fbpx
11.2 C
New Zealand
Sunday, April 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

The Blessed Fool – අසිරිමත් උමතුව | මලිත් චතුරංග සමරසිංහ – ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2021 පාස්කු මංගල්‍යය වෙනුවෙන්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර කලාකාමී පිරිසකගේ එකමුතුවෙන් නිමවූ,  ‘The blessed fool හෙවත් අසිරිමත් උමතුව’ වේදිකා නාට්‍යය, පසුගිය පෙබරවාරි 27 වනදා, Glen Eden Play house theatre හිදී වේදිකාගත වුණා.

මනරම් නර්ථනයෙන්ද, මධුර ගීතයෙන්ද, සටන් සහ අතිශය හැඟුම් බර ජවනිකාවන්ගෙන්ද සපිරි මෙම කලා නිර්මාණය, ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් එක එල්ලේ රඳවා තබා ගැනීමට සමත් වූ අතර, අවසන ලද නොමද ඔල්වරසන් තුලින් පෙනී ගියේ, ‘අසිරිමත් උමතුව’ ප්‍රේක්ෂකාගාරය කලා රසයෙන් උමතු කිරීමට සමත් වූ බවයි. 

අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස් මුණිතුමාගේ ජීවිත කතාව අළලා සකස් කළ මෙම වේදිකා නාට්‍යයේ, Francis of Assisi ලෙස මධුජිත් සිල්වා සහ Claire of Assisi ලෙස අචලා නෙලුනිකා ප්‍රධාන චරිතයන්ට පණ පොවමින් විශිෂ්ඨ රංගනයක නියැලුණ අතර, සෙසු චරිතයන් නිරූපණය කරමින් 30කට පමණ ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටියා.

මව්බිමෙන් එපිටදී මෙවැනි අද්විතීය නිර්මාණයන් නැරඹීමට ඇති ඉඩකඩ ඉතා විරල බැවින්, ප්‍රේක්ෂකාගාරය තුල ඉතා හොඳ සහභාගිත්වයක් දක්නට ලැබුණ අතර නාට්‍යය නැරඹීම සඳහා කිසිදු ඇතුල්වීමේ ගාස්තුවක් අය නොකිරීමටත්, නාට්‍යය වෙනුවෙන් විශේෂ සමරු කලාපයක් මුද්‍රණය කිරීමටත් සංවිධායක කමිටුව කටයුතු කර තිබුණා.

මනරම් නර්ථනයෙන්ද, මධුර ගීතයෙන්ද, සටන් සහ අතිශය හැඟුම් බර ජවනිකාවන්ගෙන්ද සපිරි මෙම කලා නිර්මාණය, ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් එක එල්ලේ රඳවා තබා ගැනීමට සමත් වූ අතර, අවසන ලද නොමද ඔල්වරසන් තුලින් පෙනී ගියේ, ‘අසිරිමත් උමතුව’ ප්‍රේක්ෂකාගාරය කලා රසයෙන් උමතු කිරීමට සමත් වූ බවයි. 

රමණි රුක්ලාන්ති ප්‍රනාන්දුගේ රංග වස්ත්‍ර නිර්මාණයෙන්ද, චතුරිකා දිල්ෂානිගේ වේශ නිරූපණයෙන්ද, නිශී රණතුංගගේ නර්ථන වින්‍යාසයෙන්ද, ඩිලන්ත ප්‍රසාද්ගේ සංගීතයෙන්ද, රණුක පෙරේරාගේ පිටපත් රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්ද හැඩ වූ ‘The blessed fool හෙවත් අසිරිමත් උමතුව’, නවසීලන්තයේ ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලා කවයේ අභිමානවත් ඉදිරිපත් කිරීමකි.

මලිත් චතුරංග සමරසිංහ,ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.