fbpx
13.7 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

“ස්වාධිරාජ්‍යය” SLFS Hits the Golden Buzzer in Hamilton.

Must read

‘මල් සුගන්දේ දම් සුගන්දේ
සීල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදු වන්දනා//’

රෑ මැදියම අවදි වූ මම නැවතත් පෙරදා දුටු අසිරිමත් සිදුවීම ආවර්ජනය කළෙමි.

‘සුදු අරලිය මල් යායක පිපිලා මිස්සක පව්ව හැඩයි

එදා වගේමයි පොසොන් සඳේ ලක් මව දම් සුවඳයි

එදා වගේමයි පොසොන් සඳේ ලක් මව දම් සුවඳයි.’

ඔව්හු අප කුල්මත් කරවූහ. වයස හත අටේ විස්සක තිහක කුඩා සිඟිත්තෝ සමූහයක් පසෙකින් බිත්තිය මත සිතුවම් පට දිග හැරෙද්දී සකසුරුවමට ළපටි අත්පා ඔබ මොබ විහිදුවමින් රඟහල අවදි කළෝය. මේ අපූරු රංගධරයිගෙන් සමහරෙක්  ගායනය නර්තනය  නවතා බිත්තියේ  දිවුණ පසුබිම් දර්ශනය දෙස බලා සිටියහ. තවත් සිඟිත්තෙක් බිම සැතපී නිදා ගත්තේය. අනෙක් අය ගීයෙන් නර්තනයෙන් ප්‍රේක්ෂකාගාරය සමාධි ගත කළෝය. 2022 ජූනි දහ අට වැනිදා සවස්කාලයේ නවසීලන්ත හැමිල්ටන් සඩෙල් පාසල් වේදිකාව වර්ණවත් වූ ස්වාධිරාජ්‍යය ආගමිකමය-සංස්කෘතිකමය සංග්‍රහය මේ සිඟිති සුරතල්ලු එසේ ආරම්භ කළෝය. 

ඊළඟට මා අවදිකර වූ ඒ ගීතය යළි රැව් දුන්නේය.

‘මල් සුගන්දේ දම් සුගන්දේ
සීල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදු වන්දනා//

‘මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි.//’

ඒ ශාසනේ ඉතිහාසයය. මිහින්තලාවෙන් ඇරඹුණ අපේ  අපේ ඉතිහාසයය.

කාලිංග යුද්ධයේදී  ඉන්දියාවේ අශෝක රජු තම රට වැසියන් දහස් ගණනක් මරා දැම්මවීය. ගම් දනව් ගිනිබත් කරවීය. පන පිටින් පිටියට ආ කිසිවෙකු පණ නොමැතිව මිස  ආපසු නොයායුතුය යන නීතිය හේවායෝ අකුරටම පිළිපැද්දෝය. ඉක්බිති අමු සොහොනක බලවතා වූ අශෝක අධිරාජයා බුදුදහම වැළඳ ගත්තේය. තම දූදරු දෙදෙනා සසුනට දන් දුන්නේය. පුත් මිහිඳු මා හිමිට ලංකාවට එන මෙන් ආරාධනා කළේය.

ලක් දිව දෙවනපෑතිස් රජු මුව දඩයම් ගිය දාක මිහිඳු හිමි මිහින්තලයට වැඩම කරවූ සේක.

‘නවතින්න තිස්ස ඇයි මේ නොදුවන්න මුවා පස්සේ…’

පසුව සන්‍යාසීන් ලෙස වෙස්වලා ගෙන ආ හේමමාලා හා භද්‍ර කච්චානා කුමරියෝ දන්තධාතූන් වහන්සේ  වැඩම කළෝය.

මින් පසු වූයේ  සිරිලක ඓතිහාසික තැන් සිහි කරමින් ගැයුණ භක්ති ගී සමූහයකි. 

‘නියම අධිරාජයා තමාම පාලනය කර ගන්නාය. ස්වාධිරාජ්‍යය  එයය.’  එය මා වටහා ගත් එක පණිවිඩයක් වීය. ‘කිසිවෙකු මියෙන තෙක් දෙවියෙකු නොකරන්න.’ ඒ දෙවැන්නය.

එහෙත් පොසොන් දා එකසිය පනහකට නොඅඩු දූදරුවන් වැඩි හිටියන්, දෙහෝරාවක පමණ කාලයක්  එදා කියා පෑමට වැර දැරුවේ මේ පණිවිඩයට වඩා වැඩි දෙයක් බව පසක් වූයෙන් එහි අග මුල හරියාකාරව දන ගන්නට මම  මෙම රංගන මාලාව මෙහෙය වූ එක් පුද්ගලයෙකු හා දෙබසක පැටළුණෙමි. ඒ හැමිල්ටන්හි දේවින්ද මහවිතාන මහතාය.  

මේ සංස්කෘතිකමය විවිධාංගය ‘Hamilton Sri Lanka Friendship Society’ සංගමයට සාඩම්බර වීමට කොතෙකුත් කරුණු ජනනය කරවීය. ඒ කරුණුත් අපේ දෙබසත් එක්කර කරන ලද විස්තරයක් ඊළඟ ශ්‍රී ලන්කන්ස් පත්තරේකින් ඔබට එළිදක්වන්නට සනිටුහන් කර ගණිමින් මම දේවින්දගෙන් සමුගත්තෙමි.

කේ.ඒ.බී.කරුණාරත්න .

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.