ඔමාර් ඛයියාම්
ඉතිහාසයේ ලියැවී ඇති අන්දමට ඔමාර් ඛයියාම් යනු උගතෙකි, ගණිතඤයෙකි,
කවියෙකි, දාර්ශනිකයෙකි. ඔහු වඩා ප්‍රසිද්ධියට පත් වන්නේ ගණිත හා කාව්‍යමය
අංශයන්හි ඔහු ලොවට දායද කළ දෑ නිසාවෙනි. එනිසාම, ඉස්ලාමීය විචාර බුද්ධි
ප්‍රවාහයට ඔහුගේ මෙහෙවර වැඩිපුරම ප්‍රසංශාවට පාත්‍ර වන්නේ “රුබයියාට්” හා
විද්‍යාත්මක (ගණිත) අංශයන් හරහායි. දාර්ශනිකයෙක් හැටියට ඔහු කළ කී දෑ වැඩිපුර
විචාරයට බඳුන් නොවුනත් ඔහුගේ කව්‍යයන් හා දර්ශනය එකිනෙක හා සමීපව බැඳී
ඇති බව බහුතරයකගේ පිලිගැනීමයි.
රුබයියාට් හරහා ඛයියාම්, සාම්ප්‍රදායික ඉස්ලාමීය විශ්වාශයන්, පූජකයන්ගේ දෙබිඩි
ජීවන රටා හා ඉගැන්වීම් විචාරයට හා හාස්‍යයට භාජනය කරන අතරම, සියුම්
මානුශිකත්වයක් ඒ තුලට එක් කරයි.
Abul Fatḥ Umar ibn Ibrāhīm Khayyām, හෙවත් බොහෝ දෙනා දන්නා ඔමාර් ඛයියාම්
බටහිර ලෝකය තුළ වඩාත්ම ප්‍රසිද්ධ පර්සියානු (ඉරානීය) කවියායි කිව්වොත් එය
නිවැරදිය. එකළොස් වැනි ශත වර්ශයේ මැද භාගයේ උපත ලද ඔහු දොලොස්වන ශත
වර්ශයේ මුල් භාගයේදී වසර අසූවක් පමණ ආයු ගෙවා මිය ගිය බව සඳහන්ය.
පාරම්පරාවෙන් කුඩාරම් තනන්නන්ගේ පරපුරකට අයත් වූ ඔහු කුඩා කළ ඉතා
තැන්පත්, තමන්ගේ පාඩුවේ සිටි වැඩිමනත් දෙයක් නොතිබුණු ළමයෙක් විය. පසු
කළෙක, ඔහු දැනුම බෙදා ගැනීමට මැළි වූ ගෝල බාලයන් නැති, ඉක්මනින් කිපෙන
සුළු, නොඉවසිලිමත් පුද්ගලයෙකු වී යැයි කියැවේ.
ඔහුගේ සාම්ප්‍රදායික නොවු, අභියෝගාත්මක දැක්ම එකළ සමාජ රටාව තුළ උගතුන්
අතර සැඟවී සිටින්නට හේතු වූවා යයි සිතිය හැක. ඒ ගැන ඉඟියක් ඔහුගේ පහත
කවියෙන් කියැවේ.
The secrets which my book of love has bred,
Cannot be told for fear of loss of head;
Since none is fit to learn, or cares to know,
‘Tis better all my thoughts remain unsaid. (Rubā‘iyyāt, Tirtha 1941 p. 266.)
“මා ලියූ කවි කියූ ලොව නොදුටු යටි අරුත,
හඬ නඟා කියන්නට බැරි වීම දුකකි මට,
කියන්නට කෙනෙක් නැත, අසන්නෝ ලොවෙත් නැත,
යක්ශයන් පමණක්ය, අවි අමෝරා ගත්ත”.
ජීවිත කාලය පුරා දැනුම රැස් කිරීමේ අරමුනින් විවිධ දිසා වල සැරි සැරූ ඔහු
අවසානයේ දුර්වල සෞඛ්‍ය හේතුන් මත උපන් පෙදෙසට පැමිණියද නොබෝ කළෙකින්
නොඑන ගමන ගියේය.
මෙලොවට බිහිවූ උගත්, දැණුවත් හා ඊටත් වඩා සොඳුරු වූ මිනිසෙකුගේ ජීවිතය
එසේ නිමාවට පත්විය.
ක්‍රිෂාන්ත වෑවිට, වෙලිංටන් නුවර
Chrishantha Wevita – Wellington