~ Published on 9th Issue ~
අපි හැම හැම දෙනාම, අපේ ජීවිතය පුරාම හැමවිටම මෙන් සාර්ථකත්වය සොයනවා. සාර්ථකත්වය තුළින් සතුට සොයනවා. අනාගතයේදී සපුරාගත යුතු ඉලක්ක හඳුනාගෙන ඒ ඉලක්ක ලුහුබඳිනවා. ඉගෙන ගන්නා විට කඩයිම් විභාග, රැකියා කරන විට උසස්වීම්, ව්‍යපාර කරන විට ලාභය, ආදිය සම්බන්ධයෙන් අනාගත බලා බලාපොරොත්තු තබාගෙන එම ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරනවා. එම බලාපොරොත්තු සපුරා ගත් විට අපි හිතනවා ඒවා සාර්ථක වූ බව. එවිට සතුට ඇති වෙනවා. මේ ආකාරයෙන් අපි සාර්ථකත්වය මගින් අවසානයේදී සොයන්නේ සතුට.
නමුත් මේ ආකාරයෙන් අපි ලබා ලබාගන්නා සතුට වැඩි කාලයක් පවතින්නේ නැහැ. එය ඉතා ඉක්මනින් නැති වෙනවා. උදාහරණ ලෙස පාසැල් සිසුවන් වශයෙන් අපේ මූලික කඩයිම් විභාගයක් වන සාමාන්‍යය පෙළ විභාගය හොඳින් සමත් වූ විට අපට ලැබුන සතුට අති විශාල වන නමුත් එය එක් ඉක්මනින්ම නැති වෙනවා. නැවත උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන ඉගෙන ගන්න පටන් ගත් විට. නැවත විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුණු විට විශාල සතුටක් ලැබුණ නමුත් එයත් නැති වෙනවා උපාධියට නැවත ඉගෙන ගන්න ආරම්භ කළ විට. රැකියාවක් ලැබීම, එහි උසස්වීම් ලැබීම හෝ ව්‍යපාරයක ලාභය ලැබීම් ආදියෙන් ලබන සතුටක් මේ ආකාරයෙන්ම ක්ෂය වී නැති වී යනවා.
සමාජයක් හෝ රටක් වුවත්, එය ආර්ථික වශයෙන් සාර්ථක වී දියුණු වන විට, ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම වැඩිවන විට, එහි පුරවැසියන්යන් ගේ සතුට වැඩි වෙනවා. තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිවීම නිසා දුක්ඛිත තත්වයක සිටි ජන කොටස් වලට දැන් එම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකිවීම නිසා ඔවුන්ගේ සතුට වැඩිවෙනවා. නමුත් ආර්ථිකය නොකඩවා දියුණු වීම සමග ඒක පුද්ගල ආදායම නොකඩවා වැඩි වන නමුත් ඔවුන්ගේ සතුට නොකඩවා වැඩි වන්නේ නැහැ. ඒක පුද්ගල ආදායම සහ සතුට අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යන වලින් පෙනී යන්නේ ඒක පුද්ගල ආදායම වැඩිවීමේ මූලික අවස්ථාවේදී සතුටද ආදායම සමග වැඩිවන නමුත් එක්තරා අවස්ථාවකින් පසු ආදායම නොකඩවා වැඩි වුවත් සතුට වැඩි නොවන බවයි. ඒ වෙනුවට සතුට අඩු අඩුවීමේ ප්‍රවණතාවයක් ද පවතින බව පෙනී ගොස් තිබෙනවා.
මින් පෙනී යන්නේ අපි සම්මත වශයෙන් පිළි පිළිගන්නා සාර්ථකත්වය සතුට සෙවීමේ නිවැරදි මාර්ගය නොවන බවයි. එහෙම නිගමනය කරන්න තවත් හේතු තියෙනවා. සාර්ථකත්වය ලැබුණු විට අපට ලැබෙන සතුට ඉක්මනින්ම නැතිව වී යාමට අමතරව සාර්ථකත්වය ළඟා කර ගැනීමට අප දරන වෑයම තුළ දී ද සතුටට වඩා දුක ඇතිවන බව අපි අත්දැකීමෙන් දන්නවා. විභාගයකින් උසස් සමාර්ථයක්ක් ලබාගැනීමට හෝ ව්‍යපාරයකින් අන්‍යයන් සමග තරග කොට ඔවුන් අභිබවා සාර්ථක වීමට වෑයම් කිරීමේදී අපි දැඩි මානසික් පීඩනයකට හා මානසික ආතතියකට මුහුණ දෙනවා. අනාගතයේ ලැබිය හැකි සාර්ථකත්වය හා ඉන් ලැබිය හැකි සතුට ගැන සිතා එම මානසික පීඩනය හා ආතතිය දරා ගත හැකි නමුත් එය අපේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බාධාවක්. කොතෙක් පීඩනය දරාගෙන සාර්ථකත්වය ළඟා කර ගැනීමට උත්සාහ කලත් අපි අසාර්ථක වෙන්නත් පුළුවන්. අපේ බලාපොරොත්තු බිඳ වැටෙන්න පුළුවන්. බලාපොරොත්තු සාර්ථක වීම් පිළිබඳ සිහින මවමින් ලැබූ සතුටට සාපේක්ෂව බලාපොරොත්තු බිඳ වැටීමෙන් ඇතිවන දුක වැඩි වෙනවා. මේ නිසා සාර්ථක වීමට දරන උත්සාහයේදී දුක ඇති ඇති නොවන, ඒ වගේම සාර්ථකත්වයෙන් ලබන සතුට අඩු නොවන ආකාරයේ විකල්ප මාර්ගයක් සෙවීම්ට උත්සාහ කළ යුතුයි.
