fbpx
16.1 C
New Zealand
Sunday, March 16, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

‘JOURNEY TO THE HEAVEN’

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඕක්ලන්ඩ් හි ‘ඩාන්සින් ඒන්ජල්ස් ‘ දොරති වින්ස්ටන් රංග ශාලාවේ, 2025 මාර්තු අටවෙනිදා  ‘ Journey to the Heaven’ නමින් ඉදිරිපත් කිරීමට  සූදානම් කර ඇති ප්‍රසංගයේ ඉසව් කිහිපයක් මේ සමග පළවේ.

‘අපේ දේශීය නර්තන සම්ප්‍රදායන් සහ අනෙකුත් පිළිගත් නර්තන සම්ප්‍රදායන් අනුසාරයෙන්, ඔබ මෙතෙක් නොවිඳි ආකාරයේ අපූර්වතම නර්තනාංග රාශියක් ඕගොල්ලන්ට මෙම ප්‍රසංගයේදී දැකගන්නට, අත්විඳින්නට පුළුවන් වෙයි.’ ප්‍රදර්ශනය පුහුණූ කර ඉදිරිපත් කරන  නදී ප්‍රියදර්ශනී මහත්මිය පවසයි.

මීට  දූදරුවන් හා වැඩිහිටි වැඩිශීල්පීන්  60 පමණ වසරකට වැඩි  කාලයක් පුහුණ වී ඇත.

‘අපේ කම රස වින්දනයත් සමග ඇති කිරීම, මව්රටින් එපිට නවසීලන්තයේ වෙසෙන අපේ අනාගත පරපුර වන දරු දැරියන්ට සහ එම දෙමාපියන්ට, අපගේ සාම්ප්‍රදායික නර්තනයේ වටිනාකම අමතක නොවෙන්ටත්, එම සාම්ප්‍රදායික නර්තනයන්හි මූලික අංගහාර රැකගෙන ඔවුනට විරල අපේ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තනය දැකබලා ගැනීමටත්, අනෙකුත් නර්තන ශෛලීන් අතරින් අපගේ සාම්ප්‍රදායික නර්තනයේ වටිනාකම මනාව පැහැදිලි කර දීමත් ප්‍රධාන අරමුණයි.’ කියන ප්‍රිය දර්ශනී;

‘ඉතින් අපි හැමෝම එක එක පන්ති කරගෙන ගියාට, අපි හැමෝම හදාරන්නේ ලස්සන කලාවක්. ඉතින් ඇවිල්ලා අපේ නිර්මාණත් බලලා යන්න එන්න කියලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා,’ යි කියමින් ඉල්ලීමක්ද කරයි.

ශ්‍රී ලංකන්ස් අපගේ සුබ පැතුම් මේ සමග එක් කරමු.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.