fbpx
17.5 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කියවන්නියක් ලියයි…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘කවියක් කතාවක් කලා නිර්මාණයක් කරන දෙදෙනෙක් සිටිති. එක් අයෙක් රචකයාය. ඔහු, අයිස් කුට්ටියක ජලයෙන් මතුව පෙණෙන අටෙන් එකක තරම් කොටසක් නිර්මාණය කරන අතර අනෙක් තැනැත්තා ඉතිරි අටෙන් හත සම්පූර්ණ කරයි. කියවන්නාය
හෙමිංග්වේ-

කියවන්නියක් ලියයි…

ඇය, දිග හරින ලද පුවත්පතක් ඉදිරියෙන් තබාගෙන වහලය මත වැටෙන හිම කැට දිය වී යන හැටි  බලා සිටින්නට පමණක් නතර වෙමින්, තම නිදන කාමරයේ ජනේලය ළඟට වී, කිසිම දෙයක් කපා කොටා වෙනස් කිරීමක්  ගැන නොසිතා  මෙම ලිපිය ලිව්වා ය.

1923 පෙබරවාරි හය වැනිදා, 

වර්ජිනියාවේ රෝනෝක්වල දී. 

හිතවත් දොස්තර මහතා වෙතය,

ඉතාමත්ම වැදගත් උපදේශයක් ලබා ගැනීමට  මෙය ලියා එවමි. මට යම් තීරණයක් ගන්නට සිදු වී ඇත. ඒත් කා විශ්වාස කර ලියන්න දැයි හිතා ගන්නට අපහසුයි. මේ ගැන දෙමව්පියන්ට ලිවීමට තරම් ශක්තියක් මට නැත. මුණ ගැසෙන්නේ නැතිවම මෙය ලියා එවීමට හැකි  බැවින්  ඔබට ලියමි. කීමට ඇත්තේ මෙයයි. 1929 අවුරුද්දේ මම ඇමෙරිකානු හමුදාවේ  සිටින පුද්ගලයකු සමග විවාහ වුණෙමි. අවුරුද්දේම වසර තුනක් සඳහා චීනයේ ෂැන්හයිවල හමුදා සේවය සඳහා ඔහු පිටත්කර යවනු ලැබීය. ඒ අතර තුර සේවයෙන් මුදා හරිනු ලදුව ඔහු අර්කන්සාස්හෙලේනාවල සිටින ඔහුගේ මවගේ  නිවසට ගොස් ඇති බව දන්වා එවා තිබුණ බැවින් මම ඔහු බැලීමට ගියෙමි. එවිට මා දුටුවේ ඔහු යම් කිසි රෝගයකට එන්නතක් ගනිමින් සිටින වගය. ඇසූ විට මට කිව්වේ ලියා ගන්නට අමාරු ‘සිලිෆස්’ වගේ  මොකක්දෝ රෝගයක් බවය. 

ඔබට මා කියන දේ වැටහෙනවද? කාරුණිකව මට දන්නවා එවන්න. ඔහු සමග  නැවත ජීවත් වීම ආරක්ෂා දායක ද? චීනයට ගිය පසු කිසිම දවසක  ඔහු හා සමීප සබඳතාවයක් මට තිබුණේ නැත. ඔහුගේ දොස්තර මහතා කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ගත් පසු මේ රෝගයෙන් සම්පූර්ණ  සුවය ලබන බවයි. ඔය කියන දේ හරි ද? මගේ පියා කියන හැටියට මේ රෝගය වැළඳුණු කෙනෙක් මරණය වැළඳ ගත්තා හා සමාන ය. මගේ පියා විශ්වාස කරන්නට පුළුවන් නමුත්, මට ස්වාමිපුරුෂයා විශ්වාස කිරීමට වඩාත්ම අවශ්‍යය. නිසා දොස්තර මහත්මයා, අනේ කරුණාකර මා කුමක් කළ යුතු දැයි දන්වා එවන්න.  ඔහු චීනයේ සිටින අතරවාරයේ මට දුවෙක් ලැබී ඇත. ඔබගේ උපදෙස් ගැන උපරිම විශ්වාසය තබා ස්තුති කරමින් නවතිමි.

සමහරවිට දොස්තර මහත්තයා කුමක් කිරීම වඩා සුදුසු වේ ද කියා මට උපදෙස් දෙනු ඇත,’ යි ඇය තමාටම කියා ගත්තා ය. ‘බාගදා මට කතා කරාවි. පින්තූරය එක්ක පත්තරේ පළ වී තිබුණ විස්තර අනුව ඔහු මේ ගැන දන්නා බව පෙනේ. ඔහු සෑම දිනකම කිසියම් කෙනෙකුට හෝ යම් උපදෙසක් දෙන වග පෙනේ. ඔහු මේ ගැන දන්නවා ඇත. කුමක් හෝ නිවැරදි දෙය කිරීමට මට අවශ්‍ය ය. බොහෝ කාලයක් ගත වී ඇත. දෙවියනි, ඒ විශාල කාලයකි. දීර්ඝ කාලයකි.

ඔවුන් යවන තැනකට යෑමට ඔහු  සූදානම් වී සිටිය යුතු බව මම දනිමි. එහි දී ඔහුට මොනවා ලැබේවි දැයි මම නොදනිමි. ඔහුට ඒ රෝගය නොවැළඳෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි. මොකක් කර එය හැදුණා දැයි බලන්නට මට වුවමනාවක් නැත. ඒ කෙසේ වෙතත් දෙවියන්ගේ නාමයෙන් ඔහුට ඒ රෝගය  නොතිබිය යුතුයි.  ඔහුට එය වැළඳිය යුතු නැත. කුමක් කළ යුතු දැයි තේරුමක් නැත. ඔහුට කිසිම රෝගයක් නොවැළඳේවායි මම දෙවියන්ට යාඥා කරමි. ඔහුට රෝගයක් වැළඳුණේ කුමක් නිසා දැයි මම නොදනිමි.

-අර්නස්ට් හෙමිංග්වේ-

පරිවර්තනය: බි.කරසිංහ ආරච්චි
Translated by B. Karasinghe Arachchi

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.