එවැනි විකල්ප මාර්ගයක් පවතින බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි. සමාජය සම්මත ක්‍රමයට අපි සාර්ථකත්වය දකින්නේ තම තමන්ගේ සාර්ථකත්වය ලෙසයි. සාර්ථකත්වය සොයන්නේ පුද්ගලයින් වශයෙන්. සාර්ථකත්වය හැමවිටම ‘මම‘ කේන්ද්‍රගත වුවත් වූවක්. සාර්ථකත්වය සෙවීමේදී හා ඒ සඳහා වෑයම් කිරීමේදී ආත්මාර්ථය පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනවා. ආත්මාර්ථය විශාල කාර්යභාරයක් ඉටුකරනවා පුද්ගලයා සාර්ථකත්වය කරා මෙහෙයවීමට. එහි වරදක් නැති බවත් , එය සාමාන්‍ය දෙයක් බවත් සමාජය පිළිගන්නවා. ආත්මාර්ථකාමී චර්යාව පුද්ගලයාගේ සාර්ථකත්වයට අවශ්‍ය බවටත් සමහරු තර්ක කරනවා. ආර්ථික විද්‍යාව පිළිගන්නා ‘ආර්ථික මිනිසා‘ ආත්මාර්ථකාමී පුද්ගලයෙක්. ‘ආර්ථික මිනිසා’ යම් දෙයක් කරන්නේ ඉන් තමාට යම් වාසියක්, ප්‍රයෝජනයක් හෝ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නම් පමණයි. ඔහු යම්කිසි කාර්යයක් කරන්නේ එය සාර්ථක වූ විට ඒ මගින් ඔහුට ලැබෙන ප්‍රයෝජනය, ලැබෙන සතුට ගැන හිතලා. එය මුදල්මය ආදායම, වෙනත් ද්‍රව්‍යමය දේපල හෝ භාණ්ඩ හෝ සමාජ තත්ත්වය, සමාජ පිළිගැනීම්, කීර්තිය හෝ ප්‍රශංසාව වැනි දේ විය හැකියි.
කාර්යය සාර්ථක වුවහොත් තමාට ඉන් ලැබිය හැකි වාසි සහගත දේවල් හෝ වාසි සහගත තත්ත්වයන් පිළිබඳ ව සිතීමෙන් හෝ අනාගත සිහින මැවීමෙන් ලබන ආශ්වාදය ම පුද්ගලද්ගලයා එම කාර්යය වඩාත් උත්සාහයෙන් කිරීමට පොළඹවනවා. උදාහරණ වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් තම උපාධි පරීක්ෂණය ඉහළින් සමත් වුවහොත් ලැබිය හැකි උසස් රැකියාව, මිලදී ගත් හැකි මෝටර් රථය හා ලැබිය හැකි සමාජය පිළි පිළිගැනීම් හා ගෞරවය ගැන සිතීම ඔහු හෝ ඇය එම එම විභාගය සාර්ථකව නිම කිරීම සඳහා උත්සාහ කිරීමට පොළඹවනවා . මෙම පෙළඹවීම එනම් අභිප්‍රේරණය (motivation)සිදුවන්නේ තම සිහින සැබෑ කර ගැනීමට ඔහු තුළ පවතින දැඩි ආශාව සහ යම් හෙයකින් උත්සාහය අත් අසාර්ථක වී තම සිහින බිඳ වැටුණහොත් ඇතිවිය හැකි දැඩි වේදනාවට මුහුණ දීමට ඇති බය යන සාධක දෙක මගින්.
