. මම  එය මෙලෙස  කුවේණි – නොපළ පුරාවත ලෙස නම් කළෙමි.  (නවසීලන්තය තුළ පිටපතක් ලබා ගැනීමට, කතෘ වෙත විද්‍යුත් ලිපියකින් ඇනවුම් කළ හැකිය. NZ$15.00 තැපැල් ගාස්තු සමග.)

සුරංග දසනායක – ඩනිඩීන්

surangadassanayake@gmail.com

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.