අපට සහජයෙන් ජනිත වන විශ්ව ගුණාංග Hard Wired ලෙසද පසුව අප ග්‍රහණය කර ගන්නා අවගුණ Soft Wired ලෙස ද ආචාර්යය උල්ලුවිස්හේවා මහතා විස්තර කරයි. Soft Wired තත්ත්වය නැතිකර Hard Wired තත්ත්වයට පත්වීම ආධ්‍යාත්මිකත්වයෙහි පිහිටීමය. මේ බව විවිධ ශාස්ත්‍රීයමය පරීක්ෂණවල නිගමනයන් ඇසුරෙන් පෙන්වා දෙමින් ඒ මහතා ‘ශ්‍රී ලංකන්ස්’ මගින් ලිපි ගණනාවත් ඉදිරිපත් කළේ ය. එම ලිපි බොහෝ අයගේ සැලකිල්ලට භාජනය වී ය.
මෙම විෂයය අළලා 2015 වසරේ ඔහු විසින් පළකෙරුණ Spirituality- Demystified පොතෙහි නවතම මුද්‍රණය පසුගියදා එළිදැක්වී ය. පහත පළවන්නේ මෙම පොත ඇසුරෙන් ඉහත කියන ලද කාරණය වටහා ගන්නට අප උත්සාහ ගත් ආකාරයය.
විද්‍යාත්මකව සනාථ වී ඇති පරිදි ආදරය, කරුණාව, සාමයට ලැදිකම, පරාර්ථකාමිත්වය කවුරුත් උපතින් ලබන සාරධර්මයන්ය. මේවා ඒ ඒපුද්ගලයෙකුට නොව විශ්වයට සම්බන්ධ ගුණාංගයන් ය. මෙම යහගුණ සමග කෙනෙකුගේ පැවැත්ම spirituality ය. පුද්ගලයෙකු වැඩීමට පත්වන විට තම මමත්වය, ආත්මාර් ථකමිත්වය, තෘෂ්ණාව හා අනෙකා පරදවන තරගකාරිත්වය වැනි පුද්ගලික නුගුණ ග්‍රහණය කර ගනිමින් මෙම සාරධර්ම යටපත් කර ගනී. යළි අධ්‍යාත්මිකත්වයට පත් වීමට මෙකී නුගුණ නැති කර ගත යුතු ය.
ආගම් කළ නොකළ යුතු දේ නියම කර spirituality තත්ත්වය ලබා ගතයුතු බව කියාපායි. ඒවායේ ඉදිරිපත් කරන දෙවියන්, ආත්මය, දෙව්ලොව, අපාය, කර්මය, මරණින් මතු ජීවිතය වැනි සංකල්පයන් කෙනෙකුට අත්දැකීමට අපහසුය. විද්‍යාවට හසු නොවේ. අලුත් ලෝකයේ අය නොපිළිගනිති. එහෙත් Quantum Physics, Transpersonal Psychology ජීව විද්‍යාව, ස්නායු විද්‍යාව, මනෝ විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්ගේ අධ්‍යයනවලින් කෙනෙකුට spirituality තත්ත්වයට පත් විය හැකි ආකාරය ගැන මග පෙන්වීමක් ලබා දෙයි. මූලික වශයෙන් ඉහත කී ඒ ඒ අයගේ පුද්ගලික නුගුණ නැති කර විශ්වයටම පොදු වූ ආදරය, කරුණාව, සාමයට ලැදිකම හා පරාර්ථකාමිත්වය ප්‍රතිෂ්ඨාපනය කර ගන්නා පුද්ගලයා තම spirituality භාවය තහවුරු කර ගනී.
මෙසේ ‘spirituality සරල කිරීමක්’ ග්‍රන්ථයෙන් අදහස් කරන්නේ ආගම් විසින් ගුප්ත බවට පත් කර ඇති ‘අධ්‍යාත්මිකත්වය නූතන විද්‍යාත්මක සාධක අනුව හදුන්වා දීමට ය. එම සංකල්පයෙහි අඩංගු මානව ගුණාංග යළි ප්‍රායෝගිකව, විද්‍යාත්මකව ප්‍රතිෂ්ඨාපනය කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම ය.
අප යනු හුදෙක් මායාවකි (illusion). අපගේ සත්‍ය තත්ත්වය තේරුම් ගැනීම යන හිසින් පළමු පරිච්ඡේදයේ, සිරුරකින් හෝ අවකාශයෙන් වෙන් කර තිබුණා වුව පුද්ගලයා යනු ආංශු වලින නිමැවුණ ශක්ති විශේෂයක් පමණි යන අදහස ඉදිරිපත් කර ඇත. එම අංශු විශ්වයේ ඇති පරිපූරණ ශක්ති පද්ධතියක කොටසක් පමණි. Spirit යනු ද විශ්වයම පුරවන ශක්ති විශේෂයෙකි. එය විශ්ව මට්ටමින් ගත් කළ විශ්ව විඥානයයි.(universal consciousness). කෙනෙකු තමා යනු භෞතික ශරීරය නොව මෙම විශ්ව විඤ්ඤාණයේ ම දිගුවක් බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම spirituality ය.
