fbpx
9.9 C
New Zealand
Saturday, March 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

2021 සඳහා නවසීලන්තයේ ඉහළම සෙවීම් ප්‍රවණතා

Must read

2021 සඳහා නවසීලන්තයේ ඉහළම සෙවීම් ප්‍රවණතා හෙළිදරව් වී ඇත, Covid-19 සමඟ නවසීලන්ත ජනතාව ක්‍රියා කළ ආකාරය Google Trends ප්‍රකාශයට පත්කර තිබුණි.

Google, ගෝලීය සංඛ්‍යා, Covid-19 නොවන ප්‍රවෘත්ති සිදුවීම්, පැණි රස වට්ටෝරු, රසවත් වට්ටෝරු, පාඩුව(loss), Covid-19 ආශ්‍රිත සිදුවීම්, ක්‍රීඩා සහ රූපවාහිනී වැඩසටහන් යටතේ ඉහළටම නැඟී එන සෙවුම් ලැයිස්තු එකතු කරයි. (global figures, non-Covid-19 news events, when, sweet recipes, savoury recipes, loss, Covid-19 related, sports, and TV shows)
එක් එක් මාතෘකාව යටතේ ඇතුළත් කිරීම් 10 ක් විය.

Image: flickr.com

නවසීලන්ත ජනතාවට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වූයේ රටේ Covid-19 තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමටය. Covid-19 NZ සහ තමන් උනන්දුවක් දක්වන ස්ථාන සෙවීම(locations of interest), දනෛික රෝගීන් සංඛ්‍යාව, එන්නත සහ එන්නත ලබා ගැනිමට දිනයක් වෙන්කරවා ගැනිමට, new traffic light system, My Covid report, මගේ සෞඛ්‍ය ගිණුම සහ මගේ එන්නත් අවසර පත්‍රය., වැනි සෙවුම් ඒ අතරින් කැපීපෙනේ.

NBA ගැන සෙවීම දෙවන ස්ථානයට පත් වූ අතර, ක්‍රීඩා ආශ්‍රිත සෙවීම් ද ඉහළම ස්ථාන 10න් හය වෙනි ස්ථානය ගත්තේය. කිවි ක්‍රීඩා චරිත සෙවුම් ද ප්‍රමුඛ වූ අතර ලීසා කැරින්ටන්, ලිඩියා කෝ සහ ක්‍රිස් කෙයාන්ස් ඊට ඇතුළත් විය.

Sophie Pascoe, Joseph Parker සහ Valerie Adams යන අය ගැන ද සොයා බලන ලදී.

නවසීලන්ත ජනතාවට විපක්ෂ දේශපාලඥයන් වන Judith Collins සහ Nicola Willis ගැන වැඩි විස්තර දැන ගැනීමට ද අවශ්‍ය විය.

ඇලෙක් බෝල්ඩ්වින් සහ ක්‍රිස්ටෝපර් රීව් යන නළුවන් ගෝලීය සංඛ්‍යාලේඛනවල ඉහළින්ම සිටි අතර, සිව් හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරිය ක්ලියෝ ස්මිත්ගේ අතුරුදහන් වීම තුන්වන ස්ථානයට පත්විය.

කොවිඩ් ත‌ොරතූරුවලට අමතරව මෙරට ජනතාව 2021 මාර්තු 5 සුනාමි අනතුරු ඇඟවීම, කර්මඩෙක් දූපත් (Kermadec Islands)සහ ආර්එස්වී වෛයිරසය (Respiratory syncytial virus -RSV)පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට ය.

ආදරවන්තයින්ගේ දිනය සමඟින්, ආදරය කරන අයට සලකන්නේ කවදාද යන්න ගැන කිවී වැසියන්ට අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබුණි.

මුලුතැන්ග‌ේ සෙවීම් කාණ්ඩය යටතේ, කිවි ජනයාට අවශ්‍ය වූයේ මිහිරි වට්ටෝරු යටතේ apple crumble, කැරට් කේක් සහ ස්කොන්ස් සකස් කරන ආකාරය දැන ගැනීමටය. savoury කාණ්ඩය යටතේ guacamole, වට්ටක්කා සුප් සහ පීසා pizza dough ආදිය පිළිබදව සෙවීම්කර ඇත.

පාඩුව සෙවුම යටත‌ේ මෙරට ජනතාව රග්බි සංගම් ක්‍රීඩක ෂෝන් වයිනුයි, පිලිප් කුමරු සහ ගැබි පෙටිටෝගේ මරණය පිළිබදව සෙවීම් කර ඇත.

රූපවාහිනී වැඩසටහන් සඳහා, Squid Game, Bridgerton සහ Sweet Tooth ලැයිස්තුවේ ඉහළින්ම ඇත.

සමස්තයක් ලෙස වැඩි වශය‌ෙන් ගූගල් කර ඇත්තේ:

– Covid-19 NZ

– NBA

– Stuff NZ

– Australia vs India

– NRL

– Locations of interest

– Olympic medal table

– Cricinfo

– My Covid Record

– Australian Open

Ref:

https://trends.google.com/trends/yis/2021/NZ/

https://newzealand.googleblog.com/

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.