Home Community අසිරිමත් උමතුව හැමිල්ටන්වලදී

අසිරිමත් උමතුව හැමිල්ටන්වලදී

0
අසිරිමත් උමතුව හැමිල්ටන්වලදී

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී “අසිරිමත් උමතුව” වේදිකා නාට්‍යය පසුගිය පෙබරවාරි 27 වන දින වේදිකාගත කරන ලදී.

අධ්‍යක්ෂණය හා පිටපත් රචනය රණුක පෙරේරා. සංගීතය ඩිලන්ත ප්‍රසාද්. නර්තන වින්‍යාසය නිශි රණතුංග.  වේශ නිරූපණය චතුරිකා දිල්ශානි. රංග වස්ත්‍ර නිර්මාණය රමණි රුක්ලාන්ති ප්‍රනාන්දු. ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ප්‍රසාංගික කලා කවය. 

අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමාගේ ජීවිත කතාව පාදක කර ගනිමින් මෙම වේදිකා නාට්‍යය නිර්මාණය කර ඇත. මෙහි ප්‍රධාන චරිතයන්ට  මධුජිත් සිල්වා සහ අචලා නෙලුනිකා දායක වන අතර සෙසු චරිත සඳහා ශ්‍රී ලාංකිකයන් තිහකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායකවේ. 

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්හට සිංහල වේදිකා නාට්‍යයක් නැරඹීමෙ අවස්ථාවන් ඉතා විරලය. එම අවස්ථාව දැන් ඔබේ නගරයේ දී අත්විඳිය හැක. ජූලි මස 24 වෙනි සෙනසුරාදා දින සවස 06:30ට HAMILTON, Gallagher academy of performing arts හිදී රංගගත කෙරේ.

Price: Free · Duration: 4 hr

NO COMMENTS

error: Content is protected !!