මූල්‍ය ප්රතිපත්තී, අපනයන වර්ධනය හා සංචාරක කර්මානේතය යළි ක්‍රමවත් වීම මගින් නවසීලන්ත ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිතැයි පැවසේ. එහෙත් මැදපෙරදිග අවුල් හා වසංගතයෙන් පසු තවමත් ඉතිරි වුණ ගැටලු නිසා ඇති අවිනිශ්චිත තාවයක මත ශ්‍රී ලාංකීය ප්‍රජාව මුහුණ දෙන ගැටළු බොහෝය.
භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම (උද්ධමනය) ප්‍රධාන ගැටලුවකි.
2026 මාර්තු වනවිට නවසීලන්ත වාර්ෂික උද්ධමනය 3.1% කි. නිවාස කුලී, නිවාස ණය වාරික, ආහාර ද්‍රව්‍ය, විදුලි බිල්පත්,වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ/සේවා සහ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. රටෙහි සාමාන්‍ය ගෙවල් කුලී ඇස්තමේන්තුව සතියකට $625 ක් ලෙස, ඕක්ලන්ඩ් නගරයේ වාර්ෂික ආදායම පවුලකට නවසීලන්ත ඩොලර් 162,000. ලෙස ඇතැමුන් ගණන් බලා ඇත.
රැකියා අහිමිවීම සහ අනාරක්ෂිතභාවය තවත් ගැටළුවකි.
2026 මාර්තු නවසීලන්ත විරැකියා අනුපාතය 5.3% කි. ජනගහණයෙන් 163,000 කට රැකියා නැත. ඌන සේවා නියුක්තිය(අර්ධව සේවා නියුක්ත) 12.9%. ඒ අනුව ජනගහණයෙන් 406,000ක් තව ශ්‍රමය සැපයුමට සොයති. 15-24 අතර තරුණයෝ 24.9% ක් රැකියා සොයති. දළ ලෙස මුලු ජනගහණයෙන් 67% රැකියා නියුක්තය. (stats.govt.nz/indicators/unemployment-rate/) ඉදිකිරීම්, සිල්ලර වෙළඳාම, ආගන්තුක සත්කාර ක්ෂේත්රය සහ කුඩා ව්‍යාපාර වැනි අංශවල රැකියා අවස්ථා අඩු වී ඇත. කෙනෙකුට තම සුදුසුකම්වලට ගැලපෙන රැකියා සොයා ගැනීම තවදුරටත් දුෂ්කර වී තිබේ.
නිවාස තවත් ප්රශ්නයකි.
රටෙහි මුළු ජනගහනයෙන් 66% කට නිවාස හිමිය. ජාතීන්ගේ ජනගහණයෙන් නිවාස හිමි අනුපාතය යුරෝපීයයන් : 58.6%. ආසියාතික (ශ්‍රී ලාංකිකයන්ද ඇතුලුව): 42.6%. මඕරි: 30.4%.පැසිෆික් ජාතීන් 19.9%. ජනවාර්ගිකත්වය ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලාංකික ජනගහණයෙන් සිංහල ප්‍රතිශතය 60 % කි. දමිළ ප්‍රතිශතය 9% ක් වේ. ඉතිරි ප්‍රතිශතය ජාතිකතක්වය අප්රකාශිත හා විවිධ ජනකොටස්වලින් මිශ්රය. සිංහල ජනගහණයෙන් 68% කට හා ලංකා දමිළ ජනගහණයෙන් 51% කට නිවාස නැතැයි ද ඇතැම් සංඛා ලේඛන පෙන්වයි.
සමස්ථයක් ලෙස ජනගහණයෙන් 25% ක් පමණ තම ආදායමසින් 40% ට වැඩි ප්‍රමාණයක් නිවාස සදහා වැය කරතැයි ඇස්තමේන්තු කර ඇත. සෞඛ්‍ය ඇතුළු අනෙකුත් වියදම් හා දූ දරු අධ්‍යාපනයට වියදම් කිරීම මෙම ජනකොටස්වලට අභියෝගයක් වී ඇත. මිල සහ මූලික තැන්පතුව පිළිබද ගැටළුව නිසා බොහෝ පවුල්වලට නිවසක් මිලදී ගැනීම දුෂ්කරවී ඇත. පළාත් අනුව නිවාස මිල වෙනස් වේ. ඕක්ලන්ඩ්වල නිදන කාමර 3 ක නිවසක මධ්‍ය මිල ලක්ෂ 10 කි. වෙලින්ටන් ඩො. 750-790,000 අතරය. කැන්ටබරි ඩො. 735,000කි. කවුරුත් රැකියාවට හා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවලට ගැලපෙන නගරයක නිවසක් තෝරා ගත යුතුය.
මැද පෙරදිග හා යුක්රේන අවුල් තත්වයන් මැද ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාවයන් මෙම ප්රශ්නය වැඩි කරවයි.
-ශ්‍රී ලංකන්ස්-






