fbpx
15.5 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාව T20 කුසලානයෙන් ඉවතට, නවසීලන්තයට තවමත් අවස්තාව

Must read

ICC T20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් පසුව , සුපිරි කණ්ඩායම් 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට හා පැවැති තරගයේදී විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් වුවද ඔස්ට්‍රේලියාවට, දකුණු අප්‍රිකාවට සහ එංගලන්තය හමුවේ ලද පරාජයන් නිසා එළබෙන බටහිර ඉන්දීය කොදෙව් තරගයෙන් පසු ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවේ. ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් පසුගිය තරග වලදී ලබා දුන් තරගකාරීත්වය බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

නවසීලන්ත කණ්ඩායම තම ප්‍රථම තරඟය පකිස්තනය හමුවේ පරාජයට පත් වුවද , ඉන්දියානු තරඟයෙන් අති විශිෂ්ට ජයක් ලැබීමත් පසුගිය පැවතුන ස්කොට්ලන්ත තරඟයෙන් ලැබූ ජයත් සමඟ තරගාවලියේ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දෙවන කණ්ඩායම යටතේ තරඟවදින පාකිස්තාන කණ්ඩායම අපරාජිතව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු රට බවට පත්වීමට සමත් වුණා.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම යටතේ විස්සයි-20 තරග අංශයේ ලොව හොඳම පන්දු යවන්නන් අතර අංක එකේ ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි.

Source: SL Cricket
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.