ඇෆ්ගනිස්ථානය හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරඟය නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 කින් ජය ගැනිමත් සමඟ විස්සයි විස්ස ලෝක කුසනයේ සත්කාරක රටවන ඉන්දියාවට එම තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
ඒ අනුව දෙවනි කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තානය හා නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
පළමු කාණ්ඩය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මේ අනුව, නවසීලන්තය හා එංගලන්තය පළමු අවසන් පූර්ව තරඟය ලබන 10 වෙනිදා සහ 11 වෙනිදා දෙවන අවසන් පූර්ව තරඟය ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය තරඟ වැදීමට නියමිතය.
