නවසීලන්තයට එන්නේ කොහොමද ?
මේ දවස්වල අපෙන් වැඩියෙන්ම අහන ප්‍රශ්නය. මොකද මේ වන විට නවසීලන්තය ලංකාවේ බොහෝ දෙනෙක් ඉගෙන ගන්න, රැකියා කරන්න, ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන රට බවට පත් වෙලා.
නවසීලන්තයට එන පුද්ගලයකුට සංක්‍රමණික නීති අනුව තමාගේ සුදුසුකම් හා අවශ්‍යතා අනුව වීසා තෝරා ගත හැක.
වීසා යනු කුමක්ද සහ එහි බලපෑම.
වීසා යනු එය දරන පුද්ගලයාට නවසීලන්තයට ගමන් කිරීම හෝ නවසීලන්තයේ රැඳී සිටීම (හෝ දෙකම) සඳහා අනුමැතිය ලබාදෙන අවසරයකි. වීසා නවසීලන්තය තුළ, නවසීලන්තය පිටත හෝ ආගමන පාලන ප්‍රදේශයක (immigration control area) තුළදී ලබාදිය හැක.
නවසීලන්තය පිටතදී ලබාදෙන වීසා
නවසීලන්තය පිටතදී ලබාදෙන වීසා පහත කරුණු සඳහන් කරයි:
- වීසාවලට අදාල කොන්දේසි තිබේ නම් ඒවාට අනුව නවසීලන්තයට ගමන් කළ හැකි බවත් ඇතුළුවීමට අවසර (entry permission) සඳහා අයදුම් කළ හැකි බවත්;
- ඇතුළුවීමට අවසර ලබාදෙන්නේ නම් වීසා කොන්දේසි (තිබේ නම්) ඒ අනුව නවසීලන්තයේ රැඳී සිටිය හැකි බවත්;
- වීසා ලබාදෙන අවස්ථාවේ දී වීසා දරන පුද්ගලයා වීසා කොන්දේසි (තිබේ නම්) පිළිපදින්නේ නම් ඇතුළුවීමට අවසර ප්‍රතික්ෂේප වීමට හේතුවක් Immigration New Zealand සතුව නොමැති බවත්.
නවසීලන්තය තුළ දී ලබාදෙන වීසා
නවසීලන්තය තුළ දී ලබාදෙන වීසා යනු:
- වීසා කොන්දේසි අනුව නවසීලන්තයේ රැඳී සිටිය හැකි බවත්;
- ගමන් කොන්දේසි (travel conditions) ලබාදී ඇත්නම් ඒවාට අනුව නවසීලන්තයට නැවත ඇතුළු විය හැකි බවත් ඇතුළුවීමට අවසර සඳහා අයදුම් කළ හැකි බවත්.
ආගමන පාලන ප්‍රදේශයකදී ලබාදෙන වීසා
ආගමන පාලන ප්‍රදේශයකදී ලබාදෙන වීසා යනු:
- ඇතුළුවීමට අවසර ලබාදෙන්නේ නම් වීසා කොන්දේසි අනුව නවසීලන්තයේ රැඳී සිටිය හැකි බවත්;
- ගමන් කොන්දේසි ලබාදී ඇත්නම් ඒවාට අනුව නවසීලන්තයට නැවත ඇතුළු විය හැකි බවත් ඇතුළුවීමට අවසර සඳහා අයදුම් කළ හැකි බවත්.
ඇතුළුවීමට අවසර (Entry Permission) යනු කුමක්ද?
වීසා ලබාදිමෙන් පමණක් එය දරණ පුද්ගලයාට නවසීලන්තයට ඇතුළුවීමට අයිතියක් ලැබෙන්නේ නැත. එම අයිතිය ලැබෙන්නේ ස්ථිර පදිංචි වීසා (Permanent Resident Visa) හෝ නවසීලන්තය තුළ දී ලබාදෙන පදිංචි වීසා (Resident Visa) ලැබුණු පසුවය. අනෙකුත් තාවකාලික වීසා ඇති අයවලුම් ඇතුලුවීමට අවසරය අයදුම් කළ යුතුවේ.
