අද අපේ අක්කගේ බබා නෝම්බි. මම ගියා මගේ චූටි කාලෙට.
මොකද අපේ අම්ම හරි කලබලේ ළමයට බඩගිනි වෙයිද කියලා.
මම නම් තාමත් කියන්නෙ ආච්චිලා ආදරේ ළමයින්ට වඩා ළමයින්ගෙ ළමයින්ට.
මතක ඇති පුංචි වයසකදි නම් මන් මුලින්ම නෝම්බි අල්ලුවෙ මිස්ටර් පොප් ටිපිටිප් එකකට කිව්වොත් හරියටම හරි… අපි පුංචි නිසාම අම්මා නෝම්බිවලට අපි කැමති කෑම සහර් (උදේ ආහාරය) එකට ලෑස්ති කරනවා. හවසට ඉෆ්තාර් එකට ගෙනත් දෙනවා. මම පොඩිම කෙනා නිසා මන් ටිකක් පරක්කු වුණා නෝම්බි අල්ලන්න. මොකද අම්මට වඩා මාව බලාගන්න හිටපු නැන්දා (අක්කා) මාව සෑහෙන්න ස්පොයිල් කරනවා.
කොහොමහරි උපවාසය කියන එක මගේ ජීවිතේ යම්තාක් කාලයක් වෙනකල්ම ‘ගෙදර අය අල්ලනවා’, ‘අපි මුස්ලිම්’, ‘දුප්පත් අයගෙ දුක දැනෙන්න ඕනි’ කියන කාරණා තුන මත විතරක්ම පාදක වුණා කිව්වොත් හරි.
වයස යද්දි යද්දි අපි පුරුදු වෙනවා ඒ ඩ්‍රිල් එකට. එහෙම වුනාම ස්පෝට්ස් මීට්, ලෙක්චර්ස්, එක්සැම්, කොන්ටෙස්ට් මේ කිසිම දෙයක් ඇත්තටම බලපාන් නෑ. මම ඔය උඩ කියපු හැම දෙයක්ම නෝම්බි කාලවල කරලා තියෙනවා. කොටින්ම කිව්වොත් සමහර දවස් තිබුණා බර්ත්ඩේ එක පවා සැමරුවේ උපවාසය අවසන් කරලා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම මට අනුව උපවාසය වෙලා තිබුණේ නොකා නොබී සිටීම පමණයි.
ටිකක් කල් යන්න යන්න මමත් දන්නෙම නැතුව මේ තත්ත්වය පුදුමාකාර විදියට වෙනස් වුණා. කොච්චර දුරකට වෙනස් වුණා ද කිව්වොත් උපවාස සමය එනකල් ඇඟිලි ගැන ගැන බලබල ඉන්න තැනකට අද මම පත්වෙලා. මට හිතාගන්නවත් බෑ කවදද ඒක කොහොමද වුණේ කියලවත්. ඒවගේම දැන් මට උපවාසය කියන්නෙ ඇත්තටම නොකා නොබී ඉන්නවා කියන එකටත් වඩා සීලයක් කිව්වොත් හරියටම හරි. ඒක තමයි උපවාසයේ සැබෑ අරුත!
More Like Mind Body Soul Cleansing Through Declutter!
මාව දන්න අය දන්නවා මට කොයි තරම් නම් සින්දු පිස්සුවක් තියෙනවද කියල. හැබැයි මීට අවුරුදු තුන හතරකට මත්තෙන් ඉඳන් මට පුදුමාකාර සංයමයක් තිබුණා උපවාස සමය ආගමානුකූලව ගත කරන්න (සංස්කෘතිකව නෙවෙයි). ඒ නිසාම නෝම්බි දවස්වල ඒ සීලය ඒ විදිහටම ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබුණා සහ ලැබෙනවා සින්දුවක්වත් අහන්නෙ නැතුව, netflix බලන් නැතුව විනෝදකාමි බවෙන් ටිකක් මිදිලා.
පුළුවන් තරම් හිත පිරිසිදු කරගන්න සහ පුළුවන් උපරිම දාන මාන කරන්න. ඒ වගේම තමයි මට පුළුවන්කම ලැබිලා තියෙනවා ආගමානුකූලව සහ භාවනානුයෝගීව ඒ මාසය ගත කරන්න. අන් අයට දයාව අනුකම්පාව දක්වමින් දාන මාන කරමින් ඊරිසියාව ක්‍රෝධය පසෙකලා ධර්මානුකූලව මේ කාලය ගත කරන්න.
ඒ වෙලාවට මට පසක් වෙන දේ තමා අපිට ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා අපිව කොන්ට්‍රොල් කරගන්න.
කෙනෙක් කියන්න පුළුවන් මාසයක් විතරක් ඕක කරලා මොකටද කියලා. නමුත් මගේ මතය නම් මාසයක් හරි කරනවානේ කියන අදහස. සහ ඒ මාසෙත් ඇති ජීවිතය යම් ආකාරයකට හැඩගස්වා ගන්න කියන එක! Always, something is better than nothing!
උපවාසය තුළින් කෙනෙක් පුදුමාකාර හික්මීමක් ලබනවා. සංයමයක් ලබනවා. ඒක මම තරයේම විශ්වාස කරන දෙයක්. ඒ වගේම තමයි හරිම පුදුමයි අපි ජිවිතය පොඩ්ඩ පොඩ්ඩ අවබෝධ කරගන්නකොට අපිට පුරුදු වෙලා තිබුණු සමහර දේවල්වල ඇත්තම අර්ථය අපිට පසක් වෙන එක සහ නිරායාසයෙන්ම අපි ඒ වත් පිලිවෙත අනුගමනය කරන හැටි. ආයෙම කියනවා ‘ අවබෝධයෙන්’. ඒක හරිම ලස්සන දෙයක් විදිහටයි මම දකින්නේ.
ඔන්න මේ අවුරුද්දෙ ලස්සන උපවාස සමය අදින් ආරම්භ වුණා. නොකන නොබොන තැන ඉදලා මනස සිත කය පිරිසිදු කරගන්නා තෙක් ආපු මේ ගමන, ජීව්තයේ මම ආසම පරිච්ඡේදවලින් එකක් විදියට හැමදාමත් ලියවිලා තියේවි. ඒ වගේම නවසීලන්තයේ ජීවත් වන ඔයාටත් රමලාන්හි මහිමය පසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා!
ටිපි ටිප් නැතුවම උපාවාස සමයට පෙම් බදින talesbyZai
උම්රා මුසාෆර් – ශ්‍රී ලංකාව