fbpx
10.4 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ත්‍රොම්බොසිස් (Thrombosis) මාරාන්තික රෝගයක් | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ලෝකයේ 1% කට වඩා මෙම රෝගයට ගොදුරුවන අතර නවසීලන්තයේ එක් වසරකට රෝගීහු 2000 ක් පමණ රෝහල් ගත වෙති. මෙම රෝගය මාරාන්තික වුවද ජනතාව දැනුවත් වන්නේ නම් මරණයෙන් රෝගියා බේරා ගැනීමට ඉඩ කඩ ඇත.

සිරුරේ රුධිරය හෘදය වෙත ගෙන යන ශිරා පද්ධතිය, සම ආසන්නයේ මෙන්ම පේශි අතරින් ද දිව යයි. වැඩිපුරම මෙම පේශි මැදින් යන ශිරාවල රුධිර කැටි ගැසී එය හරියට නයෙක් යනවා වගේ හෘදය හරහා ගොස් පෙනහළුවලට යාම නිසා මෙම භයානක රෝග තත්වය ඇතිවේ.

ලෝකයේ 1% කට වඩා මෙම රෝගයට ගොදුරුවන අතර නවසීලන්තයේ එක් වසරකට රෝගීහු 2000 ක් පමණ රෝහල් ගත වෙති. මෙම රෝගය මාරාන්තික වුවද ජනතාව දැනුවත් වන්නේ නම් මරණයෙන් රෝගියා බේරා ගැනීමට ඉඩ කඩ ඇත. එබැවින් අපි පාඨකයන් වෙනුවෙන් මෙම රෝගය ගැන වෛද්‍ය අශෝක ඩයස් සමග සාකච්ඡා කළෙමු.

මෙම රෝගයේ අපට ලෙහෙසියෙන් දකින්න හැකි ලක්ෂණ මොනවද?
කකුලේ රුධිර කැටියක් යනු ගැඹුරු ශිරා නහර තුළ ත්‍රොම්බොසිස් (Deep Vein Thrombosis -DVT) ලෙස හැඳින්වෙන තත්වයකි. එය සාමාන්‍යයෙන් කකුලේ වේදනාව, ඉදිමීම, රතු පැහැය සහ බලපෑමට ලක් වූ පාදයේ උණුසුමක් ද ඇති කරයි. එය මෙම සියලුම රෝග ලක්ෂණ රහිත විය හැකි අතර ලේ කැටි ගැසීමක් ඇති වී එය පෙනහළු වෙත ගමන් කර පුප්පුශීය එම්බොලිස්මයක් ඇති කළහොත් එය ජීවිතයට තර්ජනයක් විය හැකියි. හුස්මැනීමේ අපහසුව, හුස්ම හිරවීම (Short of Breath), කකුල්වල වළලුකර සිට උඩට වේදනාව සමග ඉදිමීම මෙම රෝගය උත්සන්න බවට ලක්ෂණ වෙයි.

ඊට අමතරව හමේ වර්ණය, උණුසුම වැනි ලක්ෂණ ගැන දැන ගන්න පුළුවන්ද?
රතු පැහැය හෝ පැහැය වෙනස් වීම (සම නිල් පැහැයට, රතු පැහැයට හැරෙන්නට හෝ දුර්වර්ණ පෙනුමක් ලබා ගත හැකිය). බලපෑමට ලක් වූ ප්‍රදේශයේ සම ස්පර්ශයේ දි උණුසුම් බවක් දැනිය හැකිය.

රෝග ලක්ෂණ දැක්කොත් අපට කළ හැකි ප්‍රථමාධාරය මොකක්ද?
ප්‍රථමාධාර නැහැ. ඔබට ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය වරයකු වෙත හෝ හදිසි ප්‍රතිකාර ඒකකයට යන්න (WHITE CROSS, HOSPITAL ED). වෛද්‍ය හමුවීමක් ලබා ගන්න හෙට වෙනකම් ඉන්න එපා.

මෙම මාරාන්තික රෝගයට හේතු මොනවද?
දිගු ගුවන් ගමන් අතර තුර දිගු වූ නිශ්චලතාවය වගේම, ඇඳ විවේකයේදී හෝ ශල්‍යකර්ම
යකින් පසු දිගු කාලයක් නිශ්චලව පැවතීමේ දී, පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, උපත් පාලන පෙති ගන්න අයට, ගැබිණි මව්වරුන්ට, තරබාරු අයට, තද විජලනයෙන් පෙලෙන අයට, දුම්පානය කරන අයට සහ වයස අවුරුදු 60 ඉක්ම වූ අයට මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩිය.

