fbpx
13.7 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තයේ ශ්‍රීලාංකීය සන්නාමය! ලක්දිව් සුපර් මාර්කට්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කන්ද උඩරට උපත ලැබූ නිශාන්ත ආරියවංශ මූලික අධ්‍යාපනයෙන් පසු හොංකොං හා සිංගප්පූරු වාණිජ නගරවල උසස් අධ්‍යාපනය ලැබුවේයග අද ඔහු නවසීලන්තයේ වාණිජ අගනුවර වන ඕක්ලන්ඩ් වල පැන්මුවා සිටල ලාංකික නිෂ්පාදනවල දැනටමත් උපත ලබා සෙමින් වැඩෙන ශ්‍රී ලාංකික සන්නාමය ප්‍රචලිත කිරීමේ උත්සාහයක නියුක්ත වන බැවින් ශ්‍රී ලංකන්ස් ඔහු හා පිළිසඳරක ට එකතු වුණේ ඊට අත හිත දීමක් ලෙසය.
පිළිසඳර හර්ෂ වීරකෝන්-වෙලිංටන්

ආයුබෝවන් නිශාන්ත. හොංකොං සිංගප්පූරු වගෙ රටවල් අධ්‍යාපනයට වගේම ව්‍යාපාරවලටත් ජාත්‍යන්තර කේන්ද්‍රස්ථාන. එහෙම වුණාම තරුණයෙක් විදිහට එහේ ජීවත් වෙනකොට ඔබේ හිත ඒවට ඇදිල නොගියා කියන්න බැහැ. ඒ ගැන මොකද කියන්නෙ?
ඔව්. ඇත්තටම මම අධ්‍යාපනය කරන ගමන්ම ව්‍යාපාරික පැත්ත ගැන උනන්දු වුණා. චීන ව්‍යාපාර සමහරක් එක්ක සම්බන්ධතා ඇති කර ගත්තා. ලංකාවට විදුලිභාණ්ඩ යැවුවා. නවසීලන්තයට ආවේ ආනයන අපනයන වෙළඳාම ගැන අවබෝධයකින්.

කොයි කාලෙ විතරද නවසීලන්තයට ආවෙ?
මම ආවෙ 2009 අවුරුද්දෙ. ඒ එනකොට මට ආනයන අපනයන ගැනත් යම් අවබෝධයක් තිබුණා.

මොකක්ද මෙහේ මුලින්ම පටන් ගත්ත ව්‍යාපාරය?
මට දෙරටේ අධ්‍යාපනය ක්ෂේත්‍රය ගැන, ලාංකික සිසුන්ගේ අවශ්‍යතා හා ආගමන විගමන ප්‍රශ්න වගේ ඒවා ගැන දැනීමක් තිබුණා. ඒ නිසා මුලින්ම පටන් ගත්තේ උසස් අධ්‍යාපනයට සිසුන් ගෙන්වීම වීසා පහසුකම් ලබා දීම, ඒ අයගේ ප්‍රශ්න විසඳා දෙන්නට ඉදිරිපත්වීම සම්බන්ධ ව්‍යාපාරය. (Linfield Education & Migration Migration services) ඒක ව්‍යාපාරයකට වඩා සේවයක් කියන එක හොඳයි.

පස්සේ ඒක නවත්තලා…?
නෑ. එක තවත් කරගෙන යනවා. මට කාර්ය්‍ය බහුල නිසා භාර්යාව ඒ ගැන බලා කියා ගන්නවා. ඒ අතර තුර මම තවත් මේ රටේ පවතින එක එක ව්‍යාපාර වල යෙදුණා. කාලයක් පිරිසිදු කිරීමේ ව්‍යාපාරයකුත් කළා. ඒවායින් තමා 2017 මෙම ව්‍යාපාරය පටන් ගන්න කොට නවසීලන්තයේ ව්‍යාපාර පසුබිම අත් දැකීමෙන් දැන කියා ගෙන තිබුණේ. මෙහේ අයගෙ බලා පොරොත්තු, හැම වෙලේම භාණ්ඩ හා සේවාවල උසස් ප්‍රමිතියට දක්වන සැලකිල්ල, පාරිභෝජික හිතකාමී නීති රීති…

