ශ්රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර අප්‍රේල් දෙවන ඉරිදා දින ඕක්ලන්ඩ් හි පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් සමත් විය. ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවි ලකුණු196 ලබා ගනිමින් ශ්රී ලංකා ඉනිම ක්‍රීඩා කළ අතර නවසීලන්ත පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු අටකට ලංකා පිල හා සමානව ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගය සුපර් පන්දුවාර එකට සීමා කිරීමට සිදුවිය. සුපර් ඕවරයේ සිට තම දස්කම් මනා ලෙස විදහා පාමින් නවසීලන්ත සංචාරයේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායම සමත් වීම සුබ ලකුණකි.
ඕක්ලන්ඩ් නගරයේ ඊඩන් පාක් ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ සජීවී විකාශය අතරතුර එක්තරා සුවිශේෂී සිදුවීමක් විය. එනම් නවසීලන්තයේ ආදිවාසීන් භාවිතා කරන මෞරි භාෂාවෙන් රටවල් දෙකෙහිම නාමයන් සජීවී තිර ඔස්සේ දිස්වීමයි. නවසීලන්ත මෞරි භාෂාව ජාත්‍යන්තරයට ගෙන යාමේ සහ අභාවයට යමින් පවතින නවසීලන්ත ආදි වැසියන්ගේ මෞරි භාෂාව තවදුරටත් එසේ නොවී පවත්වාගෙන යාමේ අරමුණු පෙරදැරි කරගෙන ගත් උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැක.
දිගු වළාකුල් භූමිය : AOTEAROA නවසීලන්තය සඳහාද , සේද දේශය , HÍRAKA ශ්‍රී ලංකාව සඳහාද, ලකුණු පුවරු වල රටවල් දෙකේම නාමයන් මෞරි භාෂාවට හරවා තිබීම විශේෂිත වන අතර විස්සයි- විස්ස ක්‍රිකට් තරගයකදී නවසීලන්තය විසින් තරගයන් සදහා සහභාගී වන රටවල් වල නිළ නාමයන් තම භාෂාවෙන් වෙනස් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු වී හමාරය.