fbpx
16.9 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පත්තරේ විස්තරේ – දිමුතු විජේසූරිය

Must read

ආ මග තොරතුරු. 

නොමිලේ ඔබ අතට පත්වන ‘ශ්‍රීLankaNZ’ පුවත්පත් සඟරාවට පසුගිය මාර්තුවේ දී වසර දෙකක් සපිරෙනවා. නවසීලන්තයේ ඉන්න තරුණ බාල මහලු හැම කෙනෙකුටම ලියන්න අවස්ථාවක් ලබාදීම හා එයින් ඔවුන්ට ලැබෙන මානසික සුවය තමා ශ්‍රීLankaNZ අපේ බලාපොරොත්තුව වුණේ. ඒ අරමුණට අද වන විට ශ්‍රීLankaNZ ළඟා වෙලා තියනවා. ශ්‍රීLankaNZ පුවත් සඟරාව කියන්නේ නවසීලන්තයේ පුරාම බෙදාහරින පළමු සහ එකම සිංහල පුවත් සඟරාවයි.

පත්තරයක් කරන්න ඕනේ කියන හැඟීම, සිතුවිල්ල මුලින්ම ඇති වෙලා තිබුණේ හර්ෂ අයියට. ඒකටම හරියටම හරියන කෙනෙක් පංචමී නිසා අඳුනගන්න ලැබුණා.
ඒ තමා CJ(චරිත්). CJටත් හර්ෂ අයියට වගේම නවසීලන්තයේ සිංහල පත්තරයක් තිබුණණොත් හොදයි යන අදහස  තිබුණා. ඒ අදහසට අනු අක්කා, පංචමී, ඔෂාද්, මේනකා මුලින්ම අත්වැල් බැඳ ගත්තා. දැනේ අපේ නඩේට අලුත් අයත් එකතුවෙලා කරු අන්කල්, ගවිත්‍රි, ඉන්දික, ශේහානි, උපුල්, ලියන මම දිමුතු.  මේ අයට නම්බුනාමත් ලැබිලා තියෙන්නේ දැන්. කේ.ඒ.බි. කරුණාරත්න(කරු අන්කල්) කර්තෘ හා සංස්කාරක, අනු අක්කා මාධ්‍ය සම්බන්ධීකරණය, හර්ෂ අයියා මුද්‍රණ හා බෙදාහැරීමේ කටයුතු වගේම දැන්වීම් සපයන අපේ ව්‍යාපාරික මහතුන් හා සම්බන්ධීකරණය, CJ,මාධ්‍ය කළමනාකරණය සහ තාක්ෂණික ශිල්පීය සහ නිර්මාණ කටයුතු, මමයි ගවිත්‍රියි  සංස්කරණ කටයුතු සදහා දායක වෙනවා. ඉන්දික මල්ලි, ශෙහානි නංගි, උපුල් තමා technical වැඩ ටික බලන්නේ.

මේ හැමෝම පත්තර කෙරුවාවට නවකයෝ. Journalist කෙනෙක් විදිහට හිටියේ සඳා විතරයි. එයත් දැන් Stuff එකේ වැඩ. නවක අපි හැමෝම විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද වන විට අත්දැකීම් ලබා ගනිමින් සුන්දර ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගැන අපි හැමෝම සතුටු වෙනවා.

නවසීලන්තයේ සිංහල පත්තරයක සේයාවක් නොදුටු කාලයක නේහාන් මුණසිංහ, බුද්ධිම වික්‍රමආරච්චි, කේ.ඒ.බි. කරුණාරත්න, එන්. එච්.පෙරේරා. සුපුන් රජිත හෙට්ටිආරච්චි, පංචමී ධර්මදාස, ලක්ෂ්මි, ප්‍රාර්ථනා, ඒවගේම ළමා පිටුව වෙනුවෙන් පුලිත, චනුග් සහ ශෂිදු යන පුතාලා තමා ශ්‍රීLankaNZ වෙත ලියපු පළමු ලියන්නෝ වුණේ. ඒ අතර  වෙලින්ටන් ධම්මගවේසි භාවනා මධ්‍යස්ථානයේ වැඩ වසන වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ද අප වෙත කරුණාවෙන් ලිපි මෙන්ම උපදෙස් ද ලබා දුන්නා. ‘ශ්‍රී LankaNZ ප්‍රජා පුවත්පත’ යන වචනය මුලින්ම භාවිතා කළේ උන්වහන්සේයි. මේ වන විට ශ්‍රී LankaNZ පුවත් සඟරාවට නොකඩවා ලියන්නෝ විස්සකට ආසන්න පිරිසක් ඉන්නවා වගේම වරින් වර ලිපි එවන්නෝ සීයක් විතර ඉන්නවා. ඒ වගේම අලුත් අයත් හැම කලාපයක දී ම එකතු වෙනවා. ඒ විතරක් නොවෙයි, ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Citizen හරහා අපේ මව් රටේ විස්තර එවන්නත් දැන් පටන් අරන්.

