fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඔබ ඔබට ආදරේද? | ආචාර්යය රෝහණ උල්ලුවිස්හේවා | පාමස්ටන් නෝර්ත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හැදින්වීම

අපි හැම කෙනෙක්ම වගේ හිතනවා අපි අපට ආදරේය කියල. ජීවිතයේ කරන බොහෝ දේවල් අපි කරන්නෙ අපටම ආදරේ නිසා කියල. මේ දෙස විචාරාත්මකව බැලීමත්, අපි හැම කෙනෙක්ම තමන්ට ඇත්තටම ආදරේ නම්,  අපටත්, අප ජීවත්වන සමාජයටත්, දැනට වඩා සතුටින් හා සාමයෙන් ජීවත් විය හැකි බව පෙන්වා දීම මේ කෙටි ලිපියේ අරමුණයි.

ආදරය සහ සතුට:

හැම කෙනෙක්ම තමන් කරන කියන හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නෙ සතුට. කෙනෙකුට ආදරේ කරනව කියන්නෙත් එයාට සතුට දීමක්. එයාගෙ මානසික සුවය වර්ධනය කර ගැනීමට දායක වීමක්. අපි හැම දෙයක්ම වගේ කරන්නෙ අපේ සතුට වෙනුවෙන් නිසා අපි හැම කෙනෙක්මත් තමන්ට උපරිමයෙන් ආදරේ කරනව වගේ තමයි බැලූබැල්මට මතුපිටින් පෙනෙන්නෙ. නමුත් ටිකක් ගැඹුරින් බැලුවොත් මේ කතාව වෙනස්.

පොඩි උදාහරණයක් හැටියට ගනිමු කෙනෙක් ගෙදරක සුරතලට ඇති කරන බලු පැටවෙක්. ගෙදර අද එයාට ආදරෙයි. එයාගෙ කෑම බීම, බෙහත්, විටමින් වර්ග, නෑවීම හා ව්‍යායාම පිණිස ඇවිද්දවීම ආදිය හරියට වේලාවට කරනවා කිසි අඩුවක් පාඩුවක් නැතිව. ඒ වගේම එයාගෙ සෞඛ්‍යයට හානි නොවන ආකාරයට එයාගෙ කෑම පාලනය කරනවා. කන්න දෙන්නෙ නියම  විතරයි. එයාගෙ ආසාවෙ  කන්න දෙන්නෙ නැහැ. ඒ වගේම එයා කැමති හැම කෑමක්ම දෙන්නෙත් නැහැ. පශු වෛද්‍යවරයාගෙ උපදෙස් අනුව නිර්දේශිත කෑම පමණයි දෙන්නෙ. එයා යන්න කැමති හැම තැනටම යන්න දෙන්නෙ නැහැ. ආරක්ෂාකාරී තැන්වලට පමණයි. ඒ වගේම එයා බැඳල ඇවිද්දවන්නෙ නැතිව නිදහසේ ඇවිදින්න එයා ආස වුනාට එහෙම යන්න දෙන්නෙ නැහැ එයාගෙ ආර‍ක්ෂාව ගැන හිතල. ඒ කියන්නෙ එයා ආස දේවල් කරන්න දෙන්නෙ නැහැ එයාට ආදරේ නිසා. ඒ ආදරෙන් එයාටත්, එයාගෙ අයිති පවුලේ අයටත්, ජීවත්වන සමාජයටත් යහපතක් වෙනව. ඒ කියන්නෙ සියලු දෙනාගේ යහපත පිණිස ආසාවන් පාලනය කරන විදියේ ආදරය, හැම දෙනාටම ආදරය කිරීමක්.

