ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා 75 වැනි නිදහස් සමරුව පසු ගිය පෙබරවාරි ම 11 වැනි දා මවුන්ට් ඇල්බට් යුධ අනුස්මරණ ශාලාවේ දී උත්කර්ෂවත් නමුත් චාම් අයුරින් පවත්වනු ලැබීය. ආරාධනා ලැබූ අමුත්තන් අතරෙන් නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද ඇතුළුව බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ඕක්ලන්ඩ් හි ශ්‍රී ලාංකික සංවිධානවල සභාපතිවරුන් බොහෝ දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබිණ.
සංගමයේ සභාපතිනි ආචාර්ය රසිකා සුබසිංහ මහත්මිය විසින් ශ්‍රී ලංකා ධජය ද පාර්ලිමේන්තු මන්ත්‍රී පෝල් ගෝල්ඩ්ස්මිත් මහතා විසින් නවසීලන්ත ධජය ද එසවීමෙන් හා දෙරටේ ජාතික ගී වාදන සමග සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් නිදහස් උළෙල ආරම්භ විය. එහි පළමු පියවර වුයේ මාතෘ භුමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ ජාතික විරුවන් සිහිපත් කිරීමයි.
ඕක්ලන්ඩ් හි ශ්‍රී ලංකාරාමයේ අධිපති පුජ්‍ය වල්ගම මුනින්දවංස හිමියන් විසින් කරන ලද කෙටි අනුශාසනයකින් හා සභාපතිනියගේ පිළිගැනීමේ කතාවෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවිඩය භාෂා තුනෙන්ම කියවනු ලැබීය. අනතුරුව ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සංගමයේ පූර්ව සභාපතිනියක වූ ආචාර්ය ඈන් පෙරේරා මහත්මිය විසිනි. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පෝල් ගෝල්ඩ්ස්මිත්, වනුෂි වෝල්ටර්ස්, ඩේමියන් ස්මිත් මහත්ම මහත්මීන් ද හිටපු මන්ත්‍රී කන්වල් ජිත් සිං බක්ෂි මහතා ද සභාව ඇමතුහ.
උළෙලේ විශේෂයක් වූයේ ශ්‍රී ලංකාවට අභිමානයක් ලබාදුන් විශිෂ්ටයන් තිදෙනෙකුට සංගමයේ ගෞරවය පුද කිරීමයි. ඒ, නවසීලන්ත රජයෙන් Queens Service Medal ගෞරව නාමය ප්රදානය කරනු ලැබූ වෛද්‍ය අශෝක ඩයස්, ලෝක විවාහක රූ රැජින (නවසීලන්තය – 2022) ලෙස පිදුම්ලද රංග කළා ශිල්පිනී නිෂි රණතුංග සහ 2022 නවසීලන්ත අයෝමය පුරුෂයා වශයෙන් තේරුණු රුවන් පලිහවඩන යන මහත්ම මහත්මීන්ටය.
මාත්‍රා රංග ආයතනයේ ඉරානී සමරසිංහ, නවසීලන්ත ශ්‍රී ලංකා රංගායතනයේ නිෂි රණතුංග සහ තාල රංගායතනයේ ඉන්දීවරී තේනුවර විසින් ඉදිරිපත් කරනලද නැටුම්වලින් උළෙල අලංකාරවත් විය.
පැමිණ සිටි සියලුම දෙනා සඳහා සම්ප්‍රදායික කැවුම් කිරිබත් සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව නිදහස් සංවත්සර උළෙල නිම විය.
මෙහිදී වරක් ශ්‍රී ලංකා එක්සත් සංගමයේ සභාපතිනියක වූ, ආචාර්යය ඈන් පෙරේරා මහත්මිය සංගමයේ ඉතිහාසයද කැටි කරමින් කළ මූලික දේශනය සදහා පහත පළකර ඇත.
සංගමයේ ඉතිහාසයද කැටි කරමින් කළ මූලික දේශනය පැවැත්වූ වරක් ශ්‍රී ලංකා එක්සත් සංගමයේ සභාපති ආචාර්ය පෙරේරා මහත්මියගේ ප්‍රධාන දේශනයට ප්‍රවේශ වීමට මෙතැන ක්ලික් කරන්න.