දුමින්ද කුරුප්පුආරච්චි

ඔටාගෝ විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ හා මූල්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසත් මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙසත් වසර 15 පමණ සේවය කර ඇත. වර්තමානයේ ඔහු ඩනීඩින් ශ්‍රී ලංකා සමාජයේ භාණ්ඩාගාරිකවරයා ලෙසත් ක්‍රයිස්චර්ච් සමාධි බෞද්ධ භාරකාරත්ව මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි. වීඩියෝ සංස්කරණය කරමින් සහ ඩනීඩින් හි සිදු කෙරෙන සම්මුඛ සාකච්ඡා සඳහා සහාය දක්වමින් ශ්‍රි ලංකන්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස දුමින්ද 2022 සිට දායකත්වය ලබා දෙයි.
*****
ඩිහාන් හෙට්ටිආරච්චි

2023 දී ශ්‍රී ලංකන්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත් වූ අතර වීඩියෝ සංස්කාරකවරයෙකු සහ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස යූටියුබ් කණ්ඩායමට සම්බන්ධව ඔහු කටයුතු කරයි. මීට අමතරව යුටියුබ් නාලිකාවේ කළමනාකරණ කටයුතු ද ඔහුට පැවරී ඇත.
දැනට ඩිහාන් වෙලින්ටන් වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටී. ඔහුගේ අධ්‍යයන හා මාධ්‍ය කටයුතුවලින් ඔබ්බට, ඩිහාන්ට ශ්‍රී ලාංකික සංගීතය සහ උතුරු ඉන්දියානු සම්භාව්‍ය සංගීතය කෙරෙහි ගැඹුරු ඇල්මක් ඇති අතර එය බොහෝ විට ඇතැම් වීඩියෝ නිර්මාණ සඳහා තේමා සහ පසුබිම් සංගීතය ඔහුගේ වීඩියෝ සංස්කරණයන් තුළ ඔබට දැක ගත හැක.
*****
රිවිත් ජයවර්ධන

රිවිත් ජයවර්ධන 2024 පෙබරවාරි මාසයේ ඕක්ලන්ඩ් නගරයට පැමිණි අතර දැනට ඔහු Lynfield පාසලේ 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. ඔහු වැඩිපුරම රුචිකත්වයක් දක්වන්නේ ව්‍යාපාර අධ්‍යයනයටයි. ඔහුගේ මාධ්‍ය ගමන ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අතර Asian Grammar පාසලේ මාධ්‍ය කණ්ඩායමේ සහ සිංහල සංගමයේ සභාපති ලෙස කටයුතු කළේය. එසේම ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්හි දෙකෙහිම මන නිපුණතාවයක් දක්වයි.
වීඩියෝ සංස්කරණ සහ සමාජ මාධ්‍ය අලෙවිකරණ ක්ෂේත්‍රවල විශේෂ උනන්දුවක් ඇති සහ නවීන ඩිජිටල් ලෝකය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති ඔහු පාසලේ interact සංගමයේ වීඩියෝ සංස්කරණයෙන් දායක විය. අධ්‍යාපනය සහ මාධ්‍ය කටයුතුවලට සේම රිවිත් ශාරීරික පුහුණුව සදහාද කැප වූ කෙනෙකි. ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ බැඩ්මින්ටන් තරග සදහා සහභාගි වූ ඔහු එහිදී උපනායකයෙකු ලෙස කටයුතු කර ඇත.
*****
ඔසඳ යොහාන්

කළමණාකරණය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය ලබා ඩිජිටල් අලෙවිකරණ අංශයේ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වශයෙන් රැකියාව කරන ඔසඳ 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකන්ස් සමඟ සම්බන්ධ විය. සමාජමාධ්‍යයන්හි නව ප්‍රවණතාවයන්ට අනුව අන්තර්ජාල වේදිකාවන් සදහා අන්තර්ගතයන් (Content Creation) ලියයි. දැනට ශ්‍රී ලංකන්ස් පුවත්පතේ පිළිසදර වැඩසටහන් ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවයි.
Creative Digital Agency ඩිජිටල් නිර්මාණ ආයතනයක් වන Thinking Dots Agency මෙන්ම Digital & ඩිජිටල් හා සම්ප්‍රදායික මාධ්‍ය ප්‍රචාරණ සමාගමක් වන Dentsu Grant Agency ආයතනයේද සේවය කර ඇති ඔසඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වසර හතරකට ආසන්න කාලයක පළපුරුද්ද ක් ලබා ඇත. දැනට අලෙවි ක්ෂේත්‍රයේ ( Full Stack Marketer කෙනෙක් ලෙස) සේවය කරන ඔහුගේ කාර්යයන් වන්නේ ප්‍රධාන වශයෙන් විධික්‍රම හා මාධ්‍ය ඇස්තමේන්තු සැලසුම්කරණය ය. (Strategy and Media Budget Planning in Facebook Ads, Google ads, Linked Ads and Tiktok Ads Run). ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා සහ සමාජ මාධ්‍යයන්හි අන්තර්ගතයන් සකස්කරන ප්‍රචාරණ ආයතන සමග කටයුතු කර ඇති පළපුරුද්ද මෙහිදී ඔහුට උපකාර වී ඇත.
ඩිජිටල් මාධ්‍යයන් හි ඇති නව ප්‍රවණතාවන්හි ඇති පළපුරුද්ද හා දැනීම මගින් ඔසඳ ශ්‍රී ලංකන්ස්වලට විශේෂ දායකත්වයක් ලබා දෙයි.