නමුත් ඒ සුරතල් බලු පැටවා අයිති පවුලේ අය ඒ ආකාරයෙන්ම තමන්ටත් ආදරේ කරනවාද? තමන්ගෙත් තමා වටා ඉන්න අන් අයගේත් යහපත වෙනුවෙන් තම ආසාවන් පිනවීමෙන් වැලකී සිටිනවාද? එහෙම නැත්නම්, තම ආසාවන් අසීමිතව පිනවීම පිණිස තම සෞඛ්‍යට අහිතකර කෑම බීම,  අහිතකර ප්‍රමාණයන්ගෙන් පරිභෝජනය කරනවාද? තම අසීමිත ආසාවන් පිනවීම සදහා තමාගේත්, තමා ජීවත්වන සමාජයේ අන් අයගේත් ශාරීරික හා මානසික සෞඛ්‍යය අවදානමට ලක් කරනවාද! ප්‍රශ්නය තමයි අපි අපට සතුට ලැබෙන්නෙ කොහෙන්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් අපට නැතිකම. අපි වැඩිදෙනෙක් හිතනවා සතුට කියල කියන්නෙ ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන ආශ්වාදයට කියල. ඒ නිසා තමා සතුටු කිරීම පිණිස විවිධාකාරයෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස පිනවනවා. එසේ ඉන්ද්‍රියයන් පිනවන ගමන් අපි හිතනවා අපි මේ කරන්නෙ තමන්ට ආදරේ නිසා කියල. නමුත් ඒ චර්යාව දීර්ඝ කාලීනව තමන්ටත්, තමා අයිති සමාජයටත්, ස්වාභාවික පරිසරයටත් හානි කර බව ඒ වෙලාවෙදි පෙනෙන්නෙ නැහැ.

ව්‍යාජ මම සහ අව්‍යාජ මම:

තව ටිකක් ගැඹුරින් මේ කාරනය විග්‍රහ කළොත් පෙනෙනවා අපි තමන්ට ආදරෙයි කියල ආදරය කරන්නෙ තමන්ට නොවන බව.

මනෝ විද්‍යාඥයින් හඳුනා ගන්නවා පුද්ගලයෙක් ‘මම’ කියල කියන කොට එහි තියන මාන දෙකක් ගැන:

(1) ව්‍යාජ මම (Unauthentic Self) හා

(2) අව්‍යාජ මම අරමුණු කරගෙන මොළයේ ගොඩ නැගුන  මානසික ව්‍යුහයන් සමූහයකගේ එකතුවක් හැටියට. ඉන් නිපදවන සිතුවිලි හැමවිටම මෙන් ආශ්වාදය අරමුණු කරගත් ඒවා. ඉන් මතුවන හැම සිතුවිල්ලක්ම, හැම ආවේගයක්ම ‘මගේ’ සිතුවිල්ලක්, ‘මගේ’ ආවේගයක් වශයෙන් කිසිම විචාරයකින් තොරව අපි පිළිගන්නවා. ඒ නිසා අපි වැඩි දෙනෙක් තමන් හැටියට දකින්නෙ මේ ‘ව්‍යාජ මම’. ආශ්වාදය  විඳීමට අපට තියන ආසාව නිසා ඒ ආසාවේ  සමානුපාතිකව අපි ‘ව්‍යාජ මගේ’ ග්‍රහණයට හසුවෙනවා. ‘ව්‍යාජ මම’ තමා හැටියට දකිනවා.

ඒ නිසා අපේ සිතිවිලි හා ක්‍රියාකාරකම් අපි නොදැනුවත්වම ආත්මාර්ථකාමී වෙනවා. අපේ ආසාවන් පිනවීමට හැකිවන, ඒ කියන්නෙ අපි කැමති දේ කැමති විදියට සිදුවන ආකාරයටත්,  අකමැති දේ සිදු නොවන ආකෙරයටත් බාහිර ලෝකය පාලනය කරන්න අපට ඕන වෙනවා. මේ සඳහා ඉලක්ක පිහිටුවා ගෙන තමා අන්‍යයන් සමග සසඳනවා. අන්‍යයන්ට වඩා ඉහළට යාමට උත්සාහ කරනවා. අන්‍යයන් සමග තරග කරනවා. එසේ කරගන්න බැරි වුනාම අපි දුකට පත් වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා වෛරය තමා තුළ වැඩෙන්න පටන් ගන්නවා. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ තමාට ආදරය නිසා තමා කරන බොහෝ දේවලින් තමාත් තමා වටා සිටින අන්‍යයනුත් දුකට පත්වීම.

එහෙම නම්, තමාට ඇත්තටම ආදරේ කෙනෙක් කළ යුත්තේ ‘ව්‍යාජ  මගේ’ ග්‍රහණයෙන් මිදීමට කටයුතු කිරීමයි. එහි ග්‍රහණයෙන් මිදෙන විට අපි නිරුත්සාහයෙන්ම ‘අව්‍යාජ මට’ එකතු වෙනවා.

