සුමිත්‍රා ගුණවර්ධන ලෙසින් 1935 වසරේ මාර්තු මස 24 වැනි දින අවිස්සාවේල්ලේ ඉපිදී ලාංකීය සිනමාවේන් විශිෂ්ට ලෙස නික්ම ගිය ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සදාදරණීය බිරිඳයි.
හෙන්රි ගුණවර්ධන හා හැරියට් වික්‍රමසිංහ නම් දෙමාපියන්ගේ ඇසුරේ හැදී හැදුණු වැඩුණු ඇයට සහෝදර සහෝදරියන් තුන් දෙනෙකි.
අවිස්සාවේල්ලේ මූලික අධ්‍යාපනය හදාරා කොළඹ විශාඛා විද්‍යාලයෙන් සහ ඇක්වයිනාස් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට තරම් භාග්‍ය ලද ඇය 1964 ජුනි මස 19 වනදා විවාහ දිවියට පිවිසිය.
1968 වසරේ ගම්පෙරළිය චිත්‍රපටයට සංස්කරණයෙන් දායක වුණු ඇය , පිළිවෙලින් 1967 දෙලොවක් අතර, 1971බක්මහ දීගේ,1976 මඩොල් දූව , 1978 අහසින් පොළවට, 1980 ගඟ අද්දර යන සිනමා නිර්මාණයන් අතරින් සංස්කරණයට දායක විය. ඇය අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි, ගඟ අද්දර, මායා, ලොකු දුව, සක්මන් මළුව, යහළුවෝ, මායා චිත්‍රපට ද 1978 වසරේ සිට 2009 වසර දක්වා දිවෙන කාලසීමාව අතරතුර ඉතාමත්ම ජනප්‍රිය වුණු නිර්මාණයන් කිහිපයකි.
1975 වසරේ දෑස නිසා චිත්‍රපටය ඇයගේ නිෂ්පාදනයක් වන අතරම, එකී මෙකී සිනමා කර්තව්‍යයන් උදෙසා අන්තර් ජාතික මට්ටමේ සම්මාන මෙන්ම ජනාධිපති සම්මාන, සරසවි සම්මාන වලින් පිදුම් ලැබීමට මේ මහා සිනමා සෙවනැල්ල සමත් විය.
ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට අතර ජනාදරයට පත් වූ චිත්‍රපටිය ලෙස ගඟ අද්දර චිත්‍රපටිය හැඳින්විය හැකි අතරම ජීවන ගමන සහකරුවා වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ඒ සඳහා ඇයට ලැබුණු සහයෝගය ඉතා අගනේය.
2023 වසරේ ජනවාරි මස 19 වනදා ශ්‍රී ලාංකීය සිනමාවට කඳුළක් එක් කරමින් අප අතරින් වෙන්වුන ඇයට නිවන් සුව පතමු.