fbpx
8.2 C
New Zealand
Monday, September 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

පිය නැගු පස් වසර | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අප කාටත් නොදැනීම ශ්‍රී ලංකන්ස් පුවත් සඟරාවට 2025 වසරේ දී පස් වසරක් සපිරෙනවා. නවසීලන්තයේ ජීවත් වන අයට ලියන්න අවස්ථාවක් සහ සිංහල පත්තරයක් කියවීමට අවස්ථාවක් ලබාදීම මූලික කරගෙන ආරම්භ කරන ලද ශ්‍රී ලංකන්ස් අද වන විට නවසීලන්තයේ පමණක් නොව විවිධ රටවල සිට ලියන අයගේ ලිපිවලින් පිරෙනවා. ඒ වගේම තමා අපේ දමිළ හිතවතුන් ද ශ්‍රී ලංකන්ස් පුවත් සඟරාවට ලිපි ලියන්න පටන් අරන්. එනිසාම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර නොමිලේ බෙදා හරින නවසීලන්තයේ තිබෙන එකම පුවත් සඟරාව ශ්‍රී ලංකන්ස්.

වෙනත් රටවල සිට නිර්මාණ එවන අයට ශ්‍රී ලංකන්ස් වෙබ් අඩවිය හරහා තම නිර්මාණ කියවීමටත් අවශ්‍ය නම් පුවත් සඟරාව තැපැල් මාර්ගයෙන් ලබා ගැනීමටත් කටයුතු සම්පාදනය කර ඇත. අනෙකුත් ඕනෑම අයෙකුටත් අපගේ වෙබ් අඩවිය තුළින් පසුගිය කලාපවල පළ කළ ලිපි නිර්මාණ කියවීමට හැකිය.

ශ්‍රී ලංකන්ස් පුවත් සඟරාව සෞඛ්‍යය, ආගමික, සොබාදහම, තාක්ෂණය, ක්‍රීඩා, ළමා පිටුව, කවි,කෙටිකතා ආදී විවිධ මාදිලියේ තේමාවන් ඇතුලත් පිටු හතළිහකින් සමන්විත වේ. අද වන විට පන්දහසකට ආසන්න පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කෙරේ. නොමිලේ ඔබේ අතට පත්වන පුවත් සඟරාවට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දෙන ශක්තිමත්  අනුග්‍රාහක  පිරිසක් ද අප සතුයි.  ඔවුන්ගෙන් ලැබෙන නොමද සහාය  අපි නිරන්තරයෙන්ම අගය කරන්නෙමු. අඩුම මිල ගණන් යටතේ පුවත්පත මුද්‍රණය කර ප්‍රවාහන කටයුතු සඳහා දායකත්වය නවසීලන්තයේ ප්‍රධානම මාධ්‍ය ආයතනයක් වන stuff NZ සමාගම ලබාදෙයි.

නවසීලන්තයේ ශ්‍රි ලාංකික ප්‍රජා / සමාජ සංවිධාන සහ අනෙකු සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රි ලංකන්ස් කණ්ඩායම අද වන විට සාර්ථක ගමනක් පැමිණ ඇත.  විවිධ ජනවාර්ගික ප්‍රජා සමූහයන් කිහිපයක්ම  සිටින නවසීලන්තයේ ජනවාර්ගික ප්‍රජාපුවත්පත් (Ethnic group) සඳහා ලබාදෙන සාමාජිකත්වය, මාධ්‍යයන්  සඳහා ලබා දෙන  නවසීලන්ත මාධ්‍ය කවුන්සිලයේ සාමාජිකත්වය (Media Council Member) මෙන්ම  සුවිශේෂී වන්නේ නවසීලන්ත ප්‍රජා පුවත්පත් සංගමයේ (Community Newspaper Association Member) සමාජිකත්වය ද  ශ්‍රි ලංකන්ස් පුවත්පතට හිමිවීමයි. ඒ වගේම තමා නවසීලන්ත  ප්‍රජා  පුවත්පත් (Community Newspaper) අතර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන්වුණ එකම ප්‍රජා පුවත් සඟරාව වන්නේ ශ්‍රී ලංකන්ස් පුවත්පතය. එපමණක් ද නොව නවසීලන්ත රජය සහ අනුබද්ධ ආයතන විසින් ශ්‍රී ලාංකික ප්‍රජාවට ලබා දෙන නිවේදන දැනුම් දීමට ශ්‍රී ලංකන්ස් පුවත් සඟරාව තෝරාගෙන තිබීම අප ලද තවත් ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධව  කටයුතු කරන ආයතනයක්  ද ශ්‍රී ලංකන්ස් පුවත් සඟරාවට අනුග්‍රහය දැක්වීමට එකඟතාවය මේ වන විට පළ කර ඇත.