‘අව්‍යාජ මම’ බවට පත් වෙනවා. ‘අව්‍යාජ මම’ කියන්නේ මනසෙහි පැලපදියම් වී තිබෙන ආසාවන් ඉවත් වූ විට ඉතිරිවන තත්ත්වය. ඒක පිරිසිදු සිත. එම තත්ත්වයට පුද්ගලයෙක් පත්වන විට ඔහු හෝ ඇය තුලින් විද්‍යාමානවන ලක්ෂණ, මේ පිළිබඳ පර්යේෂණ කරන මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වා දී තියනවා. ඒ අතර ප්‍රධාන ලක්ෂණ කිහිපයක් කෙටියෙන් මේ විදියට දක්වන්න පුළුවන්:

  • මම සහ මම නොවන යන බෙදීම නැතිවනවා. මේ සමග අප සිත තුළ පවතින බෙදුන ස්වභාවය වෙනුවට ඒකත්වය මතුවෙනවා. මම, මගේ සහ මට ප්‍රමුඛත්වය දෙන මානසික ස්වහාවය නැතිවෙනවා.
  • ඒ නිසා ඒ තත්ත්වයට පුද්ගලයෙක් පත්වන විට, පුද්ගලයා තුළ සාමාන්‍යයෙන් පවතින ස්වං-කේන්ද්‍රගත චින්තනය, සමස්ත-කේන්ද්‍රරගත චින්තනයක් බවට පරිවර්තනයවෙනවා.
  • එවිට ඒ පුද්ගලයා නිරුත්සාහයෙන්ම පරාර්ථකාමී වෙනවා. ඒ පුද්ගලයාගේ හැසිරීම තුළින් කිසිම ආකාරය විද්‍යාමාන වෙනවා.
  • ඒ පුද්ගලයාගේ ඇතුළාන්තයේ හැමවිටම පවතින්තේ නිවුන ස්වභාවයක්. ඒ නිවුන ස්වභාවයෙන් ජනනය වන සතුට නිසා ඒ පුද්ගලයා තමා පිළිබඳව හැමවිටම තෘප්තිමත් හා පරිපූර්ණ වූවෙක්. එයාට කිසිම අඩුවක් දැනෙන්නෙ නැහැ.
  • ඒ නිසා ඒ පුද්ගලයාට බාහිර ද්‍රව්‍ය‍යමය ලෝකයෙන් සතුට හොයන්න හෝ සතුට හඹා යන්න අවශ්‍ය නැහැ. එයාගෙ සතුට බාහිර ලෝකය මත රඳා පවතින්නක් නෙවි.
  • එවැනි පුද්ගලයෙක් තුළ තමා අන්‍යයන් සමග සංසන්දනය කිරීමේ පුරුද්දක් නැහැ. අන්‍යයන්ට පරදවා ඉහළට යාමේ අශාවක්  හෝ අන්‍යයන්ට වඩා පහළට වැටීමේ බියක් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා වචනයේ පරිසමාප්තියෙන්ම නිදහස් පුද්ගලයෙක්.

ඒ නිසා ඒ පුද්ගලයාට තමා වෙනුවෙන් කිසිවක් කරන්න අවශ්‍ය නැහැ. ජීවිතයේ කරන හැමදෙයක්ම කිරීමේදී චේතනාව පොදු යහපත පමණයි. උදාහරණ වශයෙන්, ඉගෙන ගන්නෙ පොදු යහපත සඳහා සේවය කිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාගැනීමට මිස තමාට ලොක්කෙක් වීමට නෙවි, රැකියාව කරන්නෙ තමාට සැපවත් ජීවත්වීම සදහා මුදල් ඉපයීමට වඩා පොදු යහපත සදහා සේවය කිරීම අරමුණු කරගෙන.

මෙලෙස ‘ව්‍යාජ මගේ’ග්‍රහණයෙන් මිදුන පුද්ගලයාගෙන් තමාට අව්‍යජ ආදරය ලැබෙනවා. එවැනි පුද්ගලයෙක් නිරුත්සාහයෙන්ම අන්‍යයන්ටත්, මුලු ලෝකයටමත් ආදරය කරනවා.

ආචාර්යය රෝහණ උල්ලුවිස්හේවා – පාමස්ටන් නෝර්ත්

-(සීමිත ඉඩ කඩ නිසා 38 කලාපයට ‘ව්‍යාජ මගේ ග්‍රහණයෙන් මිදීම’…)

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.