වචනයක්…
අප සංවාද කළ යුතු වන්නේ එකිනෙකාගේ අදහස් දැණුම බෙදා ගැනීමේ චේතනාවෙන් මිස තමන් ජයග්‍රහණය කිරීමට නොවේ. එසේ වන්නේ නම් එය ‘මාන්නයේ’ එක් අවස්ථාවක් පමණි. බුදුන් වහන්සේ යාබද වැටේ ඌරන් මරමින් සිටි තම මතය වෙනස් නොකරන චුන්දසූකර සමග වාදයට තර්කයට ගියේ නැත.
නමුත් බුදුරජාණන් වහන්සේ සමග වාද විවාදවලට පැමිණි සච්චක බමුණාට කරුණු පැහැදිලි කොට නිවනට යොමු කළ සේක. එබැවින් ද්වේෂයෙන් නොකරන වාද තර්ක විතර්ක ‘ සංවාදය’ වෙයි. සංවාදය බුදු දහමට එරෙහි නැත. එබැවින් මුළු ලෝකයම බුදු දහම පිළිගත යුතු යැයි නීතියක් නැත. එහි තේරුම තම මතය අනෙකා පිළිගත යුතුය යන්න නොවේ. අප අනෙකාගේ මතයට හෝ විශ්වාසයට අපි ගරු කරනු විනා අපි ඔහුට බැන වැදීමට අපිට අයිතියක් නැත. ක්‍රිස්තියානි හෝ මුස්ලිම් යනු ඔවුන් අදහන දෙවිවරු නම් එය අදහන්න පරම අයිතිය ඔවුන්ට දිය යුතුය.
ගමේ ගොඩේ මිනිසුන් බලි තොවිල් කළේ ඈත අතීතයේ පටන්ය. එයින් ලෙඩ්ඩු සනීප හෝ සහනයක් නොවුවානම් එය අවුරුදු දහස් ගණනක් පැවතෙන්නට විධියක් නැත. සමහර විට ලෙඩාගේ තද බල විශ්වාසය නිසා මානසික රෝගයන් සමනය වුණා ද වෙන්න බැරි නැත. නවීන වෛද්‍ය විද්‍යාව එම මතය බැහැර කරන්නේ නැත. එබැවින් ඒවා මෝඩ මිථ්‍යා විශ්වාසයැයි කීවාට, ඒවාට මිනිසුන් ඇලී ගැලී සිටියේ අත්දැකීම් මතය. පාසැල් විධිමත් අධ්‍යාපනය මෙන්ම අවිධිමත් අධ්‍යාපනය ජීවත් වෙන්නට අවශ්‍යය. නමුත් අවිධිමත් අධ්‍යාපනයට උපාධි නැත. එයින් ඔවුන්ගේ අත්දැකීම් සම්භාරය අවතක්සේරු කොට ගැරහීමේදී ප්‍රවේසම් විය යුතුය.
එක් අයෙකුට තවත් අයෙකු විය නොහැක. ජාන වෙනස්ය. සිතුම් පැතුම් විවිධ කරුණු කාරණා මත යැපේ. එබැවින් අනිකාගේ මතය වෙනස්වීම අනිකා ඉවසිය යුතුය. එයට ඇහුම්කන් දීමත් ඒ ගැන සංවාදයත් මිස, ඌ මීහරකා යැයි කියන්නේ නම් ඔහු ද ඒ සමාන විය යුතුය.
අපි කාගෙත් ජානවල හොඳ විකෘති වගේම නරක විකෘති තියෙන්න පුළුවන්. ඒකට අපිට කරන්න දෙයක් නැත. ජීවියෙක් කියන්නේ ජන්මයේ හා පරිසරයේ ප්‍රතිඵලයක්. එබැවින් පරිසර කෑල්ල අපට වෙනස් කරගත හැක. එනම් ගති පුරුදු වෙනස් කිරීම හැර ජාන වෙනස් කිරීම බලාපොරෙත්තු විය නොහැකිය. එනිසා අප කාටවත් එකා වන්නට බැරිය, රුචිය වෙනස්ය.
-විභවි-
ප.ලි. ඉහත රචනාව උපුටා ගැනීමකි. ඔබගේ ප්‍රතිචාර අප වෙත ලැබෙන්නට සලස්වන්න-කර්තෘ-