fbpx
11.7 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

එපා කීම කාලය ඉතිරි කරයි. ඔව් කීම කාලය වැය කරයි | ඕෂලා ප්‍රනාන්දු – ක්‍රයිෂ්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~ නැත යනු තීිරණයකි. ඔව්  යනු වගකීමකි. ~

පැහැදිලිව කිව‌හොත් එපා යැයි පැවසීම අනාගතයේදි ඔබේ කාලය ඉතිරි කරයි. ඔව් යැයි පැවසීම  ඔබේ  කාලය වැය කරයි. එසේත්  නැතහොත් ඔබ යම් කිසි ණයක් පියවීමට බැදී සිටී. එවිට ඒ අනාගත කාලය වැය කරන්නේ කෙසේදැයි ඔබ කලින්ම තීරණය කරයි. ඔබට ඒ පිළිබද යම් අවබෝධයක් පවතී.

එපා කීමෙන් කාලය කැමති අයුරින් ගත කිරීමට ඔබට නිදහස ලැබෙයි. සංවාදයකදී  ඔව් සහ නැත යන වචන එකිනෙකට සමාන බරක් උසුලයි. යථාර්තය නම් ඒවා අර්ථයෙන් ප්‍රතිවිරුද්ධ ඒවා නොව වෙනස්ම වූ තලයන් මත එම කැපවීමේ විශාලත්වය හා බර  රදා පැවතීමයි. 

ඔබ එපා කී විට එය එක් විකල්පයක් ප්‍රතික්ශේප කිරීමක් වේ. ඔබ ඔව් කී විට එකක් හැර අනෙක් සියලුම විකල්පයන් ඉන් ප්‍රතික්ශේප කිරීමක් වේ.

ඇයි ඔව්?

බොහෝ  විට අපේ ප්‍රශ්නය නම් ඔව් සහ නැත යන අර්ථය ගැන අප සිතන ආකාරය හා අප දකිනා කෝණය නොවේද ?පුද්ගලයන්ට එපා කීම අපට අසීරු  වන්නේ අප ඔවුන්ට සහය දැක්වීමට කැමති  නිසාවෙනි. අමතක නොකළ යුතු වන්නේ අපටද ඔවුන්ගේ සහය දිනෙක වුවමනා වන බවයි.

අන්තර් සම්බන්ධතා සුහදව පවත්වා ගැනීමට කාලය මෙන්ම ශක්තියද වැයවේ. මිනිසුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ජීවිතයේ වැදගත් අංගයක් වන්නේ, නැතහොත් බොහෝ විට අප ඔවුන්ගේ ඉල්ලීම් වලට  සහයෝගය දක්වන්නේ ඔවුන් අපේ සේවා ස්ථානයේ අයවලුන්  වීම, සහකාරිය හෝ සහකරු වීම, මිතුරන් වීම නැතහොත් පවුලේ අය වීම නිසාය .

එමනිසා රළු, අහංකාර හෝ උදව් කිරීමට අකමැති බව නොපෙන්වීම සදහා අපි ඉල්ලීම් වලදී සහයෝගය දැක්වීමට කැමැත්තක්  දක්වමු. 

නැත/බැහැ ?

කිසිසේත්ම නොකළ යුතු දේවල් ඉතා කාර්යක්ෂමව කරන අය අප අතරත් බොහෝ  වෙති. ඒ තරම් නිශ්ඵල දෙයක් තවත් ඇත්ද? එයින් අප‌ගේ කාලය, උත්සාහය  කොයිතරම් අපතේ යයිද?

ඔබේ අරමුණු කරා ඔබව ගෙන‌ නොයන හෝ  ඔබේ අවධානය වෙනතකට යොමු කරන ඕනැම දෙයකට එපා හෝ  බැහැ කීමට පසුබට නොවන්න.  එසේ කීම යනු එය කවදාවත් නොකර සිටීම නොවේ .

යම්කිසි ‌දෙයක් පිළිබදව ක්ෂණික තීරණයකට එළඹී ඔව් කීමට වඩා එය පිළිබදව ගවේශණය කර නිවැරදි තීරණයකට එළඹීම වඩාත් වැදගත් වන්නේ එයින් විය හැකි වැරදීම් හෝ සිත් රිදවීම් වළක්වා ගත හැකි වීම නිසාවෙනි.

බලය, මුදල් සහ අධිකාරිත්වය මාර්ගයෙන් ලැබෙන වරප්‍රසාදයන්  නිසා එපා යැයි පැවසීම සමහරුන්ට අපහසු වන්නේ එය ඔවුන්ගේ සාර්ථකත්වයට ඇති පහසු උපාය මාර්ගයක් නිසාය. බැදීම් වලින් මිදීමට වඩා බැදීම් වළක්වා ගැනීම ප්‍රඥාවට හුරු වේ.

සෞඛ්‍ය පිළිබද ඔබ අසා ඇති ‘වැළැක්වීම සුව කිරීමට වඩා පහසුය’. 

ඔබේ කාලය පරිස්සම් කර නොගතහොත් අනෙකුන් එය සොරා කෑමට ඉඩ ඇත. එම නිසා  ඔබේ ජීවිතයේ  ඔව් සහ නැත නිවැරදිව භාවිතා කරන්න.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.