දීර්ඝ ඉතිහාසය ට උරුමකම් කියන Maori භාෂාව වර්ෂ 1350 කාලවල දී පොලිනීසියන් භාෂාවෙන් කැඩී ආවෙකි. සංක්‍රමිකයන් නවසීලන්තය ආගමනය කරන විට Maori භාෂාව ද ඔවුන් සමග නැව් ගත වී ඇත. ඔවුන් මෙය ඔවුනට උරුම දේව භාෂාව ලෙස හඳුන්වන අතර, ඒ තවදුරටත් තහවුරු කිරීම උදෙසා පහත උධෘත පාටය ගෙනහැර දක්වමි.
“Every language is a temple, in which the soul of those who speak it is enshrined.” Oliver Wendall- Holmes

Màori භාෂාව màori වරුන්ගේ වාග් විද්‍යාව වන අතර එය whakataki යන්න ප්‍රභේදයන් ගෙන් අනුගත වේ. එයින් අදහස් වන්නේ ඔවුනටම ආවේණික සංස්කෘතිකමය වටිනාකමක් ඇති භාෂාවක් ඔවුන්ට ඇති අතර එය බිළිඳකු පිළිසිඳ ගත් මොහොතේ පටන් ප්‍රේමවන්තයින් ප්‍රථම වරට ආදරයෙන් බැඳුණේ හා ඉන් ඔබ්බට ඔවුන් තම භාෂාව ආත්මය කොට සලකන බවයි. ඔවුන්ගේ ලේ නහර තුළ පවා ගමන් කරන මේ පූජනීය භාෂාව ඔවුන්ගේ ජීවිතය ආලෝකමත් කරන පහනක් වැනිය.
අතීතයේ පටන් ඔවුනොවුන් භාෂාව තුළ රඳා පවතින සාර්ථකත්වය අරබයා අදටත් භාෂාව රැක ගැනීමේ පිළිවෙත දරා මේ පිළිබඳ ඇති වගකීම ඉතා ඕනෑකමින් පහදා දෙන අතර නවසීලන්ත රජය විසින් අධ්‍යාපනික ක්‍රියාවලියට මව් භාෂාව ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඉන් ඔබ්බට භාෂාව සුරැකීමේ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට විවිධ අය සාර්ථක උත්සාහයක යෙදෙන්නෝය.
උදා හරණයක් ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී මෙන්ම උසස් අධ්‍යාපනය දී ද මෞරි භාෂාවට ප්‍රධාන තැනක් හිමිවේ. පොදු ස්ථානවල දී ද දුම්රිය බසය තුළදී මෙන්ම, එකිනෙකාට ආචාර කිරීමේ දී ද භාෂාව යොදා ගැනීම විශේෂත්වයක් ය. පුස්තකාල හා වෙනත් පොදු ස්ථානය තුළ මෞරි භාෂාමය පුවරු සවිකර තිබීම ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවය විදහා දැක්වීමට ගත් සාර්ථක ක්‍රියාමාර්ගයන් ය.
තවද තීරණාත්මක ශතක හතරක් අභිබවා ගමන්ගත් භාෂාව සමගම සංස්කෘතිකමය වටිනාකම් කරපින්නා ගත් මෞරි වරු ඔවුන්ගේ සංස්කෘතිමය යහපැවැත්ම ගතිගුණ ජීවන රටාව නවතම රාමුවක් තුළ පවත්වා ගැනීම උදෙසා විවිධාකාර වෙනස්වීමට භාජනය වෙමින්, ඊට අනුකූලව වෙනස් වෙමින් ඉදිරියට ඇදෙමින් සිටිති.
තවද භාෂාව යන්න හුදෙක් ම ලෝකයක් දැකීමකි. එය සැමටම පොදුය. ඔවුන්ගේ ලෝකය ඕනෑම තැනක සිට දැකිය හැකි වන වන අපූරු කැටපතක් ලෙස මවුරි භාෂාවද හැඳින්විය හැක. උදාහරණයක් ලෙස මෞරි භාෂාව ජාත්‍යන්තරයට ගෙන යාමේ එක් පියවරක් ලෙස rugby, cricket වැනි ක්‍රීඩාවන් සඳහා මවුරි භාෂාවෙන් විස්තර විචාරාත්මකව වැඩසටහන් ඉදිරිපත් කිරීම ජනප්‍රිය වෙමින් පවතී.
නවසීලන්ත ඉතිහාසය යාකරමින් වර්තමානයට අනුගතවෙමින් යන මේ ගමනේ සංස්කෘතික වටිනාකමකින් යුතු සෞන්දර්යාත්මක භාෂාවක් ලෙස ද මවුරි භාෂාව හැදින්විය හැක. හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ , වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින ඉංග්‍රීසි, මවුරි භාෂාවෙන්, නව හරයකින් යුතු සිංදු එළිදැක්වීමයි.
මවුරි භාෂාවේ දිගුකාලීන පැවැත්ම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම තිබීම නිසාම සෑම වසරකම, සැප්තැම්බර් මාසයේ ඔවුන් විසින් භාෂාමය වැදගත්කමින් යුතු දවස් හතක් සමරනු ලබයි. 2021 වසරේ සැප්තැම්බර් 13 සිට 19 යන සතිය Te Maori සතිය ලෙස නිරූපණය කිරීමේ, යුහුසුළු උත්සාහයක මුළු රටම යෙදුණු අතර නවසීලන්ත වැසියන් විසින් මෙය ඔවුන්ගේ පරම භූමිකාවක් ලෙස සලකනු ලැබීය.