කුඩා මාර්ග නීතියක් කඩකර පොලීසියට හසු වූ සිල්වා මහතාට උසාවියේ නඩුවක් පැවරුණෙන් ඒ සදහා ඔහු ඉතා අමාරෙුවෙන් වරුවක් නිවාඩු ගත්තේය.
‘මතක තියාගන්න. මේ දවස්වල නිවාඩු නම් බෑ බෑමයි.’ ප්‍රධානියා ඔහුට අවවාදයක් ද දුන්නේය.
තම නඩුව නිම කර ඉක්මනින් කාර්යාලයට දුවයාමට ඔහු බලා සිටි අතර උදයවරුවම ගත වූ පසු නඩුව කල්තබන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ය.
‘ඒ මොනවටද?’ සිල්වා මහතා එකවරම කෑ ගැසුවේය.
උසාවියට අගෞරව ලෙස හැසිරීම නිසා සියලලෝම ඔහු දෙස බැලූහ.
‘උසාවියට අගෞරව ලෙස හැසිරීමට දඩය රු. 2,000 යි,’ මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
එකවරම පසුම්බිය අතට ගත් සිල්වා මහතා එය පරීක්ෂා කරන්නට වීය.
‘නෑ. නෑ. තමා අද ගෙවන්න අවශ්‍ය නෑ. මම කිව්වෙ දඩය ඒකයි කියලා ,’
‘නෑ ස්වාමීනි. මා ගාව කීයක් තියනවද කියලා බැලුවෙ. තව වචන දෙකක් කියන්න තියනවා, ’ සිල්වා මහතා හිස නමමින් කීවේය.






