
මේ මහා දුර්භීක්‍ෂ කාලයකි. වසර සියයකට පමණ සැරයක් සිදුවෙන ආපදාවක් මුළු ලොවම වෙලා ගෙන ඇත. උස් පහත්, කුල මළ, තරුණ මහලු, ඇති නැති, උගත් නූගත් කිසිම භේදයකින් තොරව ‘කොරෝනා’ මාරයා ලොවම ගිල ගිනිමින් පවතී. ජීවිතයට නුදුටු හද කම්පා කරවන රූප රාමු රුපවාහිනි හා සමාජ මාධ්‍ය ජාල හරහා ලොව පුරා විසිරේ. සදාකල් ජිවත් වේ යැයි සිතා සිටි සමහරුන්ට මරණයේ කටුක යථාර්තය තේරුම් යමින් තිබේ.
කුමක්ද ජීවිතය? භෞතික ලෝකයේ එකිනෙක පරයා වැජඹෙන්නට මිනිසා දරන අසාර්ථක ප්‍රයත්නයන් කෙතරම් විසුළු සහගතද?
මහගම සේකර ‘නොමියෙමි’ පොතේ ලියූ කවක් මතකයට නැගේ.
“මා කවි ලියන අතර,
මගේ මිතුරෝ,
පොලොව බෙදා වෙන් කරගෙන,
ඒ මත,
ඇත් අස්රිය පිරිවර සෙන්,
මහා මන්දිර ගොඩ නැගුවෝ,
නිල තල ගරු බුහුමන්,
රජ මැතිදුන්ගෙන් ලැබුවෝ.”!
සැබවින්ම අප අපේ යැයි කියාගන්නා කිසිවක් අපේද ?
කුමක්ද මරණය? නන්දා මාලිනිය කියූ සේ, ‘අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන්දීමක්ද’ ?
ශතක කිහිපයකට පොරොතුව ඕමාර් ඛයියාම් අපුරුවට ගෙතූ පද වැලකි මේ.
XV (5TH Edition)
And those who husbanded the Golden grain,
And those who flung it to the winds like Rain,
Alike to no such aureate Earth are turn’d
As, buried once, Men want dug up again.
තිබුණත් වස්තු සම්පත් පවුලෙන් උරුම,
ඇලුණත් බඩ පිටට කුසගින්නට කරුම,
වැළලු පසුව කිසිදිනයක ගොඩ නොඑන,
කුණු වෙන සිරුරු පමණකි හැමටම උරුම.
Chrishantha Wevita – Wellington