ශ්‍රී ලංකන්ස් පුවත් සඟරාවට පමණක් සීමා නොවී අපගේ වත්කම වූ පාඨක පිරිසගේ රසවින්දනය පුළුල් කරනුවස් ගුණාත්මක, හරවත් වැඩසටහන් ශ්‍රී ලංකන්ස් යූටියුබ් නාලිකා ඇතුලු අපගේ සමාජ මාධ්‍යවලින් රැගෙන එන බව ඔබ දන්නවා. ඒ සඳහා ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් මෙන්ම නවසීලන්තයේ විවිධ ක්ෂේත්‍රවල කුසලතා දැක් වූ  ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම් නිරන්තරයෙන්ම ඔබ සමග බෙදා හදාගත්තා. ඉදිරියටත් එම අවකාශය ඔබ සඳහාම විවෘතයි.

එපමණක් ද නොව ගුණාත්මක  ශ්‍රී ලාංකීය සිනමා පට නැරඹීමට නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ද උදාකර දී ඇත. එසේම 2024 වර්ෂයේදී වෙලින්ටන් නුවරදි ‘රස සරස’ නමින් රසවින්දන වැඩසටහනක් පැවැත්වීමට ද අපට හැකි විය. එය සාර්ථකව පැවැත් වූ බව වැටහුනේ අපට ලැබුණු ප්‍රතිචාර නිසාමයි. ‘ශ්‍රී ලංකන්ස්’ හැම විටම උත්සහ කරන්නේ නවසීලන්තය වෙසෙන බාල, මහළු, තරුණ කොයිකාගේත් හැකියාවන්ට ඉඩක් ලබා දෙන්නටය. ‘රස සරස’ එයට කදිම තෝතැන්නක්  බවට පත් වූයේ  වෙලින්ටන් ජීවත්වන ගීත ගායනයට සහ වාදනයට සහජ හැකියාවක් ඇති දරුවන්, තරුණයන් මෙන්ම වැඩිහිටියන්ගේ සුසංයෝගයෙන් මෙම ප්‍රසංගය පැවැත්වීමට හැකිවූ නිසාය. මෙයට සම්පත් දායකත්වය ලබා දුන්නේ ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර, වජිර ජයවර්ධන සහ ක්‍රිෂාන්ත වෑවිට යන මහතුන් ය.

‘රස සරසට’ ලැබුණු ප්‍රතිචාර නිසාම ප්‍රවීණ කාව්‍යවේදී මහින්ද ප්‍රසාද මස්ඉඹුල මහතා සම්බන්ධ කර ගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ ‘රස සභා’ නමින් කවිය පිළිබඳව වැඩසටහනක් විවිධ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් එකතු කරගනිමින් පවත්වන්නට ද හැකි විය.

ශ්‍රී ලංකන්ස් පුවත් සඟරාව, යුටියුබ් නාලිකාව, මුහුණුපොත හරහා නවසීලන්තයට පමණක් සීමා නොවුණු විවිධ රටවල ජීවත්වන පුද්ගලයින් අතර මනා සම්බන්ධතාවයක් අද වන විට ගොඩනැගේ ඇත්තේ නොදැනුවත්වමය.  ඒ නිසා ඉතා ශක්තිමත් පිරිසක් ශ්‍රි ලංකන්ස් ඒකරාශී වී ඇත. එම අන්තර් සම්බන්ධතා නිසාම නවසීලන්තයේ සේවා ආයතනවල සේවයේ නියුතු නවක ශ්‍රී ලාංකිකයින් ලාංකික ප්‍රජාව සමග සම්බන්ධ  කරන්නේ කෙසේදැයි දැන ගැනීම පිණිස නවසීලන්ත සේවායෝජකයෝ අපෙන් විමසීම් සිදු කරති. තවද පුවත්පතේ පළවන  දැන්වීම් නිසා ඇතැම් අයට රැකියා අවස්ථා ලැබුණු බවද අපට දැනගන්නට ලැබී ඇත.

