fbpx
13.5 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ස්වාභාවික හැඩගැන්වීම් – Natural Makeup | Iranga Edirisooriya

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අද අපි කතා කරමු ඉතාම සරල සාමාන්‍ය ගමනකට දාන්න පුළුවන්  ස්වාභාවික හැඩගැන්වීමක් ගැන.

ස්වාභාවික හැඩගැන්වීම් හැම විටම විලාසිතා ලෝකයේ අංක එකට වැජඹෙනවා .

මේකප් කිව්වම වෙළදපොලේ විවිධ නාමයන් යටතේ විවිධ මිල ගණන්වලට ගන්න පුළුවන්. ඒත් තමන්ගෙ සමට ගාන දෙයක් යම්තාක් පිළිගැනීමක් තියෙන උසස් වර්ගයකින් තෝරා ගන්න කියලා මේ වෙලාවේදි කියන්න කැමති. නැත්නම් කාලයක් යාමේදි තොල් කලුවීම, සමේ කුරුලෑ ඒම ආදි අහිතකර ප්‍රතිඵල අත්විදින්න පුළුවන්. ඉතින් අපි බලමුද එදිනෙදා ස්වභාවික මේකප් එකක් ඉක්මනින් කරගන්න ආකාරය.

01. Cleansing, toning and moisturizing 

පළමුවෙන්ම සම හොඳින් පිරිසිදු කරන්නම ඕනි. Toner මඟින් පිසදාලා ඉන් පසු තමාගෙ moisturizer  ආලේප කරන්නේ.

02. Primer

Make up primer කියන්නෙ වැඩි වෙලාවක් මේකප් එක සමේ රදවා ගන්න හා සම සූදානම් කරන ආලේපනයක්. Primer මුහුණ හා බෙල්ලේ සමව ආලේප කිරීම අවශ්‍ය යි.

03. Foundation/BB cream

Foundation එහෙම නැත්නම් පදනම්  ආලේපනය සමේ අවපැහැ තැන් වසා මනා නිමාවක් ලබා දෙන දෙයක්. honda ලස්සන සමක් ස්වාභාවික හැඩගැන්වීම්වල  වල අත්‍යවශ්‍ය අංගයක්. පදනම් ආලේපන කිව්වම;

Liquid foundation

Stick foundation

Cream souffle, ආදි වශයෙන් වෙන් වෙනවා. වඩා වැඩි coverage එකකට ස්ටික් හෝ cream වශයෙන් එන foundation භාවිතා කරන්න පුළුවන්. තෙත ස්පොන්ජ් එකක් භාවිතා කරමින් එය මුහුණ පුරා ආලේප කර ගන්න පුළුවන්. 

Liquid foundation දියරමය ස්වභාවයකින් යුක්තයි. සාමාන්‍ය අඩු coverage එකක් හා ස්වභාවික පෙනුමක් දෙනවා. මුහුණ පුරා තිත් ආකාරයෙන් ආලේප කර පසුව එය sponge හෝ ඇඟිලි  මඟින් මනාව ආලේප කරන්න පුළුවන්.

අද වඩා ප්‍රචලිත BB cream ඉතාමත් ස්වභාවික පෙනුමක් සහ ලස්සන නිමාවක් සමට දෙනවා. හිරු එළියෙන් ද සම ආරක්ෂා කරනවා. සමට තෙතමනයක්ද ලබාදෙනවා.නමුත් පැල්ලම් වැසීම ආදී coverage එක අඩුයි. එදිනෙදා පාවිච්චියට ඉතාම සුදුසු ආලේපයක් හැටියට BB cream හදුන්වන්න පුළුවන්. ස්වභාවික ලස්සන ආවරණයක් මේ මඟින් ලබා දෙනවා.

04. Concealer.

ඊළඟට මුහුණේ ලප කැළැල් ඇති තැන්වල හා ඇස්‍ යට අදුරු තැන්වල කන්සීලර් ආලේප කරන්න පුළුවන් .

05. Loose powder / Compact powder

Foundation හා concealer  හොඳින් පවත්වා ගැනීමට හා set කිරීමට loose powder බ්‍රෂ් එකක් ආධාර යෙන් ලාවට ටච් ස්වල්පයක් ආලේප කරන්න පුළුවන්. සමෙහි දිළිසෙන තෙල් පැහැ ගතිය මෙයින් අඩුවෙන අතර මේකප් එක කල් පවත්වා ගන්නත් පුළුවන් .

06. Blush

ඉතාමත් ස්වභාවික වර්ණයක් වන peach colour වැනි වර්ණයකින් පිච් පැහැති බ්‍රෂ් එකක් ආධාරයෙන් ලාවට blusher  ස්වල්පයක් ආලේප කරගන්න. මෙය සිනාසෙන විට ඉල්පී පෙනෙන කම්මුල් කොටසට ලාවට ස්වල්පයක් ආලේප කළ යුතුයි. 