අද වන විට ශ්‍රීLankaNZ නාමයෙන් යූටියුබ් නාලිකාවක් වෙබ් අඩවියක් මුහුණු පොතක් ආදී වූ සමාජ මාධ්‍යන් පවත්වා ගෙන යනවා. එම සමාජ මාධ්‍යවල 15000 ඉක්ම වු සාමාජික පිරිසක් අප වටා එකතු වී සිටිනවා. මේ තමයි ශ්‍රීLankaNZ පුවත්පතේ දෙවසරක ගමන.

 

D’ Date හා අපේ දුරස්ථ සංස්කාරක කාමරේ.

අලුත් කලාපයේ ලිපි ලේඛන එකලාසයක් කරන්න පටන් ගත්තා. ඒ වැඩේ සම්බන්ධීකරණය කරන්නෙ කරු අන්කල්.  සුපුරුදු පරිදි කරු අංකල්ගෙන්, ‘ඊළඟ කලාපයට articles මදි,’ කියලා පණිවිඩය ලැබුණා.

‘අම්මෝ… folders වල තියන ලිපි ගොඩ,’ අනු අක්කා, ගවිත්‍රි සහ මම හිතුවේ එහෙමයි 🤔)

හර්ෂ අයියා කිව්වා ‘මේ පාර පත්තරේ සතියක් කලින් print කරන්න ඕනේ. අපේ ව්‍යාපාරික මහත්වරුන් ගෙන් ඒ විදිහට ලොකු ඉල්ලීමකුත් තියනවා,’

‘අයියා කියනවා පත්තරේ කලින් print කරන්න ඕනේ කියලා. කොහොම කරන්න ද මන්දා. කරු අංකලුත් edit කරන්න කියලා ලිපි ගොඩකුත් එවලා තියෙනවා.’ 😩 මමයි  ගවිත්‍රී කතා වුණා.

‘අනු, මේ සැරේ පත්තරේට තවම articles ඇවිත් මදි වගේ.’ ආයිමත් කරු අන්කල්ගේ මැසිවිල්ල   අනු අක්කාට ඇහෙන්න පටන් ගත්තා.

‘ඇයි කරු, අපට දිගටම ලියන ගොඩක් අය ඉන්නවා නේ. ඒ ඇරත් අලුතින් ලියන අයත් දැන් ඉන්නවා. ඔය මදිද?’

‘ඔයා හරි,’ කරු අන්කල් උත්තර දුන්නා.

‘ඒත් ලියන  අය ලවා අපේ පත්තරේ ඉඩට තරග කරවන්න ඕනෑ. තරගයක් තියන කොට, ලියන ඒවයේ ගුණාත්මක බව වැඩි වෙනවා වගේම වෙලාවට එවනවා.’ කරු අන්කල් කිව්වා. ‘අපේ කට්ටියත් දැන් හරි උනන්දුවෙන් වැඩ ටික කරගෙන යනවා. ඔෂාද්ගේ ප්‍රහේලිකාවටත් කට්ටිය ගොඩක් උත්තර එවනවා.  😊ප්‍රහේලිකාවක් හදන්න ගොඩක් වෙලාව යනවා. අපි ඕෂාද් කරන වැඩේ හුඟක් අගය කරන්න ඕනේ,’ ඒ කරු අන්කල්.

Designing-War. 

‘මේ සැරේ ඇඩ්වලට සම්පූර්ණ පිටු දෙකකුත් වෙන් කරන්න,’ හර්ෂ අයියා කිව්වා.

මේක පිටු ඩිසයින් කරන CJට ලොකු අභියෝගයක්. ‘එහෙමනම් ඉතිං ආටිකල් අඩු කරන්න වෙයි. නැත්නම් දිග article issues දෙකකට තමා දාන්න වෙන්නේ.’ ඔහු කිව්වා.

