fbpx
11.8 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මහමැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ඨ ජයක්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඔක්තෝබර් මස 17 වෙනිදා පැවැත්වුණු නවසීලන්තයේ මහමැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය නායකත්වය දරණ කම්කරු පක්ෂය ආසන 64ක් දිනාගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්ථා කර ඇත.

මෙම ආසන සංඛ්‍යාව අනුව කම්කරු පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවන අතර 1996 වසරේ හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් පසු මෙසේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයක් බලය ලබා ගත් පළමු අවස්ථාව මෙය වේ.

2017 වසරේ පැවැති මහමැතිවරණයෙන් ආසන 56ක් දිනාගත් ජාතික පක්ෂයට මෙවර හිමි වී ඇත්තේ ආසන 35ක් පමණි. ජාතික පක්ෂයේ නායිකා ජූඩිත් කොලින් මහත්මිය විසින් පරාජය පිළිගෙන ඇති අතර ඉදිරියේදී ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන බව ඇය පවසයි.

මේ අතර පසුගිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යධූරය දැරූ වින්ස්ටන් පීටර්ස් මහතා නායකත්වය දුන් නිව්සීලන්ඩ් ෆස්ට් පක්ෂයට කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකිවී ඇති අතර, ACT පක්ෂය සහ හරිත පක්ෂය ආසන 10 බැගින්ද මව්රි පක්ෂය එක් ආසනයක්ද දිනාගෙන ඇත.

Editor
Sri LankaNZ 
Community Newspaper  
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.