සාර්ථක වන සෑම විරෝධතා ව්‍යාපාරයක්ම නීත්‍යානුකූල වෙයි. මෙහෙයවන්නෝ ජාතික වීරයෝ වෙති. මෑතක දී ශ්‍රි ලංකාවේ හා බංලිදේශයේ ව්‍යවස්ථානුකූලව පත්වූ රජයන් වෙනුවට මහජන ඡන්දයකින් පත් නොවූ වෙනත් පාර්ශවයන් අතට බලය හුවමාරු වීම නීත්‍යානුකූල වී ඇත. මේ අතර ජූනි මස බදු සංශෝධන යෝජනාවලට විරුද්ධව කෙන්යාවේ, ආර්ථික ප්‍රතිසංස්කරණවලට විරුද්ධව නයිජීරියාවේ, රජයේ දූෂණවලට විරුද්ධව උගන්ඩාවේ විරෝධතා හට ගැනුණි. විදේශ සංචිත ඌණතාවයක් මුහුණ දී ඇති මාලදිවයින් පාලනයේ පැවැත්ම අවිනිශ්චිත වී ඇත. මතුපිටින් පෙනෙන ආකාරයෙන් හෝ ආසන්නතම කාරණා කුමක් වුව මේ සෑම විරෝධතාවයකටම පොදු වූ තීරණාත්මක සාධකයක් ඇත. ඒ ඉදිරි දශකය මෙහෙයවන ලෝකයේ බලගතුම සාධකය ලෙස අපගේ පෙර කලාප කිහිපයකම සදහන් කළ 1997-2012 උපන් ‘ඉසෙඩ් පරපුර’මෙම ව්‍යාපාරවල ජවය වීමය. 1981-1996 උපන් මිලේනියම් පරපුරෙහි බොහෝ අයද මෙම ව්‍යාපාරවල දී ඉසෙඩ් පරපුර හා එක් වෙති. සෑම රටකම මෙම දෙපිරිස එරට ලියාපදිංචි මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50% ඉක්මවති.
රැකියාවක් ගෙයක් දොරක් හා දූ පුතුන් සහිත සුරක්ෂිත අනාගතයක් බලාපෙරොත්තුව ප්‍රථමවරට සිය ඡන්දය පාවිච්චි කිරීමට එන ඉසෙඩ් පරපුර තමාට හිමිවන්නේ තවත් කාණ්ඩයක් විසින් කාලයක් තිස්සේ අස්ථිර කරන ලද අනාතයක් හා ගෙවිය යුතු විශාල ණය බරක් බව අවබෝධකර ගනිත්. දූෂණ පිරි අවිධිමත් ණය හා මූල්‍ය පාලනයක් දශක කිහිපයක සිට ගෙන ආ පාලනයන් මීට වගකිවයුතු බව වටහා ගන්නා ඔව්හු පවතින ක්‍රමය වෙනස් කිරීම තම වගකීමක් කර ගනිති. විරෝධතා මැද ඉවත් වූ ආණ්ඩු ණය බරෙහි වගකීම ද විරාරෝධතාවයෙන් බිහි වූ අලුත් පාලනයන්ට බාර දුන්නේය. ශ්‍රී ලංකාවේ හා බංගලිදේශයේ සිදු වූ පරිදි තවමත් ප්‍රතිපත්ති සම්පාදන මට්ටමක හෝ වගකීම් දරන ඉහළ මට්ටමක තනතුරු නොඋසුලන ඉසෙඩ් පරපුර එක සංවිධානයක් ලෙස කිසිම සමාජයක සංවිධානය වී නැතත් අවස්ථානුකූලව එක්වීමට පහසු තාක්ෂණ හා විචාර මට්ටමකින් සන්නද්ධ වී සිටිති. එමෙන්ම බලය අතහැර දැමූ පාලනයන්ට ද තම පාලන කාලවල ගොඩ ගැසුන වගකීම බාරගැනීමට හෝ ඔවුන්ගේ තැන ගන්නා වෙනත් පාර්ශවයකට ඒ සඳහා මග පෙන්වන සැලසුමක් සතු නොවූ බවත් ඉසෙඩ් පරපුර අවබෝධ කර ගනිති.
