ඔබගේ ශරීර ශක්තිය වැඩි කිරීමට සහ ශරීරය විෂ හරණයට උදව් කරන ඖෂධීය පාන වර්ග කිහිපයක් මෙන්න — පරිසරය හෝ වයස අනුව වෙනස් වුණත්, මේවා සෞඛ්‍ය සම්පන්න පුරුදු එකක් වශයෙන් පානය කරන්න පුළුවන්.
නමුත් ඔබ ගැබිනි කාන්තාවක් හෝ මව් කිරි ලබා දෙන කාන්තාවක් නම් හෝ වයස අවු 12 ට අඩු දරුවෙක් නම් හෝ විශේෂ රෝග වලින් පෙළෙන හෝ වෙනත් ඖෂධ ලබා ගන්නා කෙනෙක් නම් මෙම පාන වර්ග ගැනීමට පෙර ආයුර්වේද හෝ ඇලෝපතික වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
- ඉඟුරු – ලෙමන් – මී පැණි පාන (Morning Booster)

අමුද්‍රව්‍ය:
ඉඟුරු කැබලි 1 අඟලක් පමණ
- ලෙමන් අර්ධයක රස
- උණුසුම් වතුර කෝප්පයක්
- මීපැණි ටිකක්
- කහ ඇඟිලි තුඩක ප්‍රමාණය
පානය කරන ආකාරය:
ඉඟුරු කැබලි තලා උණු වතුරේ මිනිත්තු 5ක් තබා, තම්බා, පසුව ලෙමන් රස හා මී පැණි එකතු කරන්න. උදේ හිස් බඩට බොන්න.
ප්‍රතිඵල:
- ශක්තිමත් බව ලබා දේ
- ජීර්ණය උත්තේජනය කරයි
- රෝග නාශක බලයක් ඇත
- කරදමුංගු – කරාබුනැටි – උළුහාල්-ග්‍රීන් ටී (Midday Energiser)

අමුද්‍රව්‍යය:
- ග්‍රීන් ටී බෑග් එකක්
- කරදමුංගු ඇට 3 ක්
- කරාබුනැටි 2 ක්
- උළුහාල් 1/2 තේ හැදි
- උණුසුම් වතුර
පානය කරන ආකාරය:
කරදමුංගු, කරාබුනැටි මදක් තලා උණු වතුරේ මිනිත්තු 3ක් තබා පසුව ග්‍රීන් ටී බෑග් එකත්, උළුහාලුත් එකතු කර සාදා ගන්න.
ප්‍රතිඵල:
- ශරීරයේ තෙල් සහ විෂ ඉවත් කරයි
- මනසට තෙරපයක් දෙයි
- ශක්තිය ස්ථිරව පවත්වා ගනී
- අශ්වගන්ධා කිරි පාන (Evening Recharger)
අමුද්‍රව්‍ය:
- අශ්වගන්ධා කුඩු තේ හැඳි බාගයක්
- උණුසුම් කිරි කෝප්පයක්
- නට්මෙග් ටිකක් හෝ මී පැණි ටිකක් (අමතරව)
පානය කරන ආකාරය:
කිරි උණු කර අශ්වගන්ධා කුඩු හා නට්මෙග් එකතු කර හොඳින් කලවන්න. නින්ද යාමට පැය 1කට පෙර බොන්න.
ප්‍රතිඵල:
- ආතතිය අඩු කරයි
- ශරීර ශක්තිය ප්‍රතිෂ්ඨාපනය කරයි
- හොඳ නිදා ගැනීමකට උපකාරී වේ.
4. පොකුරු වද මල් පානය (skin beauty tonic)

අවශ්‍ය ද්‍රව්‍ය:
- වියළූ පොකුරු වද මල් – 1–2
- උණු ජලය – කෝප්ප 2
- මීපැණි (අවශ්‍ය නම්)
- ලෙමන් ටිකක් හෝ මින්ට් කොළ ටිකක් (අවශ්‍ය නම්)
සාදාගන්න ආකාරය:
උණු ජලය පොකුරු මල් මත වැටෙන විදිහට දමන්න.
- විනාඩි 5–10ක් තුරු තබන්න (රසයට අනුව වේලාව වෙනස් කරගන්න පුළුවන්).
- පසුව පෙරහන් කර, අවශ්‍ය නම් මී පැණි හෝ ලෙමන් යුෂ එක්කරන්න.
- උණු හෝ අයිස් එකක් දාලා — ආරෝග්‍යමත්, අමුතු රසයක් ඇති තේ එකක් ලෙස රස විඳින්න.
ආරෝග්‍ය ගුණ
- රුධිර පීඩනය අඩු කරයි. විද්‍යාත්මක අධ්‍යයනවලින් හඳුනාගෙන තියෙන්නේ hibiscus තේ නිතර පානය කිරීමෙන් රුධිර පීඩනය අඩු විය හැකි බවයි.
- ආක්සීකාරක (Antioxidants) වලින් ප්‍රචූලයි – ශරීරයේ විෂ දූෂණ අඩු කරයි.
- හෘද රෝග සහ යකඩ සෞඛ්‍ය සඳහා ගුණදායකයි.
- ජීර්ණ ක්‍රියාව උත්ප්‍රේරිත කරයි.
- ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි – විටමින් C පරිමාව වැඩි කරයි.
- නිල් කටරොළු පානය (Brain tonic)