වෛද්‍යවරු මෙම රෝග විනිශ්චය කරන ප්‍රධාන ක්‍රම ගැනත් අපට පහදා දිය හැකිද?
රුධිර කැටි ගැසීම් සඳහා රුධිර පරීක්ෂාව (D-dimer test) සහ UltraSound Scan භාවිතා කරනවා. USS එදාම කර ගැනීමට නොහැකිනම් රෝගය DVT කියලා දැනගත් වහාම රෝගියාට CLEXANE එන්නත ඉතා කඩිනමින් ශරීර ගත කළ යුතුය.

මෙම රෝගයට ගතයුතු ප්‍රතිකාර ගැන යමක් කිව හැකිද?
වහාම රෝහල් ගතකර රුධිර කැටි ගැසීම වර්ධනය වීම වැළැක්වීමට සහ එය පෙනහළු වෙත ගමන් කිරීමේ අවදානම අඩු කිරීමට රුධිරය තුනී කරන ඖෂධ දිය යුතුයි. එම අවදානම පහවූවාට පසුව සමහරවිට එම බෙහෙත් ජීවිත කාලයටම ලබා ගන්නත් සිදුවෙයි.

මෙම සාකච්ඡාවේ අවසාන වශයෙන් මෙම මාරාන්තික රෝගය වළක්වා ගැනීමට අපි පිළිපැදිය යුතු වැදගත් කරුණු මොනවද?
ශාරීරිකව ක්‍රියාශීලීව සිටින්න.
දිගු කාලයක් පාද නිශ්චලව තබා ගැනීමෙන් වළකින්න.
නිරෝගී බරක් පවත්වා ගන්න.
දුම්පානයෙන් වළකින්න.
දිගු ගමන් හෝ ශල්‍යකර්මයකින් පසු වැනි අධි අවදානම් කාලවල දී සම්පීඩන මේස් පළඳින්න.
දිගු ගුවන් ගමන් යනවානම් විටින් විට ආසනයෙන් නැගිට මද වෙලාවක් ඇවිදින්න. නැත්නම් වළළුකර වාහනේක බ්රේක් පාගනවා වගේ ව්‍යායාම කරන්න. එවිට ‘බත් කෙණ්ඩය’ (CALF) මස්පිඩුව තුළින් ගමන් කරන ශිරා තෙරපීමෙන්, ලේ එහි රැඳීමට ඉඩ නොදී උඩහට තල්ලු කරයි.
තවද සමහර රෝගීන්හට ජානමය හේතුන් මත මෙම DVT හැදෙන බැවින් පවුලේ අනිත් අයගේ ද රුධිරය පරික්ෂා කළ යුතුය.

‘VARICOSE VEINS’ හා ඉහත සඳහන් මාරාන්තික රෝගය අතර වෙනස කුමක්ද?
DVT සඳහා CALF මාංශ පේශි අභ්‍යන්තරයේ ඇති ශිරා තමයි ප්‍රධාන ලෙස මෙම රෝගයට හේතු වෙන්නෙ. මතු පිටින් හමට ආසන්නයේ අපට දක්නට ලැබෙන ශිරාවලින් තමයි VARICOSE ඇතිවන්නෙ.

ඊට හේතු පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔබගේ සමට ආසන්න ශිරාවල බිත්ති දුර්වල වන විට ව්‍යාකූල (Varicose) ශිරාවන් ඇති වෙනවා . ශිරාවේ රුධිර පීඩනය වැඩි වන විට දුර්වල වූ බිත්ති නිසා ශිරාව පිම්බෙනවා . ශිරාව පළල් වෙන විට ශිරාවේ රුධිරය එක් දිශාවකට ගමන් කිරීමට උපකාරී වන කපාට දුර්වල වෙනවා. එවිට එහි ලේ එකතුවෙලා ශිරාව දඟර ගැහෙනවා. මේ අන්දමින් දඟර ගැසෙන ශිරාව අපි ‘වැරිකෝස් වේන්ස් ‘ යනුවෙන් හඳුන්වනවා. මේවා තුළ වුවත් සමහර විට ලේ කැටි ගැසීම් වෙන්න පුළුවන්. නමුත් එය මාරාන්තික නැහැ. ඒ වුණාට විශාල වශයෙන් VARICOSE VEINS තිබෙන අයට DVT හැදෙන්න තිබෙන අවදානම වැඩියි.

සාකච්ඡාව කළේ, දයා ප්‍රතාපසිංහ ඕක්ලන්ඩ්

Main image credit: geralt & Crystal_Blair

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.