ආසන්න ලෙස ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කි. දළ ජාතික නිෂ්පාදනය අ.ඩො. 84 කි. ඒක පුද්ගල ආදායම අ.ඩො.3280 කි. දකුණු ආසියානු කලාපයේ දෙවෙනි විශාලතම ආර්ථිකය යැයි සැලකුණ බංගලිදේශයේ ජනගහනය මිලියන 173 ආසන්නය. 2022 දී දළ ජාතික නිෂ්පාදනය අ.ඩො. බිලියන 460 ඉක්ම වීය. ඒක පුද්ගල ආදායම අ.ඩො. 2784 කි. ජනගහණයෙන් 18.7% ක් දරිද්‍රතා මට්ටමින් පහතය. දූෂණ හා දේශපාලන ග්‍රහණයට මැදි වූ බංගලිදේශ ආර්ථිකයේ විදේශ ණය ප්‍රමාණය අ.ඩො.බිලියන 100කට ආසන්න වුණ අතර මීට සමාන මුදලක් දේශපාලන බලවතුන් හා හිතවතුන් විසින් අයථා පරිදි විදේශ රටවල තැන්පත් කර ඇති බවට ද රට තුළ විරැකියාවෙන් හා අධ්‍යාපනයකින් තොරව සිටි සංඛ්‍යාව මිලියන තිහකට වැඩි වූ බව ද වාර්තා වේ. ආදායමෙන් විශාල ප්‍රතිශතයක් සෞඛ්‍ය, අධ්‍යාපනය හා මහජන සේවා සැපයීමට නොව ණය ගෙවීම සදහා යෙදිමට සිදුවීය. 2017 සිට රාජ්‍ය විරෝධී ව්‍යාපාර නිසා සිරගත කළ ක්‍රියාකාරීන් සංඛාව 20.000 ඉක්මවා ඇත. මෑතම වූ විරෝධතා නිසා 1000කට වැඩි සංඛ්‍යාවක් මියගිය බවට හා ශිෂ්‍යයන් 400කට වැඩි ප්‍රමාණයකට ඇස් පෙනීම අහිමි වූ බවට ප්රවෘත්ති වාර්තා පළ වීය. රටෙහි විශාල කොටසක් දශක ගණනක සිට මෙම පීඩනයට හසුව සිටි අතර ‘ඉසෙඩ් පරපුරේ විප්ලවයක් මගින්’ ජ්‍යෙෂ්ඨ පාලනයක් ඉවත් වූ බව නොබෝදා වූ වෙනස්කම් ගැන CNN ප්රවෘත්ති සේවය වාර්තා කළේය. ජීවිත හානි නොවූවද ප්‍රමාණාත්මකව අඩු වැඩි ලෙස ආර්ථික හා සමාජයීය වශයෙන් ශ්‍රී ලංකාවේ පැවතියේද මෙම තත්ත්වයම.
ශ්‍රී ලංකාවේ ඉසෙඩ් හා මිලේනියම් දෙපරපුර මුළු ඡන්ද ප්‍රමාණයෙන් 53%ක් බව වාර්තාවේ. 2024 පෙබරවාරි පැවති ඉන්දුසීයානු මැතිවරණයට අදාළව The Populix ආයතනය කළ සමීක්ෂණයක දී ජනාධිපතිවරයෙකු සතු විය යුතු ගුණාංග ලෙස ඉන්දුනීසියානු ඉසෙඩ් පරපුර මුල්ම තැන දුන්නේ නායකත්ව ගුණාංගවලටය. පැහැදිලි දැක්මක් හා ප්රතිපත්තීන් දෙවැන්න වීය. බුද්ධිමත් භාවය, ගැටළු විසදීමේ හැකියාව හා අවංක බව ඊළග ගුණාංග වීය.
හොඳ අධ්‍යාපන පසුබිමක සිටින ශ්‍රී ලාංකීය ඉසෙඩ් හා මිලේනියම් පරපුර ද මෙවැනිම ගුණාංග කෙරේ අවධානය යොමු කරනු ඇත. 2024 අගෝස්තු ඩේලි මිරර් පුවත්පතෙහි ‘ඉසෙඩ් පරපුර ලංකාවේ ඊළග ජනාධිපති තීරණය කරත්ද?’ යන මැයෙන් පළ වූ සමීක්ෂණ වාර්තාවක නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කිරීම, දූෂණ හා ඥාති සංග්‍රහ අවසන් කිරීම, සමාජ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීම, දේශපාලනය සදහා අධ්‍යාපන මට්ටමක් තීරණය කිරීම, ජනතාව දැනුවත් කරවීම, අධ්‍යාපන මට්ටමට අනුව රැකියා වැනි ප්‍රමුඛතා රාශියක් ඉසෙඩ් පරපුරෙහි අපේක්ෂා අතර ඇතුළත් කර ඇත. ජනාධිපතිවරණයේ දී මීට පෙර ඡන්දය භාවිතා කර අත්දැකීම් නැති ඉසෙඩ් පරපුරේ හැසිරීම අපැහැදිලි බව ඉහත කී සමීක්ෂණ වාර්තා සදහන් කරන අතර රටෙහි තීරක බලය අතට ගන්නා ඉසෙඩ් හා මිලේනියම් පරපුර වැරදීමකදි තවදුරටත් සමාව නොදෙනු ඇතැයි තවත් වාර්තාවක් සදහන් කරයි. ශ්‍රී ලංකාව ජනපතිවරණයකට යන්නේ මෙවැනි පසුබිමක ය.
-ශ්‍රී ලංකන්ස්