fbpx
8.9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Letters to The Editor – ඇවිදින ලංකාව !

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඇවිදින ලන්කාව !

 කලාත්මක වුත්  පිටු විසිතුනක් ඇතුලේ අපේ පුන්චි ලන්කාවම ජාත්‍යන්තරෙට ගිහිල්ල කීවොත් ? ඔව් නවසීලන්තයෙ ජීවත්වෙන  ශ්‍රී ලාන්කිකයන්ගෙ සමූහ  ප්‍රයත්නයක් විදියට මීට මාස 3කට කලින් පත්තරයක් එලියට එනවා, නමින් “ශ්‍රී LankaNZ “

හරිම අපූරුයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටයෙන් බිහිවුන සැබෑම  දක්ශයින්ගෙන්  සැදුම් ලත් මේ අපූරු නවාතැන , නිර්මාන කරුවෙකුට  හිමීට ගලාගෙන එන නිදහස් අදහස් සැහැල්ලුවෙන් දිග හරින්න පුලුවන්  තෝතැන්නක් වගෙම , දක්ශයන්ට තම සැගවුනු හැකියාවන් පෙන්නන්න පුලුවන් රගමඩලක්. නවතම ලෝකයෙ social media හරියට පාවිච්චි කලොත්  ලේඛකයෙක්ට ඊට වඩා දෙයක් නෑ..එත් නිකන් හිතන්න .. උදේ පාන්දර පත්තරයක් අතට අරගෙන හාන්සි පුටුවේ වාඩි වෙලා ලන්කාවේ වගේම සැහල්ලුවෙන් අපේම භාශාවෙන් පත්තරයක් කියවන්න තියනවනම් කොච්චර හොදද ? ඒ හීනය සපුරා ගන්න සුදුවලාකුල් බූමියෙ ජීවත්වෙන නවසීලාන්කිකයන්ට අද වෙද්දි පුලුවන් වෙලා තියනවා. ඇත්තටම නවතම අද්දැකීමක් ගොඩක් අය කැමතියි තමන්ගෙ නිර්මාන වෙනත් තැනක පලවෙනවනම් .එහෙමත් නැතිනම් කවුරු හරි කියවනවානම් . නවීන ලොකයට අනුව  ඒක website එකක් , blog එකක් වෙන්න පුලුවන් .නමුත්  20 වෙනි ශත වර්ශයෙන් ඔබ්බට ගිහිල්ලා නවීන ලොකයට හරියන විදියට cyber අවකාශය අරක් ගත් කොට්ටාශයක් බිහිවෙලා තියන නිසා පත්තරය තියන තැන අඩුයි කියලා හිතුනත්,හොයන්න, තොරතුරු බලන්න ,අලුත් දේ කියවන්න කැමති කෙනා කියවනවාමයි . 

ඉතින් නිර්මානකරුවන් රැසකගේ හැකියාවන් වලින්  ආලෝකමත් වෙන ශ්‍රී LankaNZ අපේ  පත්තරයත් , අනාගතයේ දවසක  උඩු යටිකුරු කරන්න පුලුවන් වෙයි කියලා මටනම් හිතෙනෙවා. එහෙම කියන්න හේතු තියනවා. මුද්‍රණය ට අමතරව  Facebook page එකක් , Website එකක් සහ youtube Chaneel  එකකුත් මේ හා සම ගාමීව අද වෙද්දි බිහිවෙලා තියනවා. නවසීලන්තය ඇතුලින් ලන්කාවේ අපි වෙනුවෙන් බිහි වුනු මුල්ම පත්තරය වුනු ශ්‍රී LankaNZ ” පත්තරය ඔබෙත් මගේත් මවු බිමට ලොකු ආඩමබරයක්. ඊට අමතරව නවසීලන්තයට ගොඩාක්ම සමීප සම්බන්දතා ඇති ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලිනුත් නිර්මානයන් ගලාගෙන එනවා. 

මෙය දක්ශයාට ම වෙන්වුනු සැබෑම  අවකාශයක් . කිසියම් ලිපියක් පළ කරනවනම් ඊට අදාලව පොටෝ එකක් දාන්න ඕනෙ, ඒකෙන් තමා කියවන්නා ආකර්ශනය වෙන්නෙ . මෙ තුලින් ඒ කාරනය හරියටම ඉශ්ට වෙනවා කිවොත් මම නිවරැද්‍යි .  එ ප්‍රයත්නය සාර්ථක කරගන්න ලන්කාවෙම නිර්මානකරුවන් පිරිසක් මේ වටා එක් රොක් වෙලා ඉන්නවා . ඔවුන්ගේ  කැපවීම අගය කල යුතුමයි. ලස්සනට පිටු එකතු කරලා , සිත්ගන්න විදියට අපේම නිර්මාන එලියට එන්නේ කියවන්න අකමැති අය ඒකට කැමති කරවන්න පුලුවන් වෙන විදියටටයි. අද වෙද්දි තම අදහස් පැතිරවීම  පුලුල් වෙලා තිබුනත් පුවත්පත අභියෝගයකට ලක් වෙලා තියෙනවා. නමුත් අපේ ජීවිතයෙ මග සලකුනු ඇතිරූ පුවත්පත් නවීන ලොකයට ගෙනියන්න පුලුවන් විදියට සකසා ගන්න මොවුන් දරන උත්සහාය කැපකිරීම අනුව තමයි මේ පුවත්පත කා අතරත් ජනප්‍රිය වෙලා තියෙන්නේ.

 ඉතින් නිර්මානකරුවන්ට, දක්ශයන්ට ප්‍රබල අවකාශයක්උනු ශ්‍රී LankaNZ  පත්තරය අද වෙද්දි නවසීලන්තයේ සෑම  නගරයකම ලන්කාවේ නම ගෙනියන නිසා එය “ඇවිදින ලන්කාවක් ”  ලෙස හදුන්වන්න මම කැමතියි.  නිර්මානකරුවන්ට තුටු පඩුරක් වු ඔබට හදවතින්ම ජය ! 

  

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.