- පුද්ගලයා සතුව ඇති සියලු වීසා අවලංගු වීම;
- පුද්ගලයා දැනටමත් නවසීලන්තයට පැමිණ තිබේ නම්, ඔහු/ඇය ආපසු හැරවීම.
වීසා සඳහා අයදුම් කිරීමේ පියවර
පියවර 1: අයදුම් කිරීමට සුදුසු වීසා තෝරා ගැනීම
වීසා විකල්ප අතර ඔබට
- රැකියාව කිරීම
- අධ්‍යයනය කිරීම
- සංචාරය කිරීම
- පවුලේ සාමාජිකයන් ගෙන ඒම හෝ ඔවුන් සමඟ එක්වීම
- වැඩි කාලයක් රැඳී සිටීම
- ස්ථිරව නවසීලන්තයේ ජීවත් වීම
ආදියට ඉඩ ලබාදෙන වීසා ඇතුළත් වේ. මේ අතරින් ඔබට සුදුසු හා සුදුසුකම් ඇති වීසා තෝරා ගත යුතුවේ.
පියවර 2: වීසා සඳහා අවශ්‍යතා පරීක්ෂා කරන්න
ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන වීසා එකට අදාල තොරතුරු සහ අවශ්‍යතා පරීක්ෂා කරන්න.
ඔබට පහත කරුණු සම්බන්ධයෙන් විශේෂ අවශ්‍යතා සපුරාලීමට සිදුවිය හැක:
- සෞඛ්‍ය තත්ත්වය
- චරිතය සහ අනන්‍යතාවය
- ආර්ථික තත්ත්වය
- කුසලතා සහ අධ්‍යාපන සුදුසුකම්
- නවසීලන්තයේ ජීවත් වූ කාලය
ඔබ වීසා අයදුම් කරන විට මෙම අවශ්‍යතා සපුරාලන බවට ලියකියවිලි ඉදිරිපත් කළ යුතුවේ.
පියවර 3: ඔබගේ ලේඛන සූදානම් කරන්න
වීසා සඳහා අවශ්‍ය වන ඕනෑම නිල ලේඛනයක් ලබාගැනීමට සහ ඒවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට (ඉංග්‍රීසි නොවේ නම්) ප්‍රමාණවත් කාලයක් වෙන් කරගන්න.
පියවර 4: Online හෝ paper based අයදුම් කරන්න
ඔබ සියලු වීසා ගාස්තු ගෙවිය යුතුය. අයදුම් කිරීමේ ක්‍රියාවලිය ඔබ අයදුම් කරන වීසා වර්ගය සහ ඔබ අන්තර්ජාලය හරහා ද තැපැල් මගින් ද අයදුම් කරනවා ද යන්න මත වෙනස් වේ. සමහර වීසා වර්ග සඳහා අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ හැක.
පියවර 5: තීරණය සඳහා රැඳී සිටින්න
ඔබගේ වීසා පිළිබඳ තීරණයක් ලැබීමට ගතවන කාලය පහත කරුණු ඇතුළු සාධක කිහිපයක් මත රඳා පවතී:
- ඔබ අයදුම් කළ වීසා වර්ගය
- ඔබ අයදුම් කරන ස්ථානය
- එම කාලය තුළ ලැබෙන වෙනත් වීසා අයදුම්පත් ගණන
නවසීලන්ත වීසා වර්ග, වීසා සඳහා අවශ්‍යතා, නවසීලන්ත වීසා නීති වෙනස් වීම් ගැන මේ ලිපි පෙළ තුළින් ඉදිරියේදී හමු වෙමු.
යසසි ගුණරත්න
Licensed Immigration Adviser
(Provisional IAA 202500637)
Founder- Migratewise-NZ