ඉහත දැක්වූ අවගුණ උරා ගැනීමෙන් තමා යැයි කෙනෙකු සිටිතැයි මිථ්‍යාවක සිටියත් අප ඉපදී ඇත්තේ ඉහත කී ආදරය, කරුණාව ආදී යහගුණ සහිත ශක්තීන් විශේෂයක් ලෙස බව විද්‍යාත්මක පරීක්ෂණවල නිගමණයන් ගෙන හැර දක්වමින් දෙවැනි පරිච්ඡේදයේ දී කතුවරයා පෙන්වා දෙයි.
තෙවැනි පරිච්ඡේදයෙන් අප මෙසේ විතැන් වී ඇත්තේ ඇයි දැයි විමසා බලයි. අධ්‍යාත්මීකත්වයට පත් වීම යනු උපතින් අප සිටි Hard-Wired තත්ත්වයට පත්විමය. සතරවැනි පරිච්ඡේදයෙන් විස්තර කරනුයේ ඒ සදහා ඇති මාර්ගයන් ය. විවිධ ආගම්වල විවිධ සම්ප්‍රදායික ක්‍රම හා පරිචයන් පවතින අතර බුදුදහමින් පැවසෙන්නේ ප්‍රඥාව ගුරු කර ගත් මගය. භාවනාව මුල් කරගත් ක්‍රියා දාමයක් මගින් යමක් කෙරේ ඇති කැමැති අකමැති බව නැති කෙරුණ උපේක්ෂා සහිත සිත මධ්‍යස්ථ වේ. හින්දු ආගමේ ද පුද්ගලයා මා කවුද? මනස ද! ශරීරයද? යන වශයෙන් ආත්ම වීමංසනයක යෙදෙයි. කවරාකාරයකින් හෝ මමත්වය, ආත්මාර්ථකමිත්වය, තෘෂ්ණාව ආදී අවගුණ නැති කර ආදරය, කරුණාව, සාමයට ලැදිකම, පරාර්ථකාමිත්වය ආදී සාරධර්ම ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමෙන් තමා විශ්වයෙන් වෙන් වූ පුද්ගලයෙක් නොව විශ්වයේම කොටසක් බවට පත් වී ආධත්මිකත්වයට පත් වෙතැයි පර්යේෂණ සාධක සහිතව මෙම පරිච්ඡේදයේ විස්තර කෙරේ.
මෙම යහගුණ ප්‍රතිෂ්ඨාපනයේ වැදගත්කම හා ඉන් පුද්ගලයාට හා සමාජයට වන යහපත ගැන පස්වැනි පරිච්ඡේදයෙන් විස්තර කෙරේ. ආධ්‍යාත්මිකත්වය ප්‍රගුණ කර ගැනීම සදහා යෝජනා සය වැනි පරිච්ඡේදයෙන් විස්තර කෙරේ.
අවසන, පුද්ගලයෙකු මෙසේ පරිවර්තනය විමේ ඇති වැදගත්කම පසුවදනෙහි මෙසේ කෙටි කර ඇත.
ලෝකයට මෙම වෙනස වහාම අවශ්‍යය. එය ආත්මාරථකාමිත්වයෙන් පරාර්ථකාමිත්වයට වෙනස් වීමකි. තෘෂ්ණාවෙන් පරිත්‍යාගශිලිත්වයට වෙනස් වීමකි. ගැටුම්කාරිත්වයෙන් සංහිදියාවට වෙනස් වීමකි. වෛරයෙන් ආදරයට වෙනස් වීමකි. ‘මම’ යන සංකල්පයෙන් ‘අප’ යන සංකල්පයට වෙනස් වීමකි.
මෙම පොතෙහි බහුලව භාවිතා වන විද්‍යාත්මක හා ශාස්ත්‍රීය වචන සරල සිංහලයට නැගීම අසීරුය. මටසිලිටි නොවේ. ඒ නිසා ඉහත කෙටි අදහස ඉදිරිපත් කෙරෙනුයේ එකී වචන භාවිතා නොකර ය. ඒ මහතා ඉදිරිපත් කරන වටිනා කරුණු පොත අධ්‍යයනය කිරීමෙන්ම අවබෝධ කර ගත යුතුය.
– ශ්‍රී ලංකන්ස් –