පසුගිය දිනෙක ඉතාමත් වටිනා සමාජ මෙහෙවරකට මග පෙන්වීමට ශ්‍රී ලංකන්ස් කණ්ඩායමට හැකි විය. එනම් ශ්‍රි ලංකාවේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට (National lnstitute of Mental Health) අවශ්‍ය ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කිරීම ය. ‘Helping Dementia Ward’ යන වට්ස්අප් කණ්ඩායම වටා ඒකරාශි වූ මිතුරු මිතුරියන් ඉතාමත් කෙටි කාලයකින් රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ ලබාදීමට සහ තීන්ත ආලේපය සඳහාද දායකත්වයක් ලබා දීමට හැකි විය.

ශ්‍රී ලංකන්ස් පුවත්පතට වසර පහක් පිරීම නිමිති කරගෙන ‘ලෝරන්ස්ගේ මනමාලි’ නම් වේදිකා නාට්‍යය ඕක්ලන්ඩ්, පාමස්ටන් නෝර්ත් සහ වෙලින්ටන්වල දී වේදිකාගත කෙරුණි. ඊට අමතරව දුලීකා මාරපන, සම්පත් ජයවීර,මාලි ජයවීර, නිරෝෂන් විජේසිංහ සහ සුජීව ප්‍රියලාල් යන ප්‍රවීණ රංගවේදීන්ගේ සහභාගිත්වයෙන් නාට්‍ය වැඩමුළු කිහිපයක් පැවැත්වීමට ද හැකියාව ලැබුණි. ශ්‍රී ලංකන්ස් පස් වසරක සැමරුමට සමගාමීව ඉදිරියේදී ද විවිධ වැඩසටහන් ඔබ වෙත රැගෙන ඒමට අපි බලාපොරොත්තු වෙන්නෙමු.

අපේ ශ්‍රි ලංකන්ස් කණ්ඩායම ගැනත් වචනයකින් හෝ සටහනක් තැබිය යුතුමයි. සංස්කරණ, පරිපාලන, මාධ්‍ය සම්බන්ධීකරණ, තාක්ෂණික, වෙළඳ දැන්වීම්, බෙදා හැරීමේ සහ යුටියුබ් යන කණ්ඩායම් තමා ‘ශ්‍රි ලංකන්ස්’. මේ කණ්ඩායමේ අය නවසීලන්තයේ විවිධ නගරවලින් සහ ඕස්ට්‍රේලියාව, ලංකාව වැනි රටවල්වලින් එකතු වූ අනෙකාව හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන පිරිසක්. හැමෝම වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. තමන්ට ලැබෙන වගකීම නිසි වෙලාවට කිරීමේ පුරුද්දක් මේ හැමෝටම තියෙනවා. ප්‍රශ්නය ප්‍රශ්නයක් නොකර ගනිමින් සතුටින් වැඩ කරන ඉතාම සුහදශීලී කණ්ඩායම ගැන කතා නොකර කොහොමද?

ඉදිරියටත් හිතාදර ඔබගේ ලිපි හා නිර්මාණයන්ට අවකාශයක් ශ්‍රි ලංකන්ස් පුවත් සඟරාවෙන් ද සතුට, රසවින්දනය පිරි වැඩසටහන් ශ්‍රී ලංකන්ස් යුටියුබ් නාලිකාවෙන් ද ඔබේ ආලින්දයට රැගෙන එන්නට අපි සුදානම්.

සටහන: දිමුතු විජේසූරිය – වෙලින්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.