නවසීලන්තය පුරා බෙදා හරින මුද්‍රිත පුවත් පතක් මෙන් පස් වසරකට පෙර එළි දක්වනු ලැබූ ‘ශ්‍රී ලංකන්ස්’ අද මුද්‍රිත මාධ්‍යයෙන් ඔබ්බට ගොස් මව්බිම හා වෙනත් රටවල වෙසෙන සහෘදයන් සමග ද සම්බන්ධ මාධ්‍යයක් වී ඇත.
- ‘නවසීලාංකිකයන්ට’ පමණක් නොව අප වටා රැඳී සිටින සියලු දෙනාගේ රස වින්දනය උදෙසා වින්දනීය වැඩසටහන් හා සිනමා පට මේ වසරෙත් රැගෙන එන්නට අපි බලාපොරොත්තු වෙමු.
- මෙකල ඉතා ජනප්‍රිය ටික් ටොක් සමාජ මාධ්‍ය ද අපගේ සමාජ මාධ්‍යවලට එකතු වූ අතර එතුළින් ද ඔබට අප හා එක් වීමේ අවකාශය ඇත.
- තරුණ සහ ළමා පිරිසද එකතු කරගනිමින් අලුත් වැඩසටහන් පෙළක් ද දැනටමත් අප ආරම්භ කර අවසන්ය.
පුවත්පත සමග මූලාරම්භයේ සිටම නිර්මාණ සහ ලිපිවලින් දැනුම බෙදා-හදා ගත් අපේ සහෘදයන්ගේ අදහස් කීපයක් පහත පළ කරන්නෙමු.
*****
සාර සංග්‍රහයක්…

පුවත්පත පටන් ගත් දා සිට ලිපි, රචනා හා ගී විචාර ලියා එවූ ප්‍රවීන ගේය පද රචක ප්‍රියානන්ද විජේසුන්දර ඕක්ලන්ඩ් සිට,
පත්තරය පන්නරයක්. වසර පහක් තුල අපේ දැනුම වසර දහයකට රැගෙන ගිහින්. සාම්ප්‍රදායික පත්තර පිටු වලින් ඔබ්බට ගොස් දැනුම, අවබෝධය, සහයෝගය අතරින් අප අතට එන සාර සංග්‍රහයක් කීවොත් වඩා උචිත වේවි. ඒ ඒ විෂයන්ට දැනුමැත්තන් මෙන්ම ඥානාභිවෘද්ධියෙන් යුත්තන් එක්තැන් කොට මුද්‍රිත පිටු හරහා මහා දැනුම් රැසක් ලබාගතහැකි මාවතක්. කියවීමෙන් ඔබ්බටගොස් ඊට සමගාමීව සමාජ මාධ්‍යයද ඇසුරු කර ගැනීමද කාලෝචිතයි. මේ සාර සංග්‍රහය ගෙනගොස් තේ කෝප්පයක්, කෝපි කෝප්පයක් තොලගානා ගමන් හෝ නිදි යහනේ ඇලවී හෝ දැනුම ලබාගන්නාවිට, අප දෝතට එන්නට බොහෝ කැපවීම් කරණ පිරිවරට අප ස්තූතිවන්ත විය යුතුමය’ යි පවසයි.
*****
Platform sharing Grandma’s Love…

Diyamanthi Galpottage, a children- book writer, author of the ‘Attama’s Story’ published regularly in Sri lankaNZ has this message.
I believe The SriLankaNZ is an oasis for thoughts, views, memories and stories of Sri Lankans who left their motherland to make New Zealand their home. My sincere thanks go to the staff at The Sri LankaNZ who do a marvellous job of helping and also, connecting us to our roots.Their time and effort which are given free are much appreciated.
It has been a joyful space for me too, allowing me to share my grandchildren’s experiences through Aththamma’s Stories. I have loved writing these pieces, and I believe they are enjoyed by many grandparents and parents who turn to the children’s page of our much-loved paper.
*****
සාහිත්‍යමය රසය විප්‍රවාසී සිත් තුළට ඇතුළු කරන්නට ලැබුණු විතක්…

කවි- කතා ගී ගැන අදහස්, සාකච්ඡා ඩනිඩීන් සිට ලියා එවන ආචාර්යය සුරංග දිසානායකගේ පණීවිඩයකින්…
ගසක මුලක් ගුරුත්වාවර්තීය. කොතෙක් උඩුකුරු කලද ගමන්කරන්නේ පොලව දෙසටය. සූරියකාන්ත මලක් ප්‍රභාවර්තීය කොතෙක් අඳුරට හරවුවද හැරෙන්නේ හිරු දෙසටමය. මා සාහිත්යාවර්තී ලෙස ම විසින් හදුන්වමි. විද්‍යා විෂය පථයෙන් තෙරකට ගියද මගේ සාහිත්‍යට ඇති ආලය නොනැසී මතුළ නිධන්ව පවතින්නේය. මතුළ ඇති ඒ රසය විප්‍රවාසී සිත් තුලට ඇතුළු කරන්නට මට ලැබුණු විතක් ලෙස මා සිරිලන්කන්ස් පත්තරය සලකමි. මසිතේ උපදින සිතිවිලි මෙන්ම, අන් සිතක උදින සිතිවිලිද හාරා අව්ස්සා සාහිත්‍යය රස විඳින, නවසීලාංකික සිත්වලට ඒ රසය බෙදීමට කර්තෘ කරූ මැතිඳුන්ගෙන් ලැබෙන ගුරු හරු කම්ද, සොයුරි අනුරාජිය ඇතුළු අනික් පිරිසගෙන් ලැබෙන දිරියද අගයමි.
*****
වෛද්‍ය උපදෙස්වලින් සහායවීමට අවස්ථාවක්…

