නිවසට ඇතුලු වන තැන බිත්තියේ විශාල බේසමක් වැනි පිත්තල භාණ්ඩයක් එල්ලා තිබුණේය. ‘මේක තමා කතා කරන ඔරලෝසුව.’ මාළිගාවක් වැනි තම අලුත් නිවසට එන මිතුරා කළ විමසීමට පිළිතුරු දෙමින් රත්නායක මහතා උජාරුවෙන් කීවේය.
‘කතා කරන ඔරලෝසුව?’ මිතුරා මුව අයා ගත්තේය. ‘ඒක කොහොමද වැඩ කරන්නෙ?’.
‘ඔන්න බලන්න.’ බිම තිබූ මිටියක් ගෙන එම භාණ්යට වැරෙන් පහරක් ගසමින් රත්නායක මහතා කීවේය.
නිවසේ අනෙක් පැත්තේ සිටි ප්‍රනාන්දු මහතා දොරට තට්ටු කළේ ය.
‘බලන්න මිස්ට රත්නායක. දැන් වෙලාව උදේ 3.30යි.’
‘දැක්කද?’ කියමින් රත්නායක මහතා මිතුරාගේ මුහුණ බලා ගත්තේය.






