ආර්ථික අර්බුදයක් මධ්‍යයේ දීපව්‍යාප්ත විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් කලබලකාරී කාල පරිච්ඡේදයක් අත්විඳිමින් සිටින බවත් එය ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ දේශීය වශයෙන් ඉතා කැලඹිලි සහිත කාලයක් බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් පවසයි.
විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් පැය 36ක ඇඳිරි නීතිය සහ සමාජ මාධ්‍ය අවහිර කිරීමක් ද පනවන ලදී.
නවසීලන්ත විදේශ අමාත්‍ය Nanaia Mahuta ද මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළේ නවසීලන්තය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්, භාෂණයේ නිදහස සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය දැඩි ලෙස ආරක්ෂා කරන බවයි.
නවසීලන්තය ශ්‍රී ලංකාව අත්විඳින ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පැවසූ ඇය – සාමකාමී විසඳුමක් සඳහා දිගටම කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ට යෝජනා කළාය.
මෙම ශ්‍රී ලංකාවේ විරෝධතා ලොව පුරා අවධානයට ලක්ව ඇති අතර එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ඩයස්පෝරාව ද වීදි බැස තිබේ.