fbpx
14.6 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අතීතය, වර්තමානය සහ අනාගතය යාකොට ප්‍රකාශයට පත්වූ ගිවිසුම

Must read

නවසීලන්තයේ ජාතික දිනය සහ එරට ඉතිහාසයේ වැදගත්ම සලකුණ ලෙස හැඳින්වෙන Waitangi දිනය 1840 වර්ෂයේ පෙබරවාරි 6 වැනි දින පිළිගැනීමටලක් කළ අතරම ආරම්භක ලේඛනයට ප්‍රථම අත්සන තැබීම හා මේ ඓතිහාසික දිනය සැමරීම සඳහා සියලුම ප්‍රජාවන්  Waitangi හී රැස්වීම විශේෂයෙන්ම සිදුවන්නකි.

අතීතය, වර්තමානය සහ අනාගතය යාකොට ප්‍රකාශයට පත්වූ ගිවිසුමක් ලෙස මෙය හැඳින්විය හැකි අතර ගිවිසුම අත්සන් කළ ස්ථානය Waitangi ලෙස හැඳින් වුණි.Waitangi දිනයේ පළමු නිල උත්සවය ජාතික භාරකාර මණ්ඩලයක සහභාගිත්වයෙන් පැවතුන අතර රටපුරා සිටින මඔරිවරුන් දහදාහක් සහභාගි වීම ද විශේෂත්වයකි.

1973 වසරේ සිට සෑම වසරකම පෙබරවාරි 6 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමට නීති සම්පාදනය කරන ලදී. එතැන්  සිට නවසීලන්ත වැසියන් දිගු සති අන්තයකට හිමිකම් කී අතර මේ දිනය  තුළ ඇති අර්ථය එහි ගිවිසුම හා බැඳුන එකක් වීම ද ඒ පාර්ලිමේන්තුව තුළ නීතියට පත් කිරීම එරට මඔරි සම්බන්ධතා වැඩි දියුණු කිරීමට ඉවහල් විය.
1975  වසරේ සිට Waitangi විනිශ්චය සභාව පිහිටු වන විට එම ගිවිසුම නීතිගත කිරීමට පාර්ලිමේන්තුව මැදිහත්වීම ඔවුන් ලද සුවිශාල ජයග්‍රහණයකි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.