බොහෝවිට අපි සාර්ථකත්වය සොයන හැම විටම මෙන් පෙළඹවීමේ සාධකය හෝ අභිප්‍රේරණ සාධකය වන්නේ ආශාව සහ බය. යමක සාර්ථකත්වය සදහා උත්සාහ කිරීමේදී අපේ අභිප්‍රේරණ සාධකය ආශාව සහ බය නම් එම කාර්යය කිරීමේදී අප තුළ සාමයට ඉඩක් නැහැ. සිතෙහි පවතින්නේ කලබලකාරී, අසහනකාරී හා පීඩාකාරී තත්ත්වයන්. මේ නිසා සාර්ථකත්වය සඳහා වෑයම් කිරීමේදී මානසික ආතතිය හා මානසික පීඩනය ඇතිවීම ස්වාභාවිකයි. ඒ නිසා සැබෑ සතුට අත් විඳින්න බැහැ. අපට සැබෑ සතුට ලබන්න නම් සිතේ සාමය, සැලසීම හා සන්සුන් බව අවශ්‍යයි. නිවුණු සිතක් අවශ්‍යයි. ආශාව සහ බය මගින් අපේ සිත මෙහෙයවන තත්ත්වයකදී අපට සැබෑ සතුට විඳින්න බැහැ.
දෙවනුව, අපේ ඉලක්කය සාර්ථක වුවහොත් අපට අත් විඳින්න සිදුවන්නේ සැබෑ සතුට නොව ආශ්වාදයයි (Pleasure). සැබෑ සතුට සහ ආශ්වාදය අතර ලොකු වෙනසක් තියෙනවාවා. ආශ්වාදය යනු අපේ ආශාවන් සම්පූර්ණ වූ විට, අපි ආශා කරන දෙයක් ලැබුණු විට මොළය තුළ ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවක්. අපි ආශා කරන දේවල් හා ප්‍රතික්ෂේප කරන දේවල් මොනවාද යන්න අපේ මොළයේ වාර්තා වෙලා තියෙනවාවා. අපි දැඩිව ආශා කළ ඉලක්කයක් සාර්ථකව සපුරා ගත හොත් මොළය විසින් නිපදවනවා ආශ්වාදය ජනිත කරන ස්නායු රසායනික ද්‍රව්‍ය (Neuro-chamicals). මෙයින් ජනිත කරන ආශ්වාදය පවතින්නේ ඉතාම කෙටි කාලයක් පමණයි. අවශ්‍ය නම් නැවත නැවත එම අත්දැකීම් සිහිපත් කරමින් එම ආශ්වාදය නැවත නැවත විඳින්න පුළුවන්. එහෙත් එය කළ හැක්කේ ද සීමිත කාලයකි දී පමණය. ඒ නිසා සාර්ථකත්වයන් අපි ලබන සතුට කෙටිකාලීන වූවක්. ජීවිතයේ සෑම දෙයක්ම නොකඩවාම සාර්ථක වුවත් ජීවිතයේ සතුට නොකඩවා වැඩි වන්නේ නැහැ.
සාර්ථකත්වය තුළින් ලබන සතුට නම් වූ ආශ්වාදය ට වෙනස්ව සැබෑ සතුට යනු බාහිර හේතුවකින් හට ගන්නා පලයක් නෙවි. එය අප තුළ හැම විටම පවතින ධර්මතාවයක්. එය අපට අත්විඳින්න පුළුවන් වෙන්නේ සිත සන්සුන්ව තිබෙන විට පමණයි. භාවනා කිරීමෙන් සිත සන්සුන් කරගෙන සිතේ ගැඹුරට කිඳා බැස්ස විට මේ සැබෑ සතුට අත්විඳින්න පුළුවන්. ඒ වගේම සුන්දර වූ ස්වාභාවික පරිසරයක් පවතින මුහුදු වෙරළක් හෝ වනාන්තරයක් වැනි ස්ථානයක නිසොල්මන්ව සිරි නරඹන විටද කෙනකුට සැබෑ සතුට අත් විඳන්න පුළුවන්. කිසිම ප්‍රති-උපකාරයක් බලා බලාපොරොත්තු නොවී තමා නොදන්නා ආගන්තුකයෙකුට අවංකවම උදව් කරන විටද මෙම සැබෑ සතුට අතින් අත්විඳින්න පුළුවන්. වෙනත් විදියකට පැහැදිලි කරනවා නම් සැබෑ සතුට ලබන්න බැහැ ආත්මාර්ථකාමීව ලබන සාර්ථකත්වයෙන්. සැබෑ සතුට පරාර්ථකාමිත්වය සමඟ බැඳී තිබෙනවා. අධ්‍යාත්මිකව දියුණු පරාර්ථකාමී පුද්ගලයින් නිරන්තරයෙන් සැබෑ සතුට භුක්ති විඳිනවා. මේකට අධ්‍යාත්මික සතුට කියලා කියන්නත් පුළුවන්.