07. Contour and highlighting

මුහුණෙහි හැඩතල ඉස්මතු කරන්න මේ නවතම ක්‍රමය යොදා ගන්නවා. නළල දෙපස Cheek bones යට හා හකු දෙපස තද පැහැති foundation එකකින් touch එකක් ආලේප කිරීමෙන් කර ගැනීමෙන් මුහුණ කෙට්ටු කර පෙන්වනවා. Nose cut යනුවෙන් හදුන්වන නාසය දෙපසද තද පාට තවරා සිහින් නාසයක පෙනුමක් ලබා ගන්න පුලුළුවන්. contouring. භාවිතයෙන්.

Highlight යනු එහි අනිත් පසයි. ස්වභාවික එළියක් වැටෙද්දි එළිය වැටෙන cheek bones උඩ නාසයේ දාරය උඩ සහ නිකට මැද ආදී තැන් ලාපැහැති highlighting powder එකකින් ලාවට ස්වල්පයක් ආලේප touch කරගන්න. මේ ක්‍රමය ඉතා ස්වභාවික විදියට කරන්න අවශ්‍යයි. තවද blend කිරීමත් ඉතා වැදගත්.

08. Eye brows

ඇහිබැමි brush එකක ආධාරයෙන් ඇහිබැමි දුඹුරු eyebrow powder හෝ පැන්සලක් ආධාරයෙන් ඇහිබැමි ලස්සනට ඇඳ ගන්න. මෙය මේකප් කිරීමේ දී ඉතා වැදගත් අංගයක්. ඇහිබැමි ඝනව ලස්සනට පිහිටා තිබෙන විට මුහුණට අමුතුම තරුණ ලස්සනක් එනවා. අමුතුම ලස්සනක්, තරුණ  පෙනුමක් එනවා

09. Eye makeup

ලස්සන  ස්වාභාවික eye shashadow පැහැයක් ඇහිපිල්ලම උඩ අයි ෂැඩෝ brush එකක් ආධාරයෙන් ආලේප කර ගන්න. එදිනෙදා මේකප් කිරීමේ දී දුඹුරු පාට හෝ බේජ් පාට eyeshadow සඳහා ගැළපෙනවා. වඩා තද දුඹුරු වර්ණයකින් ඇසේ crease එක පාට කරගන්න. උඩ ඇස් පිහාටු අගත් තද වර්නයක් ගාන්න. හොඳින් eye shadow brush එකකින් බ්ලෙන්ඩ් කරන්න. මෙය ස්වාභාවික පෙනුමකට හරිම වැදගත්.

Eyeliner/kajal.

Liquid eyeliner හෝ පැන්සලක් මාර්ගයෙන් උඩ ඇහි පිල්ලම දිගට හීනියට eyeliner ඇදගන්න. ඇස යට kajal මාර්ගයෙන් ලස්සනට ඇදගන්න. ඇහි පිහාටු මස්කාරා තවර ගන්න. එක coat එකක් ස්වභාවික පෙනුමකට හොදටම ඇති.

10. තොල්

ලිප් බාම් එකක් තොල් මත තවරා ඉන්පසු lip primer එකක් ආලේප කරන්න.

lip primer එකට පසුව තමාගේ තොල්වල වර්ණයට සමාන ලස්සන ලා රෝස හෝ beige color තොල් ආලේපන වර්ණයක් හෝ tinted lip balm එකක් ආලේප කරන්න. ලිප් ලයිනර් එකක් මාර්ගයන් තොල වටේ අවශ්‍ය නම් ලස්සනට ඇඳ ගන්න. මෙයත් වඩා තද පැහැති නොවිය යුතුයි. එවිට තමයි ස්වභාවික පෙනුමක් ගෙන එන්නේ. අවශ්‍ය නම් පමණක් lip gloss තොලේ මැද ආලේප කරන්න පුළුවන්.

මෙම මේකප් එක සාමාන්‍යයෙන් දාන්න පුළුවන් ඉතාම basic ස්වභාවික මේකප් එකක්. කාර්යාලයට හෝ එදිනෙදා පහසු ගමනකට මේ මේකප් එක ගැළපෙනවා. විනාඩි දහයක් හෝ පහළොවක් වැනි කාලෙකින් මේ මේකප් එක අපිට දාගන්න පුළුවන්. තමන්ගේ ස්වභාවික පෙනුම ස්වභාවික විදියට ලස්සන කරගැනීම හරිම වැදගත්. අමතක කරන්න එපා ලස්සනට සිනාසෙනත්. එයත් වැදගත්..

❤️ Iranga Edirisooriya ❤️ 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.