පිට රටවලදි ලබා ගත්ත ව්‍යාපාරික දැනුමට පන්නරය ලබා ගත්තෙ ඒ විදිහට…?
ඔව්. මමත් මගේ පවුලේ සාමාජිකයනුත් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි පැන්මුවා, ‘බේසින් ලේන්’ (Basin Lane) එකේ ඔය ඉස්සරහ තියන ස්ථානයේ ලංකාවේ භාංඩ අලෙවි කරනසිල්ලර ව්‍යාපාරයක් විදිහට ලක්දිව් ව්‍යාපාරය පටන් ගත්තා. ව්‍යාපාරය දියුණු වෙනකොට ඉඩ කඩ වැඩි තැනක් ඕනැ වුණ නිසා මෙතනට ආවා.

අද වෙන කොට ව්‍යාපාරයයේ තත්ත්වය ගැන මොනවද කියන්න කැමති?
සිල්ලර ව්‍යාපාරය පැත්තෙන් ගත්තොත් ලක්දිව් (Lakdiv) අද හොඳට ස්ථාවර වෙලා තියනවා. ඕක්ලන්ඩ් වල ඉන්න සෑම ලාංකිකයෙක්ම පාහේ දන්නවා. හුඟදෙනෙක් පැමිණෙනවා. කිවි, ඉන්දියන් වගේම තවත් ජාතිකයන් ලාංකික භාංඩ හොයා ගෙන අපි ළඟට එනවා. උදාහරණයක් විදිහට සහතික කළ ලංකාවේ ඕගනික් තැඹිලි වතුර හොයා ගෙන ගොඩක් අය එනවා. ඒ තැඹිලි වතුර සීනි හරි වෙනත් අපද්‍රව්‍යයක් නැති බීමක් වගට පිළි අරගෙන තියනවා.
ආනයනය පැත්තෙන් ගත්තොත් බුදු පිළිමය, අටපිරිකර, අඳනය, මැටි පහන, පොල්කටු හැන්ද, මැටි වළඳ, නෑඹිලිය, මිරිස් ගල, සරම, තුවාය, හාල්, කරවල, මාළු, ටිං කෑම, බීම වර්ග, වියලි එළවළු, ඇසුරූ පළතුරු ඕන එකක් නම් කරන්න, ලංකාවේ ගම් පළාත්වල තියන මහකඩය වගේ මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය ඒ හෑම දෙයක්ම මේ වහල යටින් ලබා දෙන එකම සුපර් මාර්කට් එක වනවා දකින්න අපි උත්සාහ ගන්නවා. මීට් කලින් කවුරුවත් නවනවසිලන්තයට ගෙනාව නැති නිෂ්පාදන අපි නවනවසිලන්තයට ගෙන්වලා තියෙනවා. මීට අමතරව ළඟදීම වෙලිංටන්, ලෝවර්-හට් (Lowerhutt) වල අපි ‘ලක්දිව්’ ශාකාවක් විවෘත කරන්නට සැලසුම් කරගෙන යනවා.

වෙලිංටන් වල වල ශාඛාවක් පටන් ගන්න එකට අපිත් සතුටුයි. ඒ අතරම කියන්න පුළුවනිද මේවා සපයා ගන්නේ කොහොමද කියල?
එක ක්‍රමයක් තමයි විශාල ව්‍යාපාරික ආයතන මාර්ගයෙන්. අපි නවසීලන්ත නියෝජිතයින් විදිහට සම්බන්ධයි, මහවැලි නිෂ්පාදනවලට, කීල්ස්, එම්.ඩී රුහුණු, කේ.වී.සී, විජය, එම්.ඩී.කේ, උස්වත්ත, දෙරණ ආයතන වල නිෂ්පාදන ගෙන්වන්න.

