fbpx
12.2 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Casual Accessories trends – Fashion Trending – නවතම ආයිත්තම් විලාසිතා

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2021 වසර විලාසිතා ලෝකය නවතම මානයකට ගෙන ගිය වසරක් කිව්වොත් නිවැරදියි . ආයාසයකින් තොරව සුන්දර වෙන, ඒ වගේම සැහැල්ලු බවට, ස්වභාවිකත්වයට වඩාත්ම නැඹුරුවන විලාසිතා පසුගිය වසරේත් මේ වසරේත් ලෝකයේ ඉදිරියෙන්ම තියෙනවා . 

ඉතින් අද කතා කරන්න යන්නේ ඇඳුම් වගේම තමන්ගේ පෙනුමට ගොඩක් වැදගත් දෙයක් වෙන accessories එහෙම නැත්නම් ආයිත්තම් පිළිබඳව.

2021 වසරේදී  ආයිත්තම් විලාසිතා වල කැපී පෙනෙන දේවල් කිහිපයක් තියෙනවා.

1) Layered Necklaces-විවිධ දිගින් යුත් සිහින් මාල පොටවල් . 

විවිධ දිගින් යුත් රත්තරන් මාල විලාසිතා ලෝකයේ ඉදිරියෙන්ම තියෙන දෙයක්.,ඒවාට විවිධ ප්‍රමාණවලින්  පෙන්ඩන්ට් මුසු කරලා අමුතුම පෙනුමක් තමන්ගේ ගෙළට ලබාදෙන්න පුළුවන් . හතරැස් හෝ sweet heart neck සහිත ඇඳුම් වලට හරිම අමුතු ලස්සනක් ගෙන දෙනවා. 

Layers and Layers of thin gold and vintage necklaces always put together your casual glamour on point. So dig on to your Jwellary stocks. Take out your different lengths of necklaces and layer them around your neck. Dainty pendants add all the glitter to your face. 

2) Tiny bags.-කුඩා අත්බෑග් 

ගොඩක් යුවතියන් හැමදේම දමාගෙන  යන්න පුළුවන් විශාල අත් බෑග් වලට කැමති උනත් නවතම විලාසිතා නැඹුරුව නම් කුඩා ප්‍රමාණයේ පසුම්බි, ප්‍රායෝගික බව කෙසේ වෙතත් තමන්ගේ අඳින ඇඳුමට ඉතාමත්ම ලස්සනක් දෙන්න මේ පුංචි ප්‍රමාණයේ අත්බෑග් සමත් වෙනවා . ලස්සන පැස්ටල් පැහැයන්ගෙන් යුත් හොඳ හැඩයක් සහිත හොඳ නිමාවක් සහිත structured අත්බෑග් මේ සමයේ දී යුවතියන් අතර අතිශයින්ම ජනප්‍රිය යි .

3) Square toed sandles-හතරැස් ඉදිරිපස සහිත පාවහන් . 

ඉදිරිපස හතරැස් හැඩයේ sandles වර්ගයේ පාවහන් වසන්ත කාලයේදී ගිම්හානයේ දී විලාසිතා ලෝකයේ  ඉදිරියෙන්ම තිබුණා. ලස්සන සුරුබුහුටි බවත් මට සිලිටි බවත්, ගවුම් සායවල් සහ jeans ආදී ඕනෑම ඇඳුමකට ගැලපෙන බවත් ඒ පාවහන් වල විශේෂත්වයයි . ඉතින් feminine ගතිය ගොඩක් කැපීපෙනෙන සිහින් පටි සහිත square toed sandles  වර්ගයේ පාවහන් මේ සමයේ දී කැපී පෙනෙන්න අවශ්‍ය නම් මිලදී ගන්න . 

Yes, this stylish shoe shape goes a long way in your glam quotient. Strappy the better. Goes well with jeans and dresses and skirts. 

4) Round Sunglasses-රවුම් හැඩයේ අව් කණ්නාඩි . 

පාට කන්නාඩි වලින් බැලීම හොඳ නැහැ කිව්වත් 70 දශකයේ hippie ආභාෂයක් ඇති රවුම් හැඩයේ විවිධ වර්ණ ගැන්වූ අව් කණ්නාඩි  මේ කාලයේදී තරුණ යුවතියන් අතර ඉතාමත්ම ජනප්‍රියයි.

Think Elton Jhon. Think colourful hippy bohemian glasses. Yes, that’s the eyewear trend that will be coming to shade your eyes this coming months. 

5)Hoop earrings-රවුම් හැඩයේ කරාබු . 

රවුම් gypsy ආකාරය විශාල hoop earings ආයිත්තම් ලෝකයේ ඉදිරියේම තියෙනවා . වෙනත් කිසිම ආභරණයක් නැතුව උනත් මේ වගේ earings එකකින්  තමන්ගේ ඇඳුමට සරල සැහැල්ලු නමුත් ලස්සන පෙනුමක් ලබා ගන්න පුළුවන්. රත්රන් පැහැ hoop earings මේ අතරින් ගොඩක්ම ජනප්‍රියයි . 

Iranga Edirisooriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.