‘එහෙම දැම්මම ආටිකල් එකේ flow එක නැති වෙනවා නේ…,ගවිත්‍රී  අදහසක් ඉදිරිපත් කළා.

‘පත්තරේ article දාන්න ඉඩ නැති වෙලාවෙ කරු අන්කල් කියනවා තව ලිපියක් තියෙනවා. ඒක කොහොම හරි මේ සැරේ දාන්නම ඕනෙ කියලා’

‘එහෙනම් ඉතින් අපේ ටීම් එකේ අය ලියපු ඒවා දාන්න වෙන්නේ නෑ.’ Design ගැන කල්පනා කරන ගමන් දෝ CJ කිව්වා.

‘අයියෝ…අපරාදේ. අපි අමාරුවෙන් ලියන ඒවා. ගොඩාක් research කරනවා.’ අනු අක්කයි ගවිත්‍රියි  මම   දුක් ගැනවිල්ලක් වගේ කිව්ව .’ ඒත් කමක් නැ. ඒක අපේ  community එකට කරන පරිත්‍යාගයක් කියලා හිතා ගනිමු.’ අනු අක්කා අන්තිමට කිව්වා.

‘ආන්, නිලංග මල්ලි කිව්වා sports article එක ලියලා  තියෙන්නෙ කියලා. ඉක්මනටම අපිට ඒක එවන්නම් කිව්වා.’ ඇය තවත් ආරංචියක් දුන්නා.

මුණනොගැසෙන රැස්වීම්.

මේ ජරමර අස්සේ CJ Zoom Meeting   එකකුත් කෝල් කරලා.

‘කට්ටිය meeting එකට තාම log වෙලා  නෑනේ? අවුල් දෙක තුනකුත් තියෙනවා ලිහා  ගන්නත්’ D-Date ගැන හිතන ගමන් වගේ CJ කිව්වා.

‘ඔයාව මට ඇහෙන්නෙ නෑ…’ එක්කෙනෙක් කියනවා.

‘ඔයාගේ video on වෙලා නෑ.’ තවත් එක්කෙනෙක් කියනවා.

‘ස්පීකර් ඕන් කරන්න.’

‘තව ඈත් වෙන්න.’

‘කැමරාවට ළංවෙන්න.’

‘ටිකා-ක් පස්සට යන්න.’

( කොහොම කොහොම හරි කට්ටිය ඔන්න zoom මීටිමට සෙට් වුණා.)

‘එෆ්.එම්.අභය, මාලතී වගෙ True Fonts, Unicode  වලට හරවන්න ඕනෑ. තවත් එකක්  ටයිප් කරන අකුරු වෙනස් වෙනවා. එක එක Browser වල එක එක විදිහට පේනවා. එහෙම වෙනස් වන තැන් හදන්න ඕනෑ. නැත්නම්  print එකට වැරදි වචන යනවා,’ ඒ තමා CJ ගේ උපදෙස් මාලාව.🙁

‘සමහර කලාපවල තැන් කීපයක  අකුරු වැරදුණේ ඒකයි.’ තවත් කෙනෙක් කිව්වා.

‘LinkedIn එකේ තියන post, ෆේස්බුක් එකේ දාන්න පරක්කු වෙන එක ගැන චුට්ටක් බලන්න.’ අනු අක්කා මතක් කළා.

‘මුල පිටුව කෙළින්ම පත්තරේ අදහසක් නියෝජනය කරන තත්ත්වෙට පත් වෙලා. පරිස්සමෙන් ලියන්න ඕනෑ.’ පත්තර කලාවේ අත්දැකීම් තියන හර්ෂ අයියා කිව්වා.’

‘මම නම් කැමතියි negative  පැත්තට වඩා positive පැත්තට ලියනව නම්.’ අනු අක්කා තම අදහස කිව්වා.

‘කෝවිඩ් නිසා කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නෙ negative  වලින්.’ කරු අන්කල් උත්තර දුන්නා.’ඒත් බලමු ටිකක්  positive වෙන්න,’ කරු අන්කල් positive උත්තරයක් දුන්නා.

‘ඒක නෙමේ ඊළග Interview එක කරන්නේ කවුද?’ අපේ youtube නාලිකාවේ යන සම්මුඛ සාකච්ඡා සෑහෙන ගානක් පත්තරේට ලියපු  ගවිත්‍රී ඇහුවා.