මනුෂ්‍යයන් වශයෙන් අප නිර්මාණය වී තිබෙන්නේ ආත්මාර්ථකාමීව තම සාර්ථකත්වය අරමුණු කරගෙනම ජීවත් වීමට නොව පරාර්ථකාමීව මුළු සමාජයටම ප්‍රතිලාභ ලැබීම අරමුණු කරගෙන සාර්ථකත්වය සෙවීමට බව නවීන විද්‍යාත්මක සාක්ෂි වලින් පෙනී ගොස් තිබෙනවා. කුඩා දරුවන් යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් සොයා ගෙන තියෙනවා කුඩා දරුවන් ස්වාභාවිකවම ඒ කියන්නේ වැඩිහිටියන්ගේ මග පෙන්වීමක් හෝ පෙළඹවීමක් නැතිවම පරාර්ථකාමීව හැසිරෙන බව. ඒ වගේම මොළය සම්බන්ධ ස්නායු විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා පරාර්ථකාමිත්වය මිනිස් මොළයේ දෘඩව රැහැණීකරණය (hardwired) වී ඇති බව. ස්වර්ණමය නීතිය (The Golden Rule) එනම්, “අන්‍යයන් ඔබට කුමන ආකාරයකින් සැලකිය යුතුයයි ඔබ බලාපොරොත්තු වන්නේ ද, ඔබ ද ඒ ආකාරයෙන්ම අන්‍යයන්ට සැලකිය යුතුයි,” යන්න මිනිස් මොළයේ දෘඩව රැහැනීකරණය වී ඇති බව. ඒ නිසා මනුෂ්‍යයා ස්වභාවයෙන්ම පරාර්ථකාමී බව ස්නායු විද්‍යාත්මක සාක්ෂි වලින් ඔප්පු වී තිබෙනවා. මෙම සාක්ෂි වලින් පෙනී යන්නේ මනුෂ්‍යයන් වශයෙන් අප නිර්මාණය වී තිබෙන්නේ පරාර්ථකාමීව අන්‍යයන්ට සේවය කිරීමට බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා පරාර්ථකාමී පුද්ගලයින් අන් අයට වඩා සතුටින් හා නිරෝගීව ජීවත් වන බවත් ඔවුන් බොහෝවිට අන්‍යයන්ට වඩා දීර්ඝ කාලයක් ජීවත් වන බවක්.
මින් පෙනී යන්නේ මනුෂ්‍යයෙක් වශයෙන් අපට උරුම වී ඇති ස්වභාවික අභිප්‍රේරණ සාධකය පොදු යහපත වෙනුවෙන් පරාර්ථකාමීව ක්‍රියා කිරීමේ නෛසර්ගික කැමැත්ත බවයි. මෙම අභිපේරණය යන වචනයට වඩා සමහරවිට චේතනාව යන වචනය වඩා යෝග්‍යය වන්න පුළුවන්. පොදු යහපත සඳහා වූ කැමැත්ත අප කුඩා වියේදී අපේ හැසිරීම් මෙහෙයවන්නට ඇති. මේ බව විද්‍යාඥයින් සාක්ෂි සහිතව පෙන්වා දෙනවා. සාර්ථකත්වය සෙවීමේදී අපේ චේතනාව පරාර්ථකාමිත්වය නම් අපට අප තුළ ස්වාභාවිකව පවතින සැබෑ සතුට අත්විඳින්න පුලුවන් වෙනවා. එම සතුට ආශාව සහ බය මගින් මෙහෙයවී ලබන සාර්ථකත්වයෙන් අත්විඳින ආශ්වාදය මෙන් කෙටිකාලීනවු රසායනික ප්‍රතික්‍රියාවක් නෙවි. එය අප තුළ ස්ථිරව පවතින ස්වාභාවික ධර්මතාවයක්. ඒ නිසා පරාර්ථකාමිව පොදු යහපත අරමුණු කරගෙන පිරිසුදු චේතනාවෙන් ජීවිතයේ සාර්ථක සාර්ථකත්වය සොයන්නේ නම් ඉන් ලබන සතුට දීර්ඝකාලීන වූවක්. ඒ වගේම සාර්ථකත්වය සඳහා උත්සාහ කිරීමේදී ද අප මෙහෙයවන්නේ ආශාවෙන් සහ බයෙන් නොවන නිසා මානසික් පීඩනය, ආතතිය හෝ දුක ඇති වීමට ද හේතුවක් නැහැ. අප මෙහෙයවන්නෙ අප ඇතුළතින්ම එන පරාර්ථකාමී අව්‍යාජ ආදරය බැවින් සාර්ථකත්වය සඳහා උත්සාහ කරන විට සැබෑ සතුට අත් වීමට පුළුවන්. ඒ නිසා සාර්ථකත්වය සෙවීම් පිණිස මෙය වඩා හොඳ විකල්ප මාර්ගයක් බව පැහැදිලිවම පෙනෙනවා.