අවශ්‍ය ද්‍රව්‍ය:
- වියළූ නිල් කටරොළු මල් (Blue butterfly pea flower) 3-5
- උණු ජලය – කෝප්ප 1
- මී පැණි හෝ ලෙමන් (අවශ්‍ය නම්)
සාදන ක්‍රමය:
- උණු ජලයට කටරොළු මල් දාන්න.
- විනාඩි 5ක් පමණ තබා තේ හැඳින්න.
- පසුව පෙරහන් කර මී පැණි එකතු කර පානය කරන්න.
- ලෙමන් එකතුකර පාට නිල් සිට හිරු කහ පාටකට වෙනස් වෙන අමුතු අත්දැකීමක්
ආරෝග්‍ය ගුණ
- මනෝසංයමය වැඩි කරයි – නිතර පානය කිරීමෙන් මනස සන්සුන් කරයි.
- මතක ශක්තිය වර්ධනය කරන බව පුරාණ ආයුර්වේද විශ්වාස කරයි.
- ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වැඩියෙන් අඩංගු නිසා වයසින් පැරණි වීම පාලනයට උපකාරී වේ.
- රක්ත පීඩනය සම්මත තත්ත්වයේ තබා ගැනීමට දායක වේ
- කෙස් හා සම සෞඛ්‍යය සඳහාත් හොඳයි.
- මුරුංගා කොළ පානය (Iron tonic).
මුරුංගා කොළ පානය හෝ මුරුංගා කොළ මැල්ලුම් කෑම වගේ ආකාරවලින් තැබීම යකඩ අඩුව (anemia) ඇති අයට, මාසික අවධියේ ස්ත්‍රීන්ට, සහ නිර්මාංශිකයන්ට (vegetarians/vegans) ඉතාමත් ප්‍රයෝජනවත්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- වියළූ මුරුංගා කොළ කිහිපයක්
- උණු ජලය – කෝප්ප 1
- මී පැණි හෝ ලෙමන් (අවශ්‍ය නම්)
සාදන ක්‍රමය:
- උණු ජලයට මුරුංගා කොළ දාන්න.
- විනාඩි 5ක් පමණ තබා තේ හැඳින්න.
- ලෙමන් දාන්න . ඉතා හොද අවශෝෂණයක් සදහා
ආරෝග්‍ය ගුණ
- විටමින් A, C, E සහ කැල්සියම්, යකඩ වගේ පෝෂක ද්‍රව්‍යවලින් අනූනයි.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. දියවැඩියාව ඇති අය සඳහා ප්‍රයෝජනවත්.
- කොලස්ටරෝල් අඩු කරයි සහ හෘද රෝග පාලනයට උපකාරී වේ.
- ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති නිසා සම රැඳවීම හා වයසින් පැරණි වීම පාලනයට වටිනවා.
- ආහාර ජීර්ණය උත්ප්‍රේරිත කරයි සහ ශක්තිමත් බවක් ලබා දෙයි.
07.රණවරා මල් පානය (Beauty tonic)
අවශ්‍ය ද්‍රව්‍ය:
- වියළූ රණවරා මල් – 2-3
- උණු ජලය – කෝප්ප 1
- මී පැණි හෝ ලෙමන් (අවශ්‍යනම්)
- සාදාගන්නා ක්‍රමය:
- උණු ජලයට රණවරා මල් දාන්න.
- විනාඩි 5–10ක් තබා තේ හැඳින්න.
- පසුව පෙරහන් කර මී පැණි එක්කර පානය කරන්න.
- උණු හෝ අයිස් එකක් එක්ක බොන්න පුළුවන්.
රණවරා මල් පානයේ ආරෝග්‍ය ගුණ
- දියවැඩියාව පාලනය කරයි. රණවරා මල් වල රුධිරයේ සීනි මට්ටම අඩු කරන්න හැකි ගුණ තියෙනවා.
- සම හොඳ කරයි . නිතර පානය කිරීමෙන් සම පැහැදිලි, මෘදු, හා තෙතමනයක් ඇතිව තබා ගන්න පුළුවන්.
- රත්තරක් සහ පීත රෝගවලට (jaundice) ආයුර්වේදයෙහි භාවිතා වෙනවා.
- වෙනත් විෂ පීඩාවන් හා ශරීර උෂ්ණත්වය අඩු කරයි.
- මුත්‍රා පද්ධතියේ සෞඛ්‍යය වැඩි කරයි .diuretic (මූත්‍රා වැඩිකරන) ගුණ ඇත.
- ආත්මිකව සන්සුන් බවක් ලබා දෙයි. තේ වගේම සාමකාමී පානයක්.
නීරෝගිමත් ජීවිතයක් !
වෛද්‍ය නිලක්ශි ලෙනෝරා

Ceylon Ayurveda
8/3,Pacific Rise, Mt Wellington, Auckland.
022 3055 824, info@ceylonayurveda.co.nz