‘Interviews කීපයක් තියෙනවා. කාංචනාගෙන් මේනකාගෙන් හරි නිශිගෙන් මම අහලා බලන්නම්. video editing වලට තමා කට්ටිය අඩු. දුලිත්ගෙන් හරි දුමින්දගෙන් හරි  තමයි අහන්න වෙන්නේ.’ අනු අක්කා පැහැදිලි කළා.

‘මේ වගෙ දේවල්වලට අපිට ලංකාවේන් උදව්වක් ගන්න බැරි වෙයිද?’ ඒත් ගවිත්‍රීමයි.

‘මට අමතක වුණානේ පසනුයි ඕෂදයි  කිව්වා ඒ පැත්තෙන් උදව් කරන්නම් කියලා.’ අනු අක්කා.

‘නීල් කිව්වා Auckland අලුත් තැන් දෙක තුනකට පත්තර දාන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා Auckland යවන පත්තර ගාන වැඩි කරන්නත් වෙයි.  අපේ අනිත් පත්තර දාන සෙට් එකත් උනන්දුයි මේ  වැඩේට,’ හර්ෂ අයියා බෙදා හැරීම ගැන මතක් කළා.

‘මේ සැරෙත්  මුල් පිටුවට ලස්සන පින්තූරයක් රයන්ගෙන්  ගන්න පුළුවන් වෙයි නේද?’ ඒ මට තිබුණ එක ප්‍රශ්නයක්.

‘උපුල් මල්ලි කිව්වා F/B එකේ reach එක හොඳයි කියලා. Youtube එකේ tag line improve කරන්න ඕනේ කියලත් කිව්වා.’ ඒ හර්ෂ අයියා.

Team එකට තිබුණු ප්‍රශ්නත් විසඳගෙන අලුත් අදහසුත් අරගෙන මීටිමේ  වැඩ මෙලෙස නිමා වුණා.

 

තිරයෙන් පිටුපස තවත්.

පත්තරේ වැඩ මෙහෙම වෙද්දි අපේ Technical  Team  එකේ ඉන්දික මල්ලියි, ශෙහානි නංගියි, උපුලුයි ඕසෙට වැඩ.

ඔන්න ඉතින් කට්ටිය කොහොම කොහොම හරි එහෙට මෙහෙට කෝල් කරලා, ප්‍රශ්නවලට උත්තර හොයා ගෙන සතුටු සිතින්  පත්තරේ අවසන් අදියරට  ගෙනාවා.

‘ඔන්න පත්තරේ ලින්ක් එක දැම්මා. කට්ටිය මේක බලලා වැරදි අඩුපාඩු කියන්න. පරක්කු කරන්න එපා. මතකයිනේ D-Date එක?’

දින කිහිපයක් නිදිමරාගෙන, page design නිම කරාපු  CJ කිව්වා. ‘ spelling distortions වාගෙ ඒව හදනවා හැර  පිටු නම් වෙනස් කරන්න බෑ.’ CJ තවත් ඔවදනක් දුන්නා.

‘මම මුල්  පිටු ටික බලන්නම්. ඉංග්‍රීසි ටික නම් හර්ෂ අයියනේ බලන්නේ. ඉතුරු ටික අනු අක්කයි ගවිත්‍රියි  බලනවනේ. අන්කල්ට කියන්න ඕවරෝල් පත්තරේම බලන්න කියලා.’ මම යෝජනා කළා.

 

Print කරන දිනේ ආවා. 

‘වැරදි අඩුපාඩු එහෙම බලලා ඉවරයි. ඔන්න දැන් පත්තරේ  print කරන්නයි හදන්නේ.’ මාස දෙකක  page setting up යුද්ධය නිම කරන්න බලා ගෙන CJ කිව්වා.

‘දැන්වීම් දෙකක් පරක්කු වෙන පාටයි,’ කියලා හර්ෂ අයියා ගෙන් කෝල් එකක් ආවා. ’ඒ දෙක එන්න දවස් දෙකක්වත් පරක්කු වෙනවා.’

‘මොනවා…!’ කියලා  Team එකේ කවුරුත් එකිනෙකා ගේ මූණ බලා ගන්නවා මට මැවිලා පෙනුණා.

මේක ලිව්වේ මම වුණාට, හර්ෂ අයියා තමා අදහස දුන්නේ. මම ලියපු එකට නව මුහුණුවරක් දුන්නේ කරු අන්කල්. අපේ Team එකේ අනිත් හැමෝමත් මට ලියන්න උදව් කළා.

 

-දිමුතු විජේසූරිය-

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.