අනෙත් ක්‍රමය?
අනෙත් ක්‍රමය තමයි ලංකාවෙ ගමේ රටේ, නිෂ්පාදකය ඒ කියන්නෙ, හුඟක් වෙලාවට ගොවියා ළඟට කෙලින්ම යන එක. උදාහරණ විදිහට හකුරු මිලදී ගන්නේ පොඩි ව්‍යාපාරිකයන්ගෙන්. මගේ නියෝජිත පොඩි ව්‍යාපාරිකයො ඉන්නව සිංහරාජ මායිමේ කුඩව, වැද්දගල වගෙ පලාත්වල. හුන්නස්ගිරියෙ මීමුරේ කයිකාවල.
ඔය කියන විදිහට ගමේ පොඩි කඩේකින් ගත්තම පිරිවැය අඩු වෙනවා. අනෙක ගමේ ඉන්න පොඩි වෙළෙන්දත් මේ අපනයන වෙළදාමේ කොටස් කාරයෙක් වෙනවා. ඒකපිට රට ඉන්න අපට අපේ රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ සේවයක්. හොඳයි

මෙහේ ඉන්න අපේ ජන කොට්ඨශය වෙනුවෙන් ලක්දිව් ව්‍යාපාරයෙන් කෙරෙන සේවය තව දුරටත් විස්තර කළොත්…?
අද තියන පිරිවැයත් එක්ක බැලුවම තරග කාරී මිලට අපේ අයට අවශ්‍ය සෑම භාණ්ඩයක්ම ලබා දෙන්න අපි උත්සාහ ගන්නවා. අනෙත් කාරණය සමාජ සේවාව අතින් අපේ වගකීමත් අවබෝධ කරගෙන වැඩ කරනවා. ලංකාවේ අවශ්‍යතා තියන අය හඳුනා ගෙන ආධාර කරනවා. අසණ වුණ පිහිටක් ලබා දිය යුතු පාසල් ශිහ්‍යයන්ට උපකාර කරනවා. මෑතකදී මේ විදිහට ‘මනුසත් දෙරණ’ ආශ්‍රයෙන් හසලක පාසල් දරුවෙකුටත්, ඒ පවුලටත් සහාය වෙන්න අපට වාසනාව ලැබුණා.

නවසීලන්ත අපේ ජනකොට්ඨශයට ‘ලක්දිව්’ ආයතනය දෙන දායකත්වය අපිත් දන්නවා. හොඳයි අපේ පාඨකයන් වෙනුවෙන් ඒ ගැනත් මතක් කිරීමක් කරන්න පුළුවනිද?
විහාරස්ථානවල කටයුතු වලදී අපි ඉතා සතුටින් ඒ කාය–යවලට දායක වෙලා තියනවා. අවුරුදු උත්සව පවත්වන කාලයේ ඒවාට දායක වුණා. සමාජ සංවිධාන රාශියක් ඒ අය පවත්වන සංස්කෘතිකමය උත්සව හා ප්‍රදර්ශන ගැන මතක් කරන විට දැන්වීම් වගේම සිහිවටන පොත් පිංචවල් සඳහා දායකත්වය ලබා දෙනවා.

