ශීත ඍතුවේදී නිතරම අපි කරදර වන දෙයක් තමයි මේ සෙම (phlegm) කියන්නේ.
- ඇත්තටම මොනවද මේ සෙම කියන්නේ ?
- ශරීරයේ කොහෙද මේ සෙම තියෙන්නේ ?
- එකපාරටම මේ සෙම ගතිය ශරීරයේ වැඩි වෙන්නේ ඇයි ?
- කොහොමද මෙහෙම ශරීරයේ සෙම හැදෙන්නේ ?
මේ කාලයේදී අපි බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලු තමයි මේ. එහෙමනම් අපි අද කතා කරමු. සෙම් රෝගවලට හේතු වන සෙම ගැන.
‘සෙම’ එහෙමත් නැත්නම් සංස්කෘත භාෂාවෙන් ‘ශ්ලේශ්මල’ ලෙස හැඳින්වෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ‘කඵ’ ලෙස හැඳින්වෙන මේ පදාර්ථය ශරීරයේ තිබිය යුතු සමතුලිත මට්ටමේ ඇති විට ධාතුවක් ලෙස ක්‍රියාකරයි. එවිට ශරීරයේ ශක්ති පදාර්ථයක් හා ව්‍යුහමය පදාර්ථයක් ලෙස ශරීරයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරමින් ශරීරය නීරෝගීව තබයි.
නමුත් මෙම සෙම ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි වුවහොත් හෝ අඩු වුවහොත් ශරීරයේ රෝගීතාවයට හේතු සාධක වේ. ප්‍රධානවම ශරීරයේ ප්‍රතිශක්තිකරණයට හානිකරයි.
මෙම සෙම පදාර්ථය අධික ලෙස වැඩි වූ විට හෝ ප්‍රකෝප වූ විට එය මළ පදාර්ථයක් බවට පත්වෙයි. මේ අවස්ථාවේ දී එම ශ්ලේෂ්මල ශරීරයෙන් බැහැර කළ යුතුවේ නැතිනම් එයද පසු කාලීනව නොයෙකුත් රෝගවලට හේතු සාධක වනු ඇත.
මෙම ශ්ලේෂ්මල පදාර්ථයේ ගුණ කිහිපයක් ලෙස ස්ථිර දත්බව, ශීතගුණය , මන්දගාමී බව දැක්විය හැකිය.
මේ නිසාම තමයි ශීත ගුණය වැඩි ශීත ඍතුවේදීත් සෑම දිනකම උදය කාලයේදීත් ශරීරය තුළ සෙම ලක්ෂණ වැඩිපුර පෙන්නුම් කරන්නේ.
ශරීරයේ සෙම් ගතිය වැඩි වූ විට පහත ලක්ෂණ පෙන්නුම් කරයි.
උදාහරණ ;
- උගුර, නාසය, කන්, ඇස් කැසීම.( itchiness of throat, nose & ears )
- හිසේ ඇතිවන බර ගතිය. ( heaviness of head )
- නිතර සොටු දියර ගැලීම. ( runny nose )
- නාසය සිරවීමෙන් හුස්ම ගැනීම සීමා වීම. ( nasal block and shortness of breath )
- හතිය. (wheezing )
- වියළි කැස්ස / සෙම් කැස්ස. (dry cough / productive cough )
- රස, ගඳ, සුවඳ නොදැනීම. ( loss of sensation of tastes and smell )
- ජ්වර ( fever )
ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබේ නම් ඔබෙත් ශරීරයේ සෙම් ගතිය වැඩි වී ඇත. මේ මූලික අවස්ථාවේ දී පහත සඳහන් පරිදි ඖෂධ භාවිතා කිරීමෙන් මේ සෙම් ගතිය නිසි පරිදි ඔබටම ගෙදර දී අඩු කරගත හැකියි.