පත්තරයට ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකර්ම ගැන ලිපි ලියා එවන වෛද්‍ය නදීකා පෙරේරා ඩනීඩීන් සිට මෙසේ ලියා එවයි.
පුවත්පත කට වසර පහක ජීවන කාලයක් යනු දීර්ඝ කාලයකි. විශේෂයෙන්ම විදේශ රටකදී ස්වේච්ඡා සේවයක් ලෙස පුවත්පත ක් දීර්ඝ කාලීන ව පවත්වාගෙන යෑම යහපත් සුන්දර ආකල්ප වලින් සපිරි මිනිසුන් සමූහය ක අනවරත කැපවීම ක වෙහෙස ක ප්‍රතිඵල යකි. ඒ අනුව සලකා බලන විට Srilankanz පුවත්පත නවසීලන්ත යදී මේ ආ ගමන් මග මේ ප්‍රයත්නය ට දායකවු පාඨක ලේඛක සැමට සාඩම්බර යෙන් ප්‍රීතිමත් වියහැකි ගෞරවනීය ගමනකි. පශ්චාත් කෝවිඩ් අවදියදී අනුරාජී වීරකෝන් නැමති (අදටත් මුහුණට මුහුණ මුණ ගැසී නොමැති) එවකට නන්නාදුනන මිතුරියගෙන් නවසීලන්ත යේ මුද්‍රණය කර බෙදාහැරීම ට නියමිත පුවත්පත කට ලිපිලබා දී සහාය වන ලෙස ඉතා මිත්‍රශීලී ආරාධනය ක් ඊමේල් මාර්ගයෙන් ලැබීමත් සමග Srilankanz පුවත්පත සමග ඩනීඩීන් නගරවැසි අපගේ සම්බන්ධ ය ආරම්භ විය. ඒ අනුව මගේ ප්‍රථම උපාධිය ත් ,වෘත්තීය ත් වූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පදනම්වු ලිපි මාලාව ක් පුවත්පත ට යොමුකිරීමේ වාසනාව මට හිමිවිය. තවද සුරංග, චන්දිමා, හා යශෝමාලී වැනි නිවේදකයින් සම්පත් දායකයින්, ලිපි රචකයන්, කවියන් පිරිසක් ඩනීඩීන් පුරවරයෙන් පුවත්පත ට හදුන්වාදීමට ලැබීම ද ඉතා භාග්‍යයකි.
අප විසින් පුවත්පත ට යොමුකල ලිපි කියවා පාඨක ඔබ අපගේ පෞද්ගලික ඊමේල යට යොමුකල අගය කිරීම්, වෛද්‍ය උපදෙස් පැතීම් මේ සත්කාරයට දිගින් දිගටම සහය වීම ට අප ධෛර්යය මත් කල උත්තේජනය න් වු බව ස්තූති පූර්වකව සඳහන් කරමි. Srilankanz පුවත්පතටත් ස්වේච්ඡාවෙන්ම මේ සත්කාරය වෙනුවෙන් වෙහෙසෙන එහි කාර්යය මණ්ඩලයටත් නව වසරේදී මගේ ගෞරවනීය ස්තුතියත් සාර්ථක දීර්ඝ ගමනක් සඳහා හදපිරි සුභාශිංසනයත් පලකරමි.
*****
ලේඛකයෙකු ලෙස සමාජය තුළ හඳුනා ගැනීමට…

මලිත් චතුරංග සමරසිංහ, ඕක්ලන්ඩ්හි සිටපත්තරය පටන් පටත් දා සිට කෙටි කතා හා කවි ලියා එවීය. වරෙක කතාවේ ගැටුම සියුම්ව ඉදිරිපත් කරන්නේ කේ. ජයතිලක වැනි සම්භාව්‍ය ලේඛකයන්ගේ ආභාෂය ලබා ගනිමින් මෙනි.
‘ශ්‍රී LankaNZ පුවත්පතේ දෙවැනි කලාපයෙන් පටන්ගෙන මා මෙතෙක් ආ ගමන තුළ, කෙටිකතා නවයක් සහ තවත් ගද්‍ය හා පද්‍ය නිර්මාණ මගින් දායකත්වය ලබාදීමට ලැබීම, මගේ ලේඛන දිවියේ සුවිශේෂී අවස්ථාවන් ලෙස සඳහන් කළ හැකිය. ලේඛනය යනු වචන එකතු කිරීමක් පමණක් නොව, සිතුවිලි, අත්දැකීම් සහ හැඟීම් සමාජය සමඟ ගැඹුරින් බෙදාගැනීමක් බව තව තවත් අවබෝධ කරගැනීමට මෙම පුවත්පත මට ඉවහල් විය. විදේශගත ජීවිතය අතරතුර සිංහල භාෂාවෙන් ලියමින් සිංහල පාඨක ප්‍රජාවට ළඟාවීමට ලැබීම විශේෂ ගෞරවයක් ලෙස සලකන අතර, මා ලේඛකයෙකු ලෙස සමාජය තුළ හඳුනාගැනීමටද එය බෙහෙවින් උපකාරී වී ඇත. අවුරුදු පහක් සම්පූර්ණ කළ ශ්‍රී LankaNZ පුවත්පත, ලේඛකයන් සහ පාඨකයන් එකට එක්කරන වටිනා සංස්කෘතික වේදිකාවක් බවට පත්ව ඇති අතර, එහි ඉදිරි ගමනට හදවතින්ම සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමි.