ඔබගේ ව්‍යාපාරවලට නවසීලන්ත පසු බිමක තියන ප්‍රධාන ප්‍රශ්නය මොනවාද?
අපේ රටේ අය පටන් ගත්ත දා ඉඳලම අපේ ගනුදෙනුකාර භවතුන් වුණා. ඒ නිසා නවසීලන්ත වෙළඳපල අපට ලොකු ප්‍රශ්නයක් නෙවි. ප්‍රශ්නය තියෙන්නේ ආනයනය පැත්තෙන්. මෙහෙන් විශාල බඩු තොගයක් ලංකාවට යැවුවත් මෙහාට ගෙන ඒම හරි අඩුයි. අපේ රටේ වගෙ රස අඹ, කෙසෙල් ලෝකෙ කොහේවත් නැහැ. අවාසනාවකට මේවා ආනයනය කරන්න වෙළඳ ගිවිසුමක් නෑ. අපේ රටේ බල අධිකාරයකින් මේවා ගැන සලකිලිමත් වෙන්නෙ නෑ. දේශපාලකයෙක් ආවොත් මේ රටේ ලස්සන බලලා ආපසු යනවා හැර අපේ රටේ කිසි දෙයක් ආනයනය කරන්න පිළිවෙලක් හිතන්නෙ නෑ. ඒ නිසා අපේ දෙරට අතර විශාල සෘණ වෙළඳ පරතරයක් තියනවා. මේ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ රටේ හොඳට වැඩ කරන තානාපති කාර්යාලයක් ස්ථාපිත කරන්න කියල.

මේ ප්‍රශ්න ගැන එළිපිටම කතා කරල විසඳුමක් සොයා ගන්නට ඔබ කරන උත්සාහය සාර්ථක වේවා කියා මාත් ප්‍රාර්ථනය කරනවා. අවසාන වශයෙන් නවසීලන්ත ශ්‍රී ලාංකිකයනට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
අනෙක් ජාතිකයන් වගේම අපේ ගනුදෙනුකාර භවතුනුත් තම රටේ නිශ්පාදන අගය කිරීමෙන්, එම ආයතන වලට තවදුරටත් අනුග්‍රහය කිරීමෙන්, මීමුරේ පොඩි හකුරු මුදලාලි,පඬුවස්නුවර කුඹල් කරුවා, ශ්‍රී ලාංකික ගොවීන්, හසලක පාසල් දරුවා වගේ අයට යහපතක් කිරීමේ පිංකමට ඒ අය නිකම්ම සම්මාදන් වෙනවා. දෙවෙනිව තරුණ අය තම රටේ දේ ගැන හිතල අභියෝග බලපොරොත්තුවෙන් මොකක් හෝ අලුත් දෙයක් කරන්න හිතනවා නම් හොඳයි.
ඊළඟට අපට අනුග්‍රහය දක්වන හිතවත් ගනුදෙනු කාර මහතුන්ටත්, ව්‍යාපාරය පටන්ගන්න කොට, පරණ තැනින් මාරු කරන කොට, උදේ හවස නොබලා අපට සහායට ඉදිරිපත් වූ හිත මිතුරනට මගේ භාය–ාව හා ලොකු කැපකිරීමක් කරන කාය–මංඩලය වෙනුවෙන් ගෞරවයෙන් ස්තූති කරනවා.

නවසීලන්තයේ ශ්‍රීලාංකීය සන්නාමය!
ඔහුගෙන් සමු ලබා, ආගන්තුක සත්කාර ලෙස
පිළිගැන්වූ ලංකා තැඹිලි වතුර බෝතලය නිවසේ අය හා බෙදා ගෙන රස විඳීමට වාහන ලාච්චුවේ තැන්පත් කර ගෙන, එයාකාරයෙන්ම ශ්‍රීලාංකීය සන්නාමය පත්තරේකින් පිළිබිඹු කරන්නට වෙර දරමින් සිටිනකණ්ඩායමක් නියෝජනය කරමින් ආ මා, පැන්මුවා පැරණි වටරවුම පසු කළේ, තවත් අපේ කෙනෙකුට යාන්තමින් හෝ සහාය වන්නට ලැබීමේ අපරිමිත සතුට සපිරි සිතකිනි.

Lakdiv Super Market -Panmure-Auckland
09 527 77 82
info@lakdiv.co.nz | www.lakdiv.co.nz

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.