fbpx
12.7 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මල් පිළිබඳ කතන්දරේ…- නිම්රේඛා කොලින්ස් -Wellington.

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තයේ වෙසෙන නිම්රේඛා කොලින්ස් මල් කර්මාන්තයේ යෙදෙන ශ්‍රී ලාංකික තරුණියකි. මල් පැල වගාවට කවදත් ඇළුම් කල ඇය ශ්‍රී ලංකාවේදී වයස අවුරුදු දහසයේදී පමණ තමන්ගේම කියන මල් පැල තවානකට හිමිකම් කියන්නටද වූවාය.

මෙම ක්ෂෙත්‍රයේ වසර දහයක පමණ කාලයක් කටයුතු කර ඇති ඇය මේ වනවිට ඇයගේ නැන්දනිය සමග එක්ව වෙලිංටන් නගරයේ ප්ලිමටන් ප්‍රදේශයේ මල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. 

නිම්රේඛා පවසන ආකාරයට මෙය තම මනසට විශාල සහනයක්  ගෙනදෙන කටයුත්තක් මෙන්ම හොඳ ආදායමක්ද ලැබිය හැකි ව්‍යාපාරයකි. 

මල් ව්‍යාපාරය සම්බන්ධව ඇය විසින් ගෙන එන ලිපි පෙළක පළමුවැන්නයි මේ.

ශ්‍රී ලංකාව සමග සැසඳීමේදී, නවසීලන්තයේ මල් සහ කොළ වර්ග බොහොමයක් දැකිය හැකියි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සැරසිලි වලට මල් උපයෝගී කර ගන්නා අවස්ථා වලට වඩා නවසීලන්තයේ සැරසිලි සඳහා මල්  යොදා ගන්නා අවස්ථාද අධිකය. 

නවසීලන්තයේ වෙළඳපොළට  වැඩිපුරම එකතු වෙන්නේ දේශීයව වගා කරන මල් වන අතර රෝස, ජර්බරා, ලිලී ඒවා අතරින් කිහිපයක්ය. නමුත් මීට අමතරව ඝර්ම කලාපීය රටවලින් ආනයනය කරන මල් වර්ගද තිබේ.

United Flower Growers යනු නවසීලන්තයේ සිටින ප්‍රධාන මල් අලෙවිකරුවෙකි. මොවුන් විසින් මල් තොග පවත්වාගෙන අතර වෙළෙඳපොළට අවශ්‍ය කරන මල් සුළු පරිමානයේ ව්‍යාපාරිකයන් හට වෙන්දේසි කරති.

 

මෙසේ වෙන්දේසියෙන් මිලදී ගන්නා ලද මල් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ගෙන ආ පසු පලමුව සිදුකරනුයේ මල් processing කිරීමයි. මෙහිදී සෑම මලකම නටුව කෝණයකට (angle) කපා ඉන්පසු එම මල් පිරිසිදු වතුර ඇති පෝච්චි වලට දමන අතර රෝස ලිලී වැනි මල් නම් ඒවා ශීතකරණයක තැන්පත් කරයි. ශීතකරණයක තබා ගත් විට මල් පිපීම ප්‍රමාද වේ.

මල් බඳුනකට මල් දැමීමට පෙර වතුරට ඡනෝලා බිංදුවක් එක් කර ගැනීමෙන් මල් වල ආයු කාලය වැඩි කර ගනීමට හැකියාව ලැබේ. ඒ වගේම මල් බඳුනේ වතුර දිනපතා මාරු කිරීමෙන්ද, ඒ මාරු කරන අවස්ථාවලදී හැම විටම පිරිසිදු වතුර දැමීමෙන්ද, ඒ වාගේම නටුවේ කෙළවරින් පොඩි කොටසක් කපා දැමිමෙන්ද මල් වල ආයු කාලය වැඩිකර ගැනීමට හැකිවේ.

මල් අලෙවි කරන ස්ථානයකින් ගන්නා මල් බොහෝ දුරට සුපිරිවෙළඳසළකින් හෝ ඉන්ධන පිරවුම්හලකින් ගන්නා මල් වලට වඩා කල් පවතින බවද අනිවාර්යයෙන්ම කිව යුතුය. එයට හේතුව වන්නේ මල් අලෙවි කරන ස්ථාන වල ඇති මල් වලට වඩා හොඳ සාත්තුවක් ලැබීමයි. මල් අලෙවිකරනා ස්ථාන වල මල් එම ස්ථානයට ගෙනා ආදා සිට පාරිභෝගිකයාගේ අතට යන තෙක් නිසි ක්‍රමවේදයක් යටතේ රැක බලාගැනීමක් සිදුවේ.

මීට අමතරව පාරිභෝගිකයා මල් කළඹක් මිලදී ගත්විට එය රැගෙන ගිය පසු,රැක බලා ගන්නා පිලිවෙලද,මල් අලෙවිහල් වලින් කියා දීමද සිදුකරයි. ඒ වාගේම මල් බඳුනේ වතුරට එකතු කරගත හැකි මල්වලට අවශ්‍ය ආහාරද මෙවැනිආයතන විසින් ලබා දෙයි. සැකසූ මල් කලඹක් නම්,මල් අලෙවිහල් වලින් එය පාරිභෝගිකයා අතට පත් කරන්නේ අනිවාර්යයෙන්ම වතුර ඇතිව එතීමෙනි. මෙම ක්‍රමවේදය Wet Wrap  කියා හඳුන්වනු ලැබේ.
 
යම්කිසි කෙනෙකුට මල් කර්මාන්තයට එක් වෙන්න උවමනා නම් මල් සැකසීම පිළිබඳව විධිමත් හැදෑරීමක් කල යුතුමය. නවසීලන්තයේ මේ සඳහාආයතන කිහිපයක්ම තිබෙන අතර රැකියාවක් කරනා අතරම හැදෑරිය හැකි පාඨමාලා පවත්වන ආයතනද තිබේ. මීට අමතරව යම් ප්‍රමාණයක හැකියාවක් තිබිමද වැදගත් වේ. 

මීළඟ ලිපියෙන් මල් බඳුනක් සැකසීමේ දී සැලකිය යුතු කරුණු දැන ගමු.

නිම්රේඛා කොලින්ස්

Wellington               

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.