‘Women’s Refuge New Zealand’ (නවසිලන්ත කාන්තා සරණ) නමැති සංවිධානය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් විවිධ ජන කොටස්වලට අයත් කලා අංග ඇතුලත් සංස්කෘතික ප්‍රසංගයක් පසුගිය අගෝස්තු හය වන දින Mt Albert War Memorial ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකික, ටොංගන්, මවුරි සහ සැමෝවන් ඇතුළු නවසීලන්තයේ වෙසෙන විවිධ ජන කොටස්වල නාට්‍යයමය අංග මෙම ප්‍රසංගයට ඇතුළත් වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනී Naisi Chen මහත්මිය සහභාගී වූවාය.
මීට අමතරව නවසීලන්ත පොලිසිය නියෝජනය කරමින් Venkat Raman (Head officer of Police Advisory Board) මහතා Donna Hill (Manager of Women’s Refuge NZ) සහ Anna Marie (Directress of Mrs Universe NZ) යන මහත්මීහුද සහභාගී වූහ.
මෙවර Mrs Universe NZ තරගයේ අවසන් වටය සඳහා තේරී පත් වී ඇති ශ්‍රී ලාංකික කාන්තාවක වන නිෂි රණතුංග විසින් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබුණේ Tulip Financial Services සහ Spice Land Panmure යන ආයතන විසිනි.
නිෂි, වෘත්තියෙන් ගුරුවරියක්, නර්තන ශිල්පිනියක්, නෘත්‍ය උපදේශශිකාවක්, නර්තන නිර්මාණ ශිල්පියෙක්, නිරූපිකාවක් සහ නිළියක් ද වන්නීය.
‘Women’s Refuge New Zealand ‘ යනු පවුල් ප්‍රචණ්ඩත්වය අත්විඳින කාන්තාවන්ට සහ දරුවන්ට ගුණාත්මක සේවයක් සහ සමාජ විවරණයක් ලබා දෙමින් සහාය දක්වන නවසීලන්තයේ විශාලතම සංවිධාන යයි.