fbpx
11.9 C
New Zealand
Sunday, April 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සහෝදරයෝ – සුරනි මහගොඩගේ Napier

Must read

මල්ලියෙනරක මිතුරන් පිළිගන්ට එපා

නංගියෙනොහොබිනාකම් හුරුවෙන්ට එපා

බෝගම්බරසිපිරි ගෙදරට එන්ට එපා

හතුරෙකුටවත් මටවන් දුක වෙන්ට එපා

 

ඉතා සංවේදී ගී පදවැලක් වූ මෙහි එන සහෝදරයා තම බාල සොයුරියට හා බාල සොහොයුරාට තමන් ගිය වැරදි මග නොගොස් යහපත් ජීවන රටාව වකට ඡීවත් වන ලෙස ආයාචනය කරයිදෙමව්පියන්ට පසුව අපගේ ජීවිත තුළ සියලු යහපත් දෙය ප්‍රාර්ථනා කරන්නේද සහෝදරයන්ම . එක කුස ඉපිද, එකට ගුලිවී, දුක, සතුට එක ලෙස විඳදරාගෙන උස්මහත් වුවද, අප සියල්ලන්ටම ඇත්තේ විවිධ වූ පෞරුෂයන්ය. අප සමාජය සමග ගනුදෙනු කරනකාරය විවිධ වන අතර සහෝදර බැඳීම කිසිදා වෙනස් වන්නේ නැත

අපේ එකා,’ යන ආදරණීය හැඟීම අප හදවත්වල සදා නොමැකෙන ලෙස ලියවී ඇත. කාලයත් සමග බොහෝ දේ වෙනස් වන විට, විවාහයෙන් පසුව අප සියල්ලන් එකිනෙකා සදාගත් තම ලෝකයන්හි ඡීවන අරගලයන් සමග කාර්යය බහුල වන විට, එකිනෙකාගේ සැප දුක සොයා බැලීමට එදා මෙන් නොහැකි වුවද අප්‍රමාණ සහෝදර ප්‍රේමය හදවත් තුළින් කිසිදා මැකී යන්නේ නැත.

 

‘අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

ගිනි ඇවිලුණා කැනිමඬලට අපෙ නිවසේ

එකපත අනා එකටම කෑ පෙර දවසේ

මං අමතකද නුඹ රජ වූ අද දවසේ.’

 

‘අම්මා එක්ක දබරව පැ ගිය වත්තේ

ළැම දාගියා බත හිරවුනි කුස ගින්නේ

දෑසේ කඳුළු වැහිපොද ලෙස වෑහෙන්නේ

වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ.’

 

‘ඉරට සැපක්දෝ නියඟය  අළුලෑම

සඳට සැපක්දෝ ඝණදුර පීදීම

නුඹට සැපක්දෝ අපි තනිකර යෑම

මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම.’

 

මෙහි එන ගී පද පේළි ඉතා රසවත්ය. හරවත්ය. ආත්මාර්ථකාමී හැඟීම නිසා සහෝදර ප්‍රේමය අහිමි වූ ආකාරය මනාව පෙළ ගස්වා ඇතආත්මාර්ථකාමීත්වයෙන් පිරුණු හදවත් ඇති, තම සහොදරියගේ හෝ සහෝදරයාගේ ජීවිත තුළට එබී අනිසි ලෙස බලපෑම කරනා බොහෝ චරිත අප අතර ඇති අතර ඔවුන් කෙලෙසකවත් කිසිම දෙයකින් සෑහීමට පත්වන්නේ නැත. මෙවැනි බොහෝ සිදුවීම සමාඡයේ ඇති අතර, සෘජුව හෝ වක්‍රව පීඩනයට පත්වූවා වුවත් සහෝදර බැඳීම රකිනාවුන්ද නැතුවා නොවන්නේය.

එය පවුලේ වරදවත්, දෙමාපියන් ගේ වරදවත් නොවන අතර, පුද්ගලයන් ලෙස සමාඡය සමග ගැටෙන කල ජීවිතය යහමින් වින්දනය නොකළවුන් තුළ ආත්මාර්තකාමී හැගීම හට ගැනීම පුදුමයක් නොවේ.

මා පෙර සදහන් කළ ලෙස අතේ ඇති ඇඟිලි පහම එක ලෙස නොවනා සේම එකම පවුලේ වුවද විවිධ සිතුවිලි, ගති ලක්ෂණ, ඇති සාමාඡිකයන් සුලබය.

ආත්මාර්ථය, තන්හාව යනමෙම සියලු දේ අනිත්‍යය වන අතර, බැඳීමක අගයක් නොදන්නා අය එකම පවුලේ වුව සිටීම සරුසාර අස්වැන්නක හට ගන්නා ලද බොල් වී කරලක් වැනිය.

 

සුරනි මහගොඩගේ

Napier 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.