අසුනට ගොඩ වූ විනිසුරු තුමා දෙපස නීතිඥවරුන් දෙස විමසිලිමත්ව බැලුවේය.
‘තමා මට ඩොලර් 15,000/- දුන්න. විත්තියට පක්ෂව තීන්දුව ගන්න.’ එතුමා පවසද්දී විත්තියේ නීතිඥ මහතා බිම බලාගෙන ඇඹරුණේය.
‘ඊගාවට නුඹ.’ විනිසුරු තුමා පැමිණිල්ලේ නීතිඥ වරයා දෙසට හැරුණේය. ‘තමා ඩොලර් 10,000/- දුන්න. මෙහෙම මුදලක් දීල පැත්තකට අදින්න කියන එක ගැන මම තමන්ට අවවාද කරනවා.’
එසේ කිවූ විනිසුරුවරයා සාක්කුවට අත දමා ඩොලර් 5,000/-ක් විත්තියේ නීතිඥවරයාට දුන්නේය.
‘දැන් හරි.’ විනිසුරු තුමා කීවේය.’ අපි සම සමව දෙපැත්තටම සලකලා නඩුව අරන් යමු.’