fbpx
9.4 C
New Zealand
Friday, August 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

සංක්‍රමණිකයාගේ සටහන් – 2025 ඔස්ට්‍රේලියානු මැතිවරණයෙන් පසු | යසසි ගුණරත්න | වෙලිංටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඔස්ට්‍රේලියාවේ ‍ 2025 මැතිවරණය, ලේබර් පක්ෂය සඳහා විශිෂ්ට ජයග්‍රහණයක් වීමත් සමඟ ඔවුහු නව පාර්ලිමේන්තුවේ ආසන 85ක් දිනා ගන්නට සමත් වූහ. අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මෙහිදී තම දෙවැනි වාරය සඳහා මනාපය දිනා ගැනීමට සමත් වූ අතර මෙය 2004 න් පසුව පළමු වතාවට බලය තවත් ශක්තිමත් කරගත් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස ඔහුගේ නායකත්වයට ඉතිහාස ගතවේ.

මෙම ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවේ ‍දේශපාලන තත්වයන් වෙනස් කළ අතර නවසීලන්තයට ද ප්‍රයෝජනවත් පාඩම් කිහිපයක් දැක ගත හැකිය.

පීටර් ඩට්ටන් සහ ‘ඇන්ටි-වෝක්’ (Anti-Woke) දේශපාලනය අසමත් වීම.

විපක්ෂ නායකයෙකු ලෙස දකුණු පක්ෂය නියෝජනය කළ පීටර් ඩට්ටන් මෙවර Dickson ආසනය ද අහිමි කරගත් අතර, ඔහුගේ පරාජය SBS News වාර්තා කරමින් පෙන්වා දුන්නේ ඔහුගේ ‘anti-woke’ ප්‍රචාරණය ජනතාව අතර ප්‍රසිද්ධ නොවූ බවයි.

‘Anti-woke’ යනු කුමක්ද?

Anti woke යනු  සමාජ විවිධත්වය, ලිංගික සමානාත්වය, ජනවර්ග සමානත්වය වැනි ප්‍රගතිශීලී සමාජ න්‍යායට විරුද්ධ මතයකි. ඩට්ටන් විශේෂයෙන්ම ජාති භේදය පදනම් වූ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආදියට විරුද්ධ වූ ව්‍යාපාරයක් පැවත්වීය. එය ජනතාව අතර බෙදීම් ඇති කරන සහ අනාගතයට යෝග්‍ය නායකත්වයක් නොවන බව ඔස්ට්‍රේලියානුවෝ  පැහැදිලිවම පෙන්වා දුන්හ.

SBS News සඳහන් කළේ, ඔහුගේ විරෝධී ‘woke culture’ ප්‍රවේශය ඔහුගේ පරාජයට සෘජුවම බලපෑ බවයි.

ලේබර් පක්ෂය ජයගත් හේතු.

  1. ආර්ථික  ස්ථාවරත්වය  – අඩු ආදායම්ලාභී පවුල්, ජාත්‍යන්තර ශිෂ්‍යයන්, සහ වෘත්තීය පුහුණුකරුවන් සඳහා ගත් ප්‍රායෝගික ප්‍රතිපත්ති ජනතාව අගය කිරීම.
  2. සංහිඳියාව සහ විවිධත්වය පිළිබඳ ප්‍රගතිශීලී දැක්ම – විශේෂයෙන් ස්ත්‍රී නියෝජනය වැඩි කිරීම සහ බහු සමාජ නියෝජනය හේතුවෙන්  ඔස්ට්‍රේලියාව පාර්ලිමේන්තුව නව මුහුණුවරක් ලබා ඇත.
  3. ඒකාබද්ධ ව්‍යාපාරයක් – ලේබර් පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් අවමව, අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ වූ එකමුතු ජන්ද ව්‍යාපාරයක් ජනතාව අගය කිරිම.

ඔස්ට්‍රේලියානු ඡන්දයෙන් උගත හැකි පාඩම්.

රටක ජනතාවට අවශ්‍යය වන්නෙ, සංස්කෘතික බෙදීම්වලින් යුතු අධි දක්ශින හෝ වාමාංශික  හෝ  යුධ මාර්ගවලට වඩා, නිවැරදි කළමනාකරණය හා  නායකත්වයක් බව ඔස්ට්‍රේලියානූවෝ පෙන්වා දුන්හ.  එසේම  ජනතාව  බලාපොරොත්තු වන්නේ  ඔවුන්ගේ දෛනික ජීවිතය යහපත් කර ගැනීමට හැකි, පැහැදිලි දේශපාලන හා ආර්ථිකය දියුණුවකි.

නීතියේ සාධාරණත්වය සහ ආගමන පාලනය මඟින්  ඔස්ට්‍රේලියාවේ ආගමන ක්ෂේත්‍රය දැඩිව පාලනය වෙන අතර අනෙක් රටවල්  සඳහා ද එය වැදගත් වේ.

ඔස්ට්‍රේලියාවේ 2025 මැතිවරණයෙන් පැහැදිලිව පෙනී යන්නේ ජනතාව බෙදීම් මත පදනම් වූ දේශපාලනයට නොව, සන්සුන් සහ ප්‍රායෝගික නායකත්වයකට ජනතාව ප්‍රතිචාර දැක්වූ බවයි. විශේෂයෙන්   රටකට  අවශ්‍ය වන්නේ රටේ අනාගතය සදහා වැඩ කරන නායකත්වයක්  මිස බිය පදනම් වූ දේශපාලනයක් නොවන ඕස්ට්‍රේලියානුවෝ මෙවර මනාව පෙන්නුම් කර ඇත.

යසසි ගුණරත්න – වෙලිංටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.