fbpx
13.7 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

යුක්රේනයට සහය වීමට C130 Hercules සහ ශක්තිමත් කණ්ඩායමක් නවසීලන්තයෙන් යුරෝපයට

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඊයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern නිවේදනය කළේ නවසීලන්තය යුක්රේනයට අමතර සහයෝගයක් ලබා දෙන බවයි.
යුක්රේනයට මේ වන විට පවතින ගැටුම්කාරිත්වය සමනය කිරිමට මිලිටරි සහය, ප්‍රවාහන සහ බෙදා හැරීම කටයුතු සදහා  උපකාර ඉක්මනින් අවශ්‍ය වන බවයි වාර්තා වී තිබුණේ.
යුක්රේනයේ පවතින යුධමය තත්ත්වය පාලනය කිරිමට දක්වන සහයෝගයක් ලෙස නවසීලන්ත රජය :
• බදාදා දින පුද්ගලයින් 50 දෙනෙකු සමඟ C-130 හර්කියුලිස් (C-130 Hercules)යානය යුරෝපයට යොදවන්නත්
• ජර්මනිය පදනම් කරගත් තවත් සැපයුම් විශේෂඥයින් අට දෙනෙකු යොදවන්නත්
• යුක්රේන හමුදාව සඳහා උපකරණ ලබා ගැනීම සඳහා එක්සත් රාජධානිය වෙත අතිරේක ඩොලර් මිලියන 13 ක ආධාරයක් ලබා දෙන්නත්
කටයුතු සලසා ඇත.

“ගෝලීය ස්ථාවරත්වය සඳහා යුරෝපා කලාපයේ සාමය අත්‍යවශ්‍ය බැවින් රුසියානු ආක්‍රමණ මැඩපැවැත් වීම සඳහා යුක්රේන හමුදාවට සහාය වීම අපගේ අරමුණයි,” Jacinda Ardern පැවසුවාය.

නවසීලන්තය විසින් මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර අර්බුදයකට  දැක්වූ මෙම සහයෝගය සැලකිය යුතු තවත් පියවරක් බව සඳහන් විය.

සම්පුර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්…

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.