~ Published on 10th Issue ~
පසුගිය කලාපයේ පළවූ මෙම ලිපියේ මුල් කොටසේ දී පෙන්වා දුන් ආකාරයට අපට සාර්ථකත්වය සඳහා උත්සාහ කරන්න පුළුවන් ක්‍රම දෙකකට (1) තමාගේ සතුට (ආශ්වාදය) පමණක් අරමුණු කරගෙන සාර්ථකත්වය හඹායාම හෝ (2) පොදු සතුට අරමුණු කරගෙන සාර්ථකත්වය සෙවීම. අප සමාජයේ වැඩිදෙනා අනුගමනය කරන පිළිගත් ක්‍රමය වන්නේ තම සතුට (ආශ්වාදය) පමණක් අරමුණු කරගෙන සාර්ථකත්වය සෙවීමයි. අප සමාජයේ වැඩිදෙනා අනුගමනය කරන පිළිගත් ක්‍රමය වන්නේ තම සතුට (ආශ්වාදය) පමණක් අරමුණු කරගෙන සාර්ථකත්වය සෙවීමයි. මෙහිදී රූපසටහනේ දක්වා ඇති ආකරයට සාර්ථකත්වය සඳහා අභිප්‍රේරණය (motivation) වන්නේ කාර්යය සාර්ථක වුවහොත් තමාට ඉන් ලැබිය හැකි වාසි සහගත දේවල් හෝ වාසි සහගත තත්ත්වයන් පිළිබඳව සිතීමෙන් හෝ අනාගත සිහින මැවීමෙන් ජනිතවන ආශාව සහ යම් හෙයකින් උත්සාහය අසාර්ථක වී තම සිහින බිඳ වැටුණහොත් ඇතිවිය හැකි දැඩි වේදනාවට මුහුණ දීමට ඇති භය යන සාධක දෙක මගින්. උදාහරණ වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් තම උපාධි පරීක්ෂණය ඉහළින් සමත් වුවහොත් ලැබිය හැකි උසස් රැකියාව, මිලදී ගත් හැකි මෝටර් රථය හා ලැබිය හැකි සමාජය පිළිගැනීම් හා ගෞරවය ගැන සිතීමෙන් සිතේ ජනිත වන ආශාව සහ යම් හෙයකින් උත්සාහය අසාර්ථක වී තම සිහින බිඳ වැටුණහොත් ඇතිවිය හැකි දැඩි වේදනාවට මුහුණ දීමට ඇති භය යන සාධක දෙක මගින් ඔහු හෝ ඇය අභිප්‍රේරණය වෙනවා.
එහෙත් හේතු කිහිපයක් නිසා මින් ලැබෙන සතුට (අශ්වාදය) පිළිබඳව සෑහීමකට පත්වන්න බැහැ. එය ඉතාම කෙටි කාලීනයි. ඒ වගේම අදාළ කාර්යයේ යෙදෙන්නේ ඉලක්කය සපුරා ගත් පසු ලැබිය හැකි සතුට (අශ්වාදය) නිසා මිස එම කාර්යය සඳහා ඇති රුචිකත්වය නිසා නොවේ. ඒ නිසා එම කාර්යය කරන්නෙ අකමැත්තෙන්. ඒ නිසා ඒ කාර්යයේ යෙදී ඉන්නා විට ඇතිවන්නේ දුකක්. මානසික ආතතිය සහ මානසික පීඩනය ඇතිවෙනවා. ඒ හැරුන විට තම සතුට පමණක්ම අරමුණු කරගෙන ආත්මාර්ථකාමීව කටයුතු කරන විට අන් අය සමග සම්බන්ධතාවයන් පළුදු වෙනවා. ගැටුම් ඇති වෙනවා. මේ මගින් සතුට නැති වෙනවා. එසේ වුවත් මෙම ලිපියේ පළවෙනි කොටසේ පෙන්වාදුන් ආකාරයට පරාර්ථකාමිව පොදු යහපත අරමුණු කරගෙන පිරිසිදු චේතනාවෙන් ජීවිතයේ සාර්ථකත්වය සොයන්නේ නම් ඉන් ලබන සතුට දීර්ඝකාලීන වූවක්. ඒ වගේම රූපසටහනේ පෙන්වා ඇති පරිදි සාර්ථකත්වය සඳහා උත්සාහ කිරීමේදී ද අප අභිප්‍රේරණය වන්නේ ආශාවෙන් සහ භයෙන් නොව අප ඇතුළතින්ම එන පරාර්ථකාමී අව්‍යාජ ආදරයෙන් බැවින් මානසික් පීඩනය, ආතතිය හෝ දුක ඇති වීමට ද හේතුවක් නැහැ. ඒ නිසා සාර්ථකත්වය සෙවීමේ දී සැබෑ සතුට අත් වීමට පුළුවන්. ඒ නිසා පොදු සතුට අරමුණු කරගෙන සාර්ථකත්වය සෙවීම වඩා හොඳ විකල්ප මාර්ගයක් බව පැහැදිලිවම පෙනෙනවා.
මෙම විකල්ප මාර්ගයට පිවිසීම සඳහා අප කුමක් කළ යුතු ද?
