fbpx
11.1 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාවේ අර්බුදයට කිවි ලාංකිකයන් නවසීලන්ත රජයට කළ යෝජනා…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලංකාවේ අර්බුදයට කිවි ලාංකිකයන් නවසීලන්ත රජයට කළ යෝජනා

ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලනික සහ ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින්නේය. ජනතාව තමන්ගේ දැඩි විරෝධය සාමකාමී ලෙස පවතින රජයට එල්ල කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වයට නවසීලන්ත රජයට කුමන ආකාරයේ මැදිහත්  වීමක් සිදු කිරීමට හැකි ද යන්න පිළිබඳ සංවාදයක් Duality NZ  විසින් zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පසුගිය අප්‍රේල් දහවන දින සංවිධානය කර තිබුණේය. රජය පාර්ශ්වයෙන් කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි වනුෂි වෝල්ටර් සම්බන්ධ වූ අතර නවසීලන්තය පුරා විසිරී සිටින  ශ්‍රි ලාංකිකයන් සියයකට අධික ප්‍රමාණයක්  විවිධ සංවිධාන හා ප්‍රදේශ නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සම්බන්ධ විය.

ලාංකික පිරිස යොමු කළ ප්‍රශ්න අතරින් මුලිකවම සාකච්ඡාවට බඳුන් වූ ගැටලු කිහිපයක් පහත පරිදි වේ.

  • ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයට කඩිනම් මැදිහත් වීමක් නවසීලන්ත රජයට කළ හැකි ද?

ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා කිරිපිටි ආනයනය කිරීමේ කටයුතු මේ වන විට අඩපණ වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ  දැඩි කිරිපිටි හිඟයක් පවතින්නේය. විශේෂයෙන් ළදරු කිරිපිටි නොමැති වීම. නවසීලන්ත රජයට මෙයට මැදිහත් වීමක් සිදු කළ හැකි ද?

නවසීලන්තය කිරිපිටි අපනයනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ  ස්ථානයක සිටින්නේය. ෆොන්ටෙරා ආයතනය සමග සාකච්ඡා කර  විශේෂයෙන්ම ළදරු කිරිපිටි ණය පහසුකම් යටතේ ලංකාවට යැවීමට හැකියාවක් පවතිනවා ද?

ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලට ෆොන්ටෙරා සමාගම, මෙරට රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සමග සාකච්ඡා කර කිරිපිටි නොමිලේ ලබාදීමට හැකියාවක් පවතිනවා ද?

ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ සහ ශල්‍ය උපකරණවලට ඩොලර් සංචිත අඩු වීමත් සමගම විශාල පිරිවැයක් දැරිමට සිදු වී ඇත. මේ නිසා එම උපකරණ මිල දී ගැනීම සදහා නවසීලන්ත රජයට මැදිහත් විය හැකි ද?

මෙසේ උපකරණ මිල දී ගැනීමට හැකියාවක් ඇත්නම් එම උපකරණ සෘජුවම අදාළ රෝහල්වලට ලැබීමට සැලැස්වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි යන්න මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුගේ අදහස  විය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි වනුෂි පවසා සිටියේ  ඇය මේ වන විටත් ශ්‍රි ලංකාවට ආහාර සහ ඖෂධ වර්ග යැවීම සම්බන්ධය රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

  • ලංකාවේ පවතින මේ ගැටලුකාරී තත්ත්වය නිසා නවසීලන්තයේ දැනට රැඳී සිටින work visa සහ student visa යටතේ ඉන්න අයට තිබෙන ගැටලු.

විශ්වවිද්‍යාලවල  ඉගෙනුම ලබන ශිෂ්‍යයින්ට, රුපියල අවප්‍රමාණය වීමත් සමග තම අධ්‍යන වර්ෂ සඳහා සිදුකරන ගෙවීම්  දෙගුණයක් බවට පත්ව ඇත. මේ සඳහා සහනයක් ලබා දීමේ හැකියාවක් නවසීලන්ත රජයට තිබේ ද ?

උදාහරණයක් විදියට ණය පහසුකමක් ඔවුන්ට ලබා දීමට හැකි ද ?

Work visa යටතේ මෙරට ඉන්න අයගේ පවුල්වල අය මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු කඩිනම් කළ හැකි ද?

මේ සඳහා වනුෂි ලබා දුන් පිළිතුර වූයේ එළැඹෙන ජූලි මාසයේ දී වීසා ක්‍රියාවලියේ වෙනස්කම් සිදු කිරීමට නවසීලන්ත රජය අපේක්ෂා කරන බවත් එය පසුව ජනතාවට දැනුම් දෙන බවත් ය.

ඊට අමතරව ආගමන සහ විගමන සම්බන්ධ  ප්‍රශ්න පහත ඊමේල් ලිපිනයට යොමු කර වැඩි විස්තර  ලබා ගත හැකි බවත් ඇය  වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියාය.

ethnic_communities_labour@parliament.govt.nz

  • ශ්‍රී ලංකාවේ පවතින දූෂිත දේශපාලනය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව නවසීලන්ත රජයට කළ හැකි මැදිහත් වීම කුමක් ද?

ඇයගේ පිළිතුර වූයේ නවසීලන්ත රජයට  රාජතාන්ත්‍රික වශයෙන් මැදිහත් වීමක් සිදු කළ නොහැකි බවත්  ජුනි මාසයේ දී පැවැත්  වීමට නියමිත චෝගම් සමුළුවේ දි ශ්‍රී ලංකාව  මුහුණ දෙමින් සිටින ආර්ථික සහ දේශපාලනික අර්බුද, මානව හිමිකම් කඩවීම් සම්බන්ධ  ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් ය.

  සහභාගිකයන් ඉදිරිපත් කළ වෙනත් යෝජනා

  • කාබනික පොහොර ලංකාවට ලබාදීමට හැකියාවක් මෙරට රජයට පවතිනවා ද ?
  • ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු සාමකාමී රටක් ලෙස නවසීලන්තය තුළ ප්‍රවර්ධනය කිරීමට හැකි ද?
  • වර්තමානය වන විට සැපයුම් දාමයේ පවතින ගැටලු පසෙකලා ශ්‍රී ලංකාවෙන් සිදු කරන තේ සහ ඇඟලුම්  ආනයනය අඛණ්ඩවම සිදුකර ගෙන යෑමට හැකියාවක් නවසීලන්ත රජයට පවතින්නේ ද?
  • නවසීලන්තයට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික හා මෘදුකාංග සේවාවන් ලංකාවෙන් ද ලබා ගැනීමට ඉඩක් පවතිනවා ද ?
  • ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට විකල්ප බලශක්තීන් වන පුනර්ජීවන බලශක්ති උත්පාදනයට අවශ්‍ය උපකරණ ලංකාව වෙත පහසු මිලකට හෝ ආධාර ලෙස ලබා දීමට හැකියාවක් ඇත් ද?

ශ්‍රී ලංකාවේ වර්තමාන රජය විසින් වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම පුද්ගලයින් විසින් සිදුකරන පරිත්‍යාග අනිසි ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ද සාකච්ඡා කරන ලදී.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.