fbpx
11.8 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

හෙළ මිහිර 2022

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙනහෙළ මිහිර’ සංස්කෘතික සංදර්ශනය මෙවරද උත්කර්ෂවත් අන්දමින් ඕක්ලන්ඩ්හි ඇවොන්ඩේල් විදුහල් රංග ශාලාවේදී එළි දැක්වුණි. පසු ගිය මැයි මස 28 වැනිදා යි.

හෙළ මිහිර සංදර්ශනය පැවැත්වීමේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය නවසීලන්තයේ ප්‍රචලිත කිරීමත්, සඳහා දායක වීමට මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට, විශේෂයෙන් බාල පරපුරටවේදිකාවක් සකස් කර දීමත් . කමුත් මෙවර හෙළ මිහිරට තවත්  විශේෂ අරමුණක් මුලික වී තිබුණි. ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන අර්බුදය නිසා පීඩා විඳින ජනතාවට, විශේෂයෙන්ම ගිලන්ව සිටින ජනතාවට, අවශ්‍ය බේත් හේත් සහ අනිකුත්  වෛද්‍ය පහසුකම් ලබාදීම සඳහා ආධාර එකතු කිරීමයි. සංගමයේ විධායක කමිටුව එම තීරණයට එළඹියේ පසුගිය අවුරුද්දේ පවත්වන ලද හෙළ මිහිරෙන් ලද සිත් ගන්නා සුළු දැකීමක්  හේතුවෙනි

2021 හෙළ මිහිරෙන් ලද මුළු ලාභයම යොදවන ලද්දේ ශ්‍රී ලංකාවේ ඉතා දුෂ්කර ගම්මාන කීපයක වෙසෙන පාසල් දරුවන් අතරින් තෝරා ගත්  සුදුසු දරුවන්ට ඇස්  කන්නාඩි හා පාසල් උපකරණ ලබාදීමේ ව්‍යාපෘතියක් වෙනුවෙනුයි. අනුව, පොලොන්නරුව හා අම්පාර දිස්තික්කවල දුෂ්කර පාසල් පහක ඉගෙනුම ලබන දරු දැරියන් හා ගුරු භවතුන් සියයකට අධික සංඛ්‍යාවකට ඇස් කන්නාඩි ලබාදීමටත්, දරුවන් එකසිය පනහකට පාසල් උපකරණ ලබාදීමටත් සංගමයට හැකිවිය. බොහෝ දෙනෙකුගේ ප්‍රසංශාවට ලක් වූ අත්දැකීම ඔස්සේ යමින් මෙවර හෙළ මිහිරෙන් ලෙබෙන මුළු ලාභයම ඉහත කී අරමුණ වෙනුවෙන් යෙදවීමට තීරණය වී ඇත.

2022 හෙළ මිහිරට ප්‍රවීණ ආචාර්යවරුන් ආචාර්යවරියන් යටතේ රංගනයන් ඉදිරිපත් කල, හෙළ නැටුම් කලාව ප්‍රගුණ කරන දරු දැරියන්  පමණක් සියයකට අධික විය. එසේම ගායනයන්, කරාතේ සංදර්ශන, නාට්‍යංග ආදිය සඳහාද ශිල්පීන් විශාල පිරිසක් සහභාගී වී ඇත. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිනිය වන රසිකා සුබසිංහ මහත්මිය පැවසුයේ හෙළ මිහිරේ උතුම් අරමුණ හේතුවෙන් බොහෝ පරිත්‍යාගයන් ලැබුණු බවත් නිසා තම ඉලක්කගත ආදායම උපයාගත් හැකි වූ බවත් . හෙළ මිහිරෙන් ලත් ආදායම එහි විශේෂ අරමුණ වූ ශ්‍රී ලංකා ජනතාවට බේත්හේත් ලබාදීම සඳහා මුදල් වශයෙන් නොව ද්‍රව්‍යමය වශයෙන් ලබාදීමට දැන් කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.   

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.