පසුගිය කලාපයේ පළවූ මෙම ලිපියේ පළවෙනි කොටසේ විද්‍යාත්මක සාක්‍ෂි සහිතව පෙන්වා දුන් පරිදි අප නිර්මාණය වී ඇත්තේ පරාර්ථකාමීව පොදු යහපත පිණිස ජීවත් වීමටයි. පරාර්ථකාමී පිරිසිදු ආදරය අපේ සිතිවිලි හා ක්‍රියාවන් අභිප්‍රේරණය කරන ආකරයටයි. මෙහෙයවෙන ආකාරයටයි. එහෙත් මෙම පරාර්ථකාමී ආදරය මැඩ පවත්වාගෙන ආශාව සහ භය අපේ සිතිවිලි හා ක්‍රියාවන් මෙහෙයවනවා.
ආශාවට සහ භයට අපේ සිතිවිලි සහ ක්‍රියාකරකම් මෙහෙයවීමට පුළුවන් වෙන්නෙ අපි ඒ පිළිබඳව සවිඥානිකව (consciously) නොදැන ඉන්නා තාක්කල් පමණයි. අපේ කරන කියන දේ පිළිබඳව අපි සිහියෙන් නොසිටින තාක්කල් අපේ ආශාවන්ට සහ භයට අපේ ක්‍රියාකරකම් මෙහෙයවීමට පුළුවන්. ඒ නිසා සිහියෙන් යුතුව තම ආශාවන් සහ භය තම සිතිවිලි සහ ක්‍රියා මෙහෙය වන ආකාරය පරීක්ෂාවෙන් බලාසිටිය යුතුයි. අන්න එතකොට අපට පෙන්නෙන්න පටන් ගන්නවා අපිම හදාගත්තු අපේ ආශාවන් සහ භය අපිටම දුක ඇති කරන හැටි. අපි නිසා අන් අයන්ට දුක ඇතිවෙන හැටි. අපේ දුකට හේතුව අපිම හදාගත්ත ආශාවන් සහ භය බව අපට අප තුළින්ම අවබෝධ වන විට අපේ ආශාවන්ට සහ භයට අපේ සිතුවිලි සහ ක්‍රියා මෙහෙයවීමට ඇති බලය ටික ටික අඩු වෙනවා. බල රහිත වෙනවා. නමුත් බොහෝ දෙනෙකුට මෙය කරන්න අපහසුයි, මොකද අපි අපේ හිත පුරුදු කරලා තියෙන්නෙ බාහිර ලොකයේ දේවල් පරීක්ෂාවෙන් බලන්න මිස තමන්ගේ ඇතුළාන්තය දෙස පරීක්ෂාවෙන් බලන්න නොවේ. අපි සිත පුරදු කරලා තියෙන්නෙ අනුන්ගේ අඩුපාඩු සොයමින් ඒවා තමා සමග සසඳමින් තමා ඒ අයට වඩා උසස් බව හිතමින් ඒ මගින් සතුටු වෙන්න. අශ්වාදය ලබන්න. තම සාර්ථකත්වය සඳහා තමා අනුන් රවටන හැටි, බොරුවට රඟපාන හැටි, පොඩි පොඩි වංචා කරන හැටි හා පොඩි පොඩි බොරු කියන හැටි දකින්න අකමැතියි. වෙන කෙනෙක් ඒවා පෙන්නා දුන්නත් පිළිගන්න සූදානම් නැහැ. තමන් ගේ ප්‍රතිරූපය ආරක්ශා කරන්න උත්සාහ කරනවා. තම වැරදි සාධාරණීයකරණය කරන්න උත්සහගන්නවා. අප අපේ හිත පුරුදු කරලා තියෙන්නෙ එහෙමයි. එහෙත් අමාරුවෙන් හෝ තමා දෙස බලා තම දුර්වලකම් හඳුනාගන්න තම සිත පුරුදු කළොත් මෙය ඉතා ආශ්වාදජනක හා විනෝදජනක අත්දැකීමක් වෙනවා.
එසේ නම් අප කළ යුතුව ඇත්තේ ආශාව සහ භය බලහීන කිරීමයි. එසේ වුවහොත් රූපසටනේ පෙන්වාදී ඇති ආකාරයට අප තුළ පවතින ස්වාභාවික මෙහෙයුම් යාන්ත්‍රණය සවිබල ගැන්වි ඒ මගින් අපේ සිතිවිලි සහ ක්‍රියාවන් මෙහෙයවනු ඇත. අප කළ යුතුව ඇත්තේ අපේ මොළයේ රැහැණීකරණය වී ඇති ආශ්වාදය විඳීමට ඇති දැඩි ආශාව සහ ආශ්වාදය විඳීමට අවස්ථාව අහිමි වේ යයි පවතින භයට අපේ සිතිවිලි හා ක්‍රියාවන් පාලනය කිරීමට ඇති ශක්තිය හා බලය අඩු කිරීමයි. එසේ නැතිනම් බලහීන කිරීමයි. එවිට අප තුළ ස්වභාවිකව පවතින පරාර්ථකාමී අව්‍යාජ ආදරය මතුවී ඒ මගින් අපේ සිතිවිලි සහ ක්‍රියාවන් මෙහෙයවනවා.
මේ පිණිස අපට ක්‍රම දෙකක් යොදා ගන්න පුළුවන්.
01. ළමා කළ සිට අපට උප්පත්තියෙන් ලැබුණු පරාර්ථකාමිත්වය තිබුණත්, පසු කලෙක අප හැදුණු වැඩුණු සමාජය සහ අධ්‍යාපනය මගින් ආත්මාර්ථකාමිත්වය අප මොළයට ඇතුළු කරලා තියෙනවා. මොළයේ එය රැහැණීකරණය වී පවතිනවා. ඒ නිසා යමක් කරන විට මින් මට ලැබෙන්නේ කුමක්ද යයි විමසා බලනවා. මට කිසිම වාසියක් හෝ ප්‍රථිලාභයක් නැත්නම් එය නොකරන්න හේතු සොයනවා. බාහිර ලෝකයෙන් ඇතුල්වී මොළයේ රැහැණීකරණය වන මේවා මතකයන් හා පුරුදු වශයෙන් පවතින්නේ. ඒවා මොළයේ රැහැණීකරණය වී තිබෙන්නේ මැකිය හැකි ආකාරයටයි. එයට කියනවා මෘදු රැහැණීකරණය (Soft-Wiring) කියලා. අපට අවංකවම අවශ්‍ය නම් ඒවා මකා දමන්න හෝ වෙනත් ආකාරයකට නැවත රැහැණීකරණය කරන්න ක්‍රමය හා විධි තියෙනවා. සාර්ථක ක්‍රමයක් තමයි රැහැණීකරණය වී ඇති චර්යාවට ප්‍රතිවිරුද්ධ දෙය කැමැත්තෙන් කිරීම. ඒ කියන්නේ තමාට කිසිම වාසියක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවේ. අඩු තරමින් ස්තුතියක් හෝ පිනක්වත් බලාපොරොත්තු නොවේ. අන්‍යන්ට උදව් කිරීම්, පොදු වැඩවලට කැපවී සේවය කිරීම, තමා කරන රැකියාව සඳහා වැටුපක් ලැබෙන නමුත් රැකියාව කිරීමේදී තමාගෙන් අන්‍යයන්ට ලැබෙන සේවය අරමුණු කරගෙන තම රැකියාවේ යෙදීම වගේ දේවල් කිරීමයි. වැදගත් වන්නේ චේතනාව පමණි. ගෙදර දොරේ වැඩවල දී තමා අකමැති එහෙත් පවුලේ අන්‍යයන්ට යහපත සලසන දේ කැමැත්තෙන් කිරීමත් තවත් දෙයක්. මෙතෙක් කල් තමාට ප්‍රතිලාභයක් නොලැබෙන දේ තමා අකමැති දේ වශයෙන් මොළයේ වාර්තා වී තිබුණ නමුත් දැන් ඔබ ඔබට වාසියක් නැති, ඔබට කිසිම ප්‍රතිලාභයක් නැති, නමුත් අන්‍යයන්ට යහපතක් වන දේ කැමැත්තෙන් කරන විට මොළය නැවත රැහැණීකරණය වනවා. එම අකමැති දේවල් කැමති දේවල් වශයෙන් මොළේ සටහන් වෙනවා. එවිට අන්‍යයන්ගේ හිතසුව පිණිස ඔබ ක්‍රියාකරන විට වෙනදාමෙන් අකමැත්ත හෝ නොරුස්නා ස්වභාවය ජනිත කරන රසායනික ප්‍රතික්‍රියා මොළය විසින් නිපද වන්නේ නැහැ. එතකොට අපට පුළුවන් වෙනවා ආයාසයක් නැතිවම පරාර්ථකාමීව කටයුතු කරන්න. පරාර්ථකාමීව ජීවත් වෙන්න.
02. අප නිර්මාණය වී තියෙන්නේ පරාර්ථකාමී ආදරය මගින් අපේ සිතිවිලි හා ක්‍රියාවන් මෙහෙයවීමට බැවින්, නිර්මාණය වී ඇති ආකාරයටම පරාර්ථකාමී ආදරය මගින් අපේ සිතිවිලි හා ක්‍රියාවන් මෙහෙය වෙන්නේ නම් අපේ සිතෙහි සහනය, සාමය හා සතුට වැනි ධනාත්මක ලක්ෂණ ඇතිවෙනවා. අනික් අතට අපි නිර්මාණය වී ඇති ආකාරයට ප්‍රතිවිරුද්ධව, ඒ කියන්නේ ආශාවන් හා භය මගින් සිතිවිලි හා ක්‍රියාවන් මෙහෙය වෙනවා නම් සිතෙහි අසහනය, කලබලකාරී බව හා දුක ඇතිවෙනවා. දුක ඇතිවෙන්න පුළුවන් මානසික ආතතිය, මානසික පීඩනය පමණක් නොව තරහ, වෛරය, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යයාව වැනි සෘණාත්මක සංවේදීතාවයන් වශයෙන්. මෙම දුක් සංවේදීතාවයන් අපට පණිවිඩයක් දෙනවා. එය අපට කියනවා අප අපව නිර්මාණය වී ඇති අරමුණට ප්‍රතිවිරුද්ධ ආකාරයට සිතන බව සහ ක්‍රියා කරන බව. මේ පණිවිඩය අපට දැනෙන්නට නම් අපි හොඳ සිහියෙන් ඉන්න ඕන. වර්තමාන මොහොතේ තම සිතිවිලි හා සංවේදීතාවයක් ඇතිවෙන හා නැතිවන ආකාරය පිළිබඳ හොඳ පරීක්ෂාවෙන් ඉන්න ඕන. අන්න එහෙම ඉන්නකොට අපට දැනගන්න පුළුවන් හිතට දුකක් එනකොටම ඔන්න දුකක් ඇතිවුණා කියලා. ඒ කියන්නේ සිතෙහි සාමය, සැනසීම, සහනය නැති වෙන විට අපට ඒක දැනගන්න පුළුවන්. සිතෙහි තරහ, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යයාව ඇති වන විට අපි දැන්ගන්නවා ඔන්න දැන් අපි තුළ මොකක්ද වුණා කියලා. අප තුළ තිබුණු ස්වාභාවික සතුට, සැනසීම, නිවීම නැතිවුණා කියලා. ඒ කියන්නේ දුකක් ඇතිවුණා කියලා. එතකොට අපට විමසා බලන්න පුළුවන් මේ දුක ඇතිවීමට මොකක්ද හේතු වුණේ කියලා. හේතුව හොයන විට පෙනෙනවා අපව නිර්මාණය වී ඇති ආකාරයට ප්‍රතිවිරුද්ධ ආකාරයකට අපි සිතුවා හෝ එහෙම නැත්නම් ක්‍රියා කළා කියලා. ඒ කියන්නේ ආශාව හෝ භය අපේ සිතිවිලි හෝ ක්‍රියාවන් මෙහෙයවන බව. ආශාවන් සහ භය අපේ සිතුවිලි සහ ක්‍රියා මෙහෙයවන බවත් ඒ මගින් අපට දුක ඇතිවන බවක් අප දැන ගන්නා විට අපේ ආශාවන්ට සහ භයට අපේ සිතිවිලි හා ක්‍රියාවන් පාලනය කිරීමට ඇති ශක්තිය හා බලය අඩු වෙනවා. අප අවසිහියෙන් සිටින තාක් කල් පමණයි අපේ ආශාවන්ට සහ භයට අපේ සිතිවිලි සහ ක්‍රියාවන් පාලනය කරන්න පුළුවන්. ආශාව සහ භය බල රහිත වනවිට අප තුළ පවතින පරාර්ථකාමී ආදරය සවිබල ගැන්වෙනවා. එතකොට පරාර්ථකාමිත්වය අපේ සිතිවිලි සහ ක්‍රියාවන් මෙහෙයවන්න පටන් ගන්නවා. එතකොට අපට පුළුවන් වෙනවා ආයාසයක් නැතිව පරාර්ථකාමීව කටයුතු කරන්න.
රූප සටහනේ පෙන්වා ඇති වූ ආකාරයට ආශාව සහ භය බල රහිත වූ විට අපේ සිතිවිලි හා ක්‍රියාකාරකම් මෙහෙයවන්නේ මනුෂ්‍යයන් වශයෙන් අපට උරුම වූ පරාර්ථකාමී ආදරය මගිනි. එවිට සාර්ථකත්වය සඳහා දරන උත්සාහයේ දී අපව අභිප්‍රේරණය වන්නේ ආශාව සහ භය මගින් නොවේ. පරාර්ථකාමී ආදරය මගින්. ඒ මගින් ඇතිවන සතුට ආශ්වාදය නොවේ. එය සැබෑ සතුටයි. එය දීර්ඝ කාලීනව පවතිනවා. ඒ වගේම සාර්ථකත්වය සඳහා උත්සාහ දැරීමේදී මානසික පීඩනය සහ ආතතිය හෝ තරහ, වෛරය, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යයාව වැනි මානසිකත්වයන් ඇති වන්න හේතුවක් නැහැ.
ඒ නිසා සාර්ථකත්වය සමග සතුට ද වැඩි වෙනවා.